තරුණ පරපුරට බැණලා සාහිත්‍යය දියුණු කරන්න බෑ
පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්යවරයකු වන ලියනගේ අමරකීර්ති මහතා සම්මානනීය නිර්මාණ රචකයකු සේම විචාරකයකු ලෙස ද ප්රකටය. පරිවර්තකයකු, ශාස්ත්‍රීය කෘති රචකයකු, කවියකු, ළමා කෘති රචකයකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු වශයෙන් ඔහු මෙරට සාහිත්‍යයට අගනා කෘති පෙළක් දායාද කොටදී ඇත. ඔහු රචනා කළ ‘මම දැන් නිදමි’ කෙටිකතා සංග්‍රහයට රාජ්‍ය සාහිත්‍ය සම්මානය හිමිවූ අතර ඔහු ලියූ කුරුලු හදවත, අහම්බකාරක යන නවකතාවලට ස්වර්ණ පුස්තක සම්මානය හිමිවිය.