අර්බුදයට විසඳුම බහුතරය ද
රට තුළ ඇතිවී තිබෙන අර්බුදය කුමක්ද? එය පාර්ලිමේන්තුව, පාර්ලිමේන්තුවේ බහුතරය, ජනාධිපති, අගමැති, ආණ්ඩුව සහ විපක්ෂය යන අංශවලට අදාළ හෝ ඒ අංශ අතර ඇති අර්බුදයක් ලෙස හුවාදැක්වීම අතිශයින්ම පටු තේරුම් ගැනීමකි. එසේම එය මෙරට දේශපාලන පක්ෂ යැයි හඳුන්වා ගන්නා බල-කල්ලි අතර අර්බුද්යක් පමණක් ද නොවේ. මේ අර්බුදය ඒ කිසිවකට වඩා ජාතියක් මුහුණදී සිටින ජාතික අර්බුදයේ පිළිබිඹුවකි. එනම් ජාතික අර්බුදයකි.