ආණ්ඩුවේ කරට වැටුණු අධ්‍යාපන අවුල අධ්‍යාපනය යනු අපේ රටේ කොඳු නාරටියයි. අන් සියල්ල ක්‍රියාත්මක වන්නේ අධ්‍යාපනය වටා ගෙතුණු උප විෂයයන් සේ ය. යටින්ම, පදනමේ ම ඇත්තේ අධ්‍යාපනයයි. අපේ රටේ අධ්‍යාපනය ගැන පිටරැටියෝ පවා මහත් ආඩම්බරයෙන් කතා කරති. 02 January 2026
දිට්වාගේ ආර්ථික සුනාමිය මෙවර කිවිදා දැක්ම ලියන්නට වී තිබෙන්නේ විශාල ස්වාභාවික විපතකින් පීඩාවට පත් රටක් පවතින මොහොතකය. නිවාස, ගොවිපොළ, පාසල්, වැසිකිළි, නිවාස, ජීවිත වැනි බොහෝ දේ එකම දින කීපයක දී විනාශ වී ගියේය. බිඳ වැටුණේය. 12 December 2025
දිට්වාට ඉඩදී ආණ්ඩුව කර ඇරියාද? මේ ව්‍යසනය සපුරාම නිර්මාණය කළ එකක් මිස ස්වාභාවික එකක් නොවේ. අහිමි වූ ජීවිත සහ දේපළවල වගකීම අදාළ පුද්ගලයන් පෞද්ගලිකව දැරිය යුතු නොවේද? එසේ කියන්නේ හුදු දේශපාලන චෝදනාවක් ලෙස නොවේ. දිට්වා සුළි කුණාටුව එන බව නොවැම්බර් 12 වැනි දා සිට විවිධ ක්‍රම ඔස්සේ අනතුරු අඟවා තිබුණි. 05 December 2025
මාලිමාවේ දේශපාලන පාරා වළල්ල ආණ්ඩුවේ ජනවරම ණයට ගත් එකකි. එහි අර්ථය ආණ්ඩුවටම ආවේණික උරුම ජන පදනමක් ඔවුන්ට නොතිබීමයි. ජනතා විමුක්ති පෙරමුණට ජන පදනමක් තිබේ. එහෙත් එය මැතිවරණ ජයග්‍රහණය කිරීම සඳහා ප්‍රමාණවත් නොවන්නකි. එය ඔවුන්ගේ කාඩරයයි. එහෙත් මෙවර ජනතා විමුක්ති පෙරමුණ, මාලිමාව වශයෙන් ඉදිරිපත් ව ජනතාව හමුවේ තැබුවේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති නොවේ. 21 November 2025
සල්ලි කැටේ පිරුණු රටේ අයවැය වත්මන් ආණ්ඩුවේ දෙවැනි අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. තවමත් ඒ පිළිබදව සිදු කෙරෙන පාර්ලිමේන්තු විවාදය නිමා වී නැත. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබදවය. 14 November 2025
ආණ්ඩුවේ රැඩිකල් සැත්කම් ජාතික ජන බලවේගය බලයට පත්වීමට පෙර නිරන්තරව පොරොන්දු වූවක් නම් තමන්ගේ ආණ්ඩුවක් යටතේ රාජ්‍ය ව්‍යවසාය අනිවාර්යයෙන්ම ලාබ ලබන තැනට ගෙන එන බවයි. 07 November 2025
ආණ්ඩුවේ වෙනස කොතැනද? ජනාධිපතිවරයා පත්වී වසරක් ගතවී ඇති අතර ආණ්ඩුව පත්වී වසරක් ගෙවෙන්නට ඇත්තේ දවස් 15කට ආසන්න කාලයකි. මේ ආණ්ඩුව තුනෙන් දෙකක ජනවරමකින් යුක්තව පත් වූයේ 2024 නොවැම්බර් 14වැනිදාය. 31 October 2025
අපරාධ මැඩීම දේශපාලන නාටකය ශ්‍රී ලංකාවේ සංවිධානාත්මක අපරාධවලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බවට විවාදයක් නැත. එහෙත් එය වේදිකාගත නාට්‍යයක් වන්නේ නම් ඉන් රටට අත්වන සෙතක් නැත. වර්තමාන “අපරාධ මර්දනයේ” සැබෑ අවධානය යොමුව ඇත්තේ අපරාධ මත නොව දේශපාලනය මත බව පෙනේ. 24 October 2025
ජිනීවාවලින් මතුවෙන අලුත් ප්‍රශ්න ජිනීවා හි පිහිටි මානව හිමිකම් කවුන්සලයේදී අප රට සම්බන්ධව තවත් අලුත් යෝජනාවක් සම්මත වූයේ පසුගිය සතියේය. මෙම යෝජනාවෙන් මූලික වශයෙන් කියැවෙන්නේ මීට පෙර සිටම මානව හිමිකම් කවුන්සිලය විසින් විවිධ අවස්ථාවල මෙරට තුළ පිහිටවන්නට උත්සාහ කළ ‘ජාත්‍යන්තර පරීක්ෂණ’ යෝජනාවේ තවත් එක් ඉදිරිපත් කිරීමක්ය. 17 October 2025
ලෝකයා මැද ලංකාව හුදෙකලා වීම ජාතික ජන බලවේගය විසින් මෙහෙයවන ලද මාලිමාව රජයේ පාලන සමයට මාස 12ක් ගත වී ඇඟට දැනෙන දෙයක් කර නැතත්, එහි මහාප්‍රාණ කතා, ජනප්‍රියවාදී සංදර්ශන සහ සදාචාරාත්මක ස්ථාවරවල නම් හිඟයක් ඇත්තේ නැත. වාචාලකම නිර්භීත ය: “අනෙක් අය බිඳ දැමූ දේ අපි නිවැරැදි කරන්නෙමු.” එහෙත් භූමි යථාර්ථය වඩාත් සංකීර්ණ කතාවක් කියයි. 10 October 2025
කෝප් කමිටුවට අලුත් බලතල අවශ්‍යද? මෙවර කිවිදා දැක්මෙන් මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් පාර්ලිමේන්තුවේ කෝප් (COPE) කමිටුව පිළිබඳවය. ඒ ගැන සාකච්ඡා කිරීමට සිතුණේ පසුගිය සතියේ එම කමිටුවේ වත්මන් සභාපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් නිසාය. 03 October 2025
ආණ්ඩුව හිරවුණු දූෂණ විරෝධය මාක්ස්වාදී විප්ලවවාදී දේශපාලනය මත පදනම් වූ පක්ෂයක් වන ජනතා විමුක්ති පෙරමුණ, මෑත දශක කිහිපය තුළ දේශපාලන සදාචාරයේ සහ දූෂණ විරෝධයේ හඬක් ලෙස ස්ථානගත විය. එය අහඹුවක් නොව, ජවිපෙ හිතාමතාම තමන් ස්ථානගත කිරීමකි. 26 September 2025
නේපාල අර්බුදයේ පාඩම නේපාලයේ බරපතළ ජනතා විරෝධයක් පැතිර ගියේය. එය නිමා වූයේ අගමැතිවරයාට ඉල්ලා අස්වී ගෙදර යාමට පාර කැපෙමිනි. රටේ ජාතික සම්පත් විශාල ප්‍රමාණයක්ද විනාශ විය. කත්මන්ඩු අගනුවර තරු පහේ හෝටල් විශාල සංඛ්‍යාවක් ගිනිබත් විය. දේශපාලනඥයන් මග දිගේ ඇදගෙන යමින් ඔවුන්ගේ නිවාස ගිනි තබන අවස්ථා රාශියක් අන්තර්ජාලය තුළ පෙන්නුම් කළේය. 19 September 2025
අරගලය - ආණ්ඩුව - මහින්දලා දකුණු ආසියාවේ තවත් රටක අරගලයක් සිදුවෙමින් තිබේ. ඒ නේපාලයේ ය. ලංකාව, ඉන්පසු බංගලාදේශය දැන් නේපාලයට අරගල ගින්න පැතිර ගොස් ඇත. ප්‍රතිඵලය කාටත් සුපුරුදු ය. තවත් හරසුන් ආණ්ඩුවක් බිහිවනු ඇත. 12 September 2025
ප්‍රභූ සමාජයට මාංචු දැමීම මෙවර කිවිදා දැක්ම තරමක් වෙනස් මාතෘකාවක් ගැනය. බරපතළ ආර්ථික කඩා වැටීමක සිටි රටක් ලෙසින් අපේ රටේ ඉරණම පිළිබඳව 2022-24 වසරවල බරපතළ ආකාරයෙන් කවුරුත් කතා කළෝය. බලශක්ති ස්වාධීනත්වයක් නැති රටක් වීම හේතුවෙන් නැවෙන් ඉන්ධන ගෙනෙන්නේ නැති තත්වයකදී සියලු අනෙකුත් ජීවිත අවශ්‍යතා හිරවීමකට ලක්වන බව ඉතාමත් පැහැදිලිය 05 September 2025
ආණ්ඩුවේ ඇදගෙන නෑම ආණ්ඩුව මේ අවස්ථාවේ දී මේ වැනි මුග්ධ ක්‍රියාවක් කරතැයි අපි සිහිනෙකිනුදු නොසිතුවෙමු. එහෙත් ආණ්ඩුවේ අතීත ක්‍රියා දෙස බලන විට පෙනී යන්නේ, ඔවුන් මේ වැනි දේ නැවත නැවතත් කිරීමේ හැකියාවක් පවතින බවය. බලයෙන් උද්දාමයට පත්ව තිබෙන ආණ්ඩුවකට කළ නොහැකි මෝඩකමක් නැත. 29 August 2025
ආණ්ඩුව සල්ලි අච්චු ගැසුවාද? මෙවර කිවිදා දැක්මට මාතෘකාව වන්නේ මේ දිනවල සමහරුන් මතු කරන ප්‍රධාන ප්‍රශ්නයක්ය. එනම් - ආණ්ඩුව අලුතින් මුදල් අච්චු ගැසුවාදැයි අසන ප්‍රශ්නයය. මේ කාරණය සමාජ මාධ්‍යවල මතුවූ අතර ආණ්ඩුව පාර්ශවයෙන් එයට පිළිතුරක්ද පාර්ලිමේන්තුවේදී දුන්නේය. නියෝජ්‍ය මුදල් ඇමැතිවරයාගේ පිළිතුර වූයේ 2023 අංක 16 දරන මහ බැංකු පනතට අනුව ‘‘ආණ්ඩුව කැමැති කැමැති වෙලාවට සල්ලි අච්චු ගහන්න’’ හැකියාවක් නැති බවයි. 22 August 2025
බොරුවට පණදීමේ ආනිසංස වර්තමාන මාලිමා ආණ්ඩුව යනු යහපාලන ආණ්ඩුවේ තාර්කික අවසානයයි. බොරුව සමාජගත කිරීම හරහා දේශපාලන බලය ලබා ගැනීම ආරම්භ වූයේ එම ආණ්ඩුවත් සමගයි. සිත්ගන්නා සුළුම කාරණය වන්නේ, වර්තමාන මාලිමා ආණ්ඩුව නියෝජනය කරන ජනතා විමුක්ති පෙරමුණ යහපාලන ආණ්ඩුවේ ප්‍රධාන කොටස්කරුවකු ද වීමය. 15 August 2025
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කොයිබටද? අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධව විශාල සාකච්ඡාවක් මේ දිනවල යළිත් මතුවී ඇත. එයට හේතුව වී ඇත්තේ අධ්‍යාපන ඇමැතිතුමිය ආරම්භ කර ඇති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මාලාවක් යැයි කියවෙන අදහස් ගණනාවක් සමාජගතවී තිබිමය. මේ අදහස් මාලාව නිශ්චිත කැබිනට් පත්‍රිකාවක් හරහා ඉදිරිපත් වී නැතත් සමාජය පුරා සැරිසරන ‘පවර් ෆොයින්ට් ප්‍රසන්ටේෂන් එකක්’ මේ සාකච්ඡාවල පදනම බවට පත්වී තිබේ. 25 July 2025
බහාලුම් සිද්ධියේ අපකීර්තිය මාලිමා ආණ්ඩුව කෙතරම් අකාර්යක්ෂම ද යන්න සහ තම ප්‍රමුඛතා හඳුනාගෙන නැති ද යන්න පෙන්වන සිද්ධියක් පසුගිය සතියේ වාර්තා විය. එක්සත් ජාතීන්ගේ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අයත් මෙරටට අතිශය වැදගත් පර් යේෂණ නෞකාවක් ලංකාවට ඒමට අවසර ඉල්ලා සිටියේ ය. අදාළ ඉල්ලීම ඍජුවම ජනාධිපතිරයාට යොමු කර තිබූ අතර ජනාධිපතිවරයා විසින් නෞකාව ඉල්ලා සිටි අවසරය ලබා නොදීමට මුලින් කටයුතු කර තිබුණි. 04 July 2025
කෘෂි ආර්ථික ගමන්මග කොයිබටද? ජාත්‍යන්තර දේශපාලනයේ මතුවී තිබෙන සංකීර්ණ යුදමය තත්වය යම් තරමකින් අඩු වෙමිනල් පවතී. රුසියානු - යුක්ක්රෙන ගැටුම එක පසෙකිනුත් ඊශ්‍රායල් - ඉරාන ගැටුම තව පැත්තකිනුත් උත්සන්නවීම නිසා ලෝක ආර්ථියට බරපතළ බලපෑමක් සිදුවන්නට පටන් ගත් බව නොරහසකි. 27 June 2025
ශ්‍රී ලංකාවේ ආර්ථිකය කඩා වැටේද? ඉරාන - ඊශ්‍රායල් යුද්ධය එන්න එන්නම උත්සන්න වන බවක් පෙනී යමින් තිබේ. මේ වන විට ඇමරිකාව ද ඊට ප්‍රවේශ වන සෙයක් ජනාධිපති ට්‍රම්ප්ගේ ඇතැම් ප්‍රකාශවලින් පැහැදිලි වෙමින් ඇත. ඒ කුමක් වුවද මෙම අර්බුදය දුරදිග යාම යනු ලංකාව වැනි රටකට කිසිසේත්ම දරාගත නොහැකි ප්‍රතිවිපාක ගෙන එන්නකි. මෙම ලිපිය තුළ අපි මෙම අර්බුදය පිළිබඳ මූලික කාරණා සහ එය ලෝකයට සහ අපට බලපාන ආකාරය සාකච්ඡා කරමු. 20 June 2025
ආර්ථිකය මෙහෙයවීමේ නියම මග මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ තරමක් දුරට න්‍යායික පදනමක් සහිත කාරණයක් පිළිබඳවය. ඒ කියන්නේ රටේ දේශපාලනයේ දිශානතිය පිළිබඳව මූලධාර්මික (Fundamental) කාරණා කීපයක් පිළිබඳවය. 13 June 2025
අධ්‍යාපනයේ උත්තර නැති පරණ ප්‍රශ්න කොතලාවල විශ්වවිද්‍යාලයයේ වෛද්‍ය පීඨයට දේශීය සිසුන් බඳවා ගැනීම නවතා දමන බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තූවේ දී පසුගිය දා ප්‍රකාශ කළේ ය. ලංකාවේ මුළු අධ්‍යාපන ක්ෂේත්රය ම වික්ෂිප්ත කරමින් ගත් එම තීන්දුව තරම් නොගතයුතු තීන්දුවක් ලංකා ඉතිහාසයේ අන් කිසිදු දිනක ගෙන නැත. 06 June 2025
ආණ්ඩුවේ ගමන්මග සාර්ථකද? රටේ දේශපාලනයේ අවිනිශ්චිත බවත් සෑම පැත්තකින්ම පෙන්නුම් කරමින් තිබේ. වර්ජන රැල්ලක් එක පැත්තකින් මතු වී ඇති අතර තවත් පැත්තකින් ආණ්ඩුවට විරුද්ධව යන සමාජ මාධ්‍ය විවේචන වැඩි වී ඇත. මේ විරෝධතා මතුවීම්වලට සාපේක්ෂව ආණ්ඩුවේ වැඩ සටහන්ද තවදුරටත් පෙන්වන්නේ යම් ආකාරයකින් දිගටම දුර්වල අන්තයකට ගමන් කරන ආකාරයක් ය. 30 May 2025
යුද්ධයේ තීරණාත්මක හැරවුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙවර රණවිරු සමරුවට සහභාගිවීමට සැලසුම් කර නොසිටියේ ය. ඒ බව ආණ්ඩුව මෙම උත්සවයේ සූදානම පිළිබඳ කළ ප්‍රකාශවලින් ම පෙනේ. රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා උත්සවයට දින දෙකකට පෙර මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් ප්‍රකාශ කළේ උළෙල පැවැත්වෙන්නේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයාගේ ප්‍රධානත්වයෙන් බවයි. 23 May 2025
පුංචි ඡන්දයේ පරාජිතයා කවුද? පළාත් පාලන ඡන්දය නිමාවට පත් වී ඇත. ඒ මැතිවරණයේ ප්‍රතිඵල මගින් පෙන්වන්නේ පසුගිය මහ මැතිවරණයේ තිබූ ජනමතය බරපතළ ආකාරයෙන් වෙනස්වී ඇති බවයි. ඒ වෙනස වඩාත් තීරණාත්මක ආකාරයෙන් පෙන්නුම් කරන්නේ ආණ්ඩුව කරවන ජාතික ජන බලවේගය සම්බන්ධ කාරණා දෙස බල විටය. 16 May 2025
ඡන්දයෙන් විවර වූ ජනමනස මාලිමා ආණ්ඩුව මෙවර පළාත් පාලන මැතිවරණ ප්රචාරක කටයුතු කළේ එය පළාත් පාලන ඡන්දයක් ලෙස ගනිමින් නොව, ජාතික මැතිවරණයක් ලෙස සිතමිනි. ජනාධිපතිවරයා රටපුරා ගොස් රැස්වීම් ඇමතූ අතර, දියත් කර තිබූ ප්රචාරක ව්‍යාපාරය දැවැන්ත එකකි. රැස්වීම් සඳහා කෝටි ගණන් වියදම් කරන්නට ඇති බව පෙනේ. 09 May 2025
කී දේ වෙනුවට නොකී දේ වරනැගීම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට ඇත්තේ තව දින හතරකි. වසර 03කට ආසන්න කාලයක් තිස්සේ කල් දමමින් තිබූ ප්‍රාදේශීය සභා, නගර සභා ඡන්දය පවත්වන්නට තීරණය කිරීම ඉතාම හොඳ වැඩක්ය. 02 May 2025
ඉහළින් ගිලිහුණු උළෙල මෙවර අලුත් අවුරුදු උළෙල විශේෂයක් ගත්තේ ය. ඒ අන් කවරදාකවත් නොදුටු පරිදි රාජ්‍ය සහ මෙරට මහා සංස්කෘතික මංගල්‍ය අතර සම්බන්ධය ගිලිහී යාම ය. මෑත ඉතිහාසයේ සෑම අවුරුදු උළෙලකදීම අප දුටුවේ රටේ ජනාධිපතිවරයා අවුරුදු නැකැත්වලට ඉතා උනන්දුවෙන් සහභාගී වීම ය. 25 April 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026