IMG-LOGO

2025 නොවැම්බර් මස 26 වන බදාදා


රෝහිත ඇතුළු 20 ක් නැවත පොහොට්ටුවට

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් (පොහොට්ටුව) ඉවත්වූ හිටපු අමාත්‍යවරු සහ මන්ත්‍රීවරු ඇතුළු එම පක්‍ෂයේ හිටපු ප්‍රබලයන් 20 කට අධික පිරිසක් ලබන ජනවාරි මස නැවතත් එම පක්‍ෂයට එකතු වන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා අද (25) ‘ලංකාදීප’යට පැවසීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට තමන් අනිවාර්යෙන්ම එකතු වන බවත් එම පක්‍ෂයට නැවත එකතු වීමට එම පක්‍ෂ බලධාරීන් සමඟ මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවත් අබේගුණවර්ධන මහතා කීය.

පොදුජන පෙරමුණෙන් පසුගිය මහ මැතිවරණයට පෙර ඉවත්වූ ප්‍රබලයන් 20 කට අධික සංඛ්‍යාවක් තමන් සමඟ එකට සිටින බව කී රෝහිත අබේගුණවර්ධන මහතා එම පිරිස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ මහතා සමඟ නාරාහේන්පිටදී පැවැති සාකච්ඡාවට ද සහභාගි වූ බව ද සඳහන් කළේය.

හිටපු අමාත්‍යවරු වන පවිත්‍රා වන්නිආරච්චි, රමේෂ් පතිරණ සහ චින්තක මායාදුන්නේ ඇතුළු පිරිසක් සිටින අතර එම පිරිස නැවත පොහොට්ටුවට එකතු වීමට බලාපොරොත්තු වන බවත් එම පිරිසෙන් තමන්, රමේෂ් පතිරණ ආදි හිටපු අමාත්‍යවරු ඇතුළු වැඩි සංඛ්‍යාවක් පසුගිය 21 වැනිදා පැවැති විපක්‍ෂයේ ජන රැළියට ද සහභාගි වූ බවත් හිටපු අමාත්‍යවරයා කීය.

තමන් කිසිඳු අවස්ථාවක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් නොවූ අතර පසුගිය මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරීපත්වීමට සුදුසුම තීරණය ගෙන ‘සිලින්ඩරය’ ලකුණෙන් තරග කළ බවත් එම මහ මැතිවරණයට කළුතර දිස්ත්‍රික්කයෙන් ‘පොහොට්ටුව’ ලකුණින් තරග කළ ලැයිස්තුවට වඩා ‘සිලින්ඩරය’ ලකුණින් තරග කළ කණ්ඩායම ප්‍රබල වීම නිසා එකම මන්ත්‍රී ධුරයට පත්විමේ අවස්ථාව ලැබුණු බවත් හෙතෙම පැවසීය.

 



අදහස් (0)

රෝහිත ඇතුළු 20 ක් නැවත පොහොට්ටුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 111 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 195 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1059 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site