විකෘති කළ ඉතිහාසයේ යථාර්ථය මෙවර කිවිදා දැක්ම ලියන්ගේ ජනාධිපතිවරණයට දින 30ක් ඉතිරිව තිබෙන පරිසරයකය. මෙවර ජනාධිපතිවරණය ඉතාමත් තීරණාත්මක එකක් බව කාටත් පැහැදිලිය. ඒ තීරණාත්මක බව කථා කරන්නට යන සමහරුන් කියන්නේ 1948 න් පසු සම්පූර්ණ කාලයම රටේ කිසිම දෙයක් සිදුවුණේ නැති බවය. මගේ තේරුම් ගැනීමට අනුව මේ මතය සම්පූර්ණයෙන්ම වැරදිය. 23 August 2024
ඡන්දයෙන් රට හැරෙන දිසානතිය හදිසියට අතමාරුවකට ඉල්ලාගත් මුදලක් ආපසු ගෙවීම ප්‍රමාද වන්නේ නම් එම මුදල ලබාදුන් පුද්ගලයා ඒ පිළිබඳ සොයා බැලීම සහ එය ආපසු ගෙවන ලෙසට ඉල්ලීමක් කිරීම ස්වභාවික යුක්ති ධර්මයට එකඟ ය. මුදල කෙතරම් සුළු වුවත් ඒ ගැන සොයා බලා එය ආපසු අයකර ගැනීමට සුදුසු පියවරක් ගැනීමට කිසිවකුත් පැකිලෙන්නේ නැත. 09 August 2024
ජනමත වාසියේ ඉසව්ව 2022 වසරේ පොදුජන පෙරමුණ ඉතාම අභියෝගකාරී දේශපාලන තීන්දුවක් ගත්තේ ය. ඒ පාර්ලිමේන්තුවේ තනි මන්ත්‍රීවරයකුව සිටි රනිල් වික්‍රමසිංහ ජනාධිපති ධුරයට පත්කිරීමෙනි. ඇත්තම ඒ අභියෝගකාරී වන්නේ ඔහු තනි මන්ත්‍රීවරයකු වූ නිසා පමණක් නොවේ. තවත් හේතු කීපයක් නිසාය. අංක එක වන්නේ පොදුජන පෙරමුණේ දේශපාලන පසමිතුරා වූයේ රනිල් ය. 02 August 2024
ජනාධිපතිවරණ සටන් පාඨය කුමක් වේද? ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය තවමත් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නැත. නොනිල වශයෙන් කියවෙන්නේ සැප්. 21 දිනයේ එය පැවැත්වෙන බවය. කොහොමටත් ජුලි 17 දිනෙන් පසුව ඉදිරි දවස් කීපයේදී එම දිනය ප්‍රකාශයට පත් කිරීමේ නෛතික ඉඩ මැතිවරණ කොමිසමට ලැබී ඇත. මෙවර ජනාධිපතිවරණය අන් කවරදාකටත් වැඩියෙන් වැදගත් හා තීරණාත්මක එකක් වනු ඇතැයි බොහෝ අයගේ අදහසය. 26 July 2024
ජාතිකත්වය හිස ඔසවන ලෝකය ඩොනල්ඩ් ට්‍රම්ප්ට වෙඩි තැබීම මේ වන විට එරට රහස් සේවයේ පූර්ණ අසමත්කම මත වූවක් බව තහවුරු වී තිබේ. ඒ අනුව රහස් සේවයේ ප්‍රධානී කිම්බලර් ශියැට්ල් වෙත ධුරයෙන් ඉවත්වන ලෙස හැම අතින්ම පීඩනය එල්ල වී ඇත. කෙසේ වෙතත්, තම අපේක්ෂකත්වය පවා දැඩි අභියෝගයට ලක්ව ඇති ජනාධිපති ජෝ බයිඩන් ප්‍රකාශ කළේ තමාට ඇය පිළිබඳ පූර්ණ විස්වාසය තිබෙන බවයි. 19 July 2024
ජනපති අපේක්ෂක අභියෝග මේ රටේ පුරවැසි අප ගත කරමින් සිටින්නේ රටේ දේශපාලනයේ තීරණාත්මක කාලයක්ය. මීළඟ ජනාධිපතිවරණයේ දින වකවානු ප්‍රකාශයට පත් කිරීමේ කාලය ආරම්භ වෙමින් පවතී. ලබන 17 වැනි දිනෙන් පසු කාලයේ මැතිවරණ කොමිසමට නීත්‍යනුකූලව ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කිරීමේ අවකාශය ලැබී ඇත. 12 July 2024
අදට ගැලපෙන බලවේගයක අවශ්‍යතාව ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාව නීත්‍යානුකූල නොවන ලෙස බංකොලොත් බව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු මතු වූ රට ගොඩ ගැනීමේ සංවාදය අද වන විට දේශපාලනයේ ප්‍රමුඛත්වය අත්පත් කරගෙන ඇත. මේ වන විට සුබාරංචි හා අසුබාරංචි පිළිබඳ තැනක එම සංවාදයේ මුහුණත දක්නට ලැබේ. මේ තීව්ර හා ගතික සංවාදය තුළ බොහෝ අය කතා කරන්නේ කොළේ වහගෙන ය. 05 July 2024
දේශපාලනයේ ආර්ථිකයේ සුබ අසුබ මේ දිනවල රටේ සමහර තැන්වල ප්‍රදර්ශනය වූ පෝස්ටරයකින් කියවුණේ ‘සුබ ආරංචියක්’ එන බවයි. සාමාන්‍යයෙන් ඉතිහාසයේ ‘සුබ ආරංචි’ කතාව තිබුණේ කතෝලික දේවධර්ම ඉගැන්වීම් තුළ දැක්වෙන සුබ ආරංචිය පිළිබඳ දේශනාව තුළය. එහෙත් මේ දිනවල පෝස්ටර් ගසා සමහරුන් විසින් ප්‍රසිද්ධ කරන්නට හදන්නේ එවැනි ආගමික සුබ ආරංචියක් නොව දේශපාලන සුබ ආරංචියක් පිළිබඳවය. 28 June 2024
මිහිඳු හිමි ශිෂ්ඨාචාරයෙන් රට යළි පුබුදුවමු මිහිඳු මාහිමියන් ලංකාවට වැඩම වීම මෙරට මිහිඳු ශිෂ්ටාචාරයක් සඳහා පදනම දැම්මේ ය. අප අද සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය බවට හඳුනා ගන්නා අපගේ සියලු භෞතික හා ආධ්‍යාත්මික වටිනාකම් උත්පත්තිය ලබන්නේ එම පදනමේ අලෝකය ලබමිනි. මිහිදු ශිෂ්ටාචාරය කොතරම් ප්‍රබල එකක් වූයේ ද යන්න අපට අනුරාධපුර හා පොළොන්නරුව වැනි රාජධානිවල දැනට ඉතිරිව තිබෙන බෞද්ධ ස්මාරකවලින් හඳුනාගත හැකි ය. 21 June 2024
රටට ඔබින ආර්ථික දැක්මක් ජනාධිපතිවරණය කැඳවීම සඳහා ව්‍යවස්ථාවෙන්ම මැතිවරණ කොමිෂන් සභාවට ලබාදී තිබෙන බලයට අනුව ලබන මාසයේ (ජූලි) 17 වැනිදායින් පසුව රටේ ක්‍රියාකාරීත්වය ඒ සඳහා ගොනු වෙන්නට නියමිතව ඇත. ඒ කියන්නේ මෙතැන් සිට දළ වශයෙන් සති 04 කින් පසුව රට මැතිවරණ ක්‍රියාදාමයකට යටත් වෙනු ඇත. 14 June 2024
මෝදි සුළඟ ලංකාවට කෙසේ හමයිද? තුන්වැනි වරට ද පත්වන නායකයකු ලැබිය හැකි උපරිම ජයග්‍රහණය ලබා ගැනීමට ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි පෙරේදා (ජූනි 5) සමත් වූවේ ය. ඇතැම් මාධ්‍ය විසින් උලුප්පා තිබුණේ මෝදි පරාජිත ජයග්‍රාහකයකු ලෙසිනි. ඇත්ත වශයෙන්ම එය කරුණු නිසි පරිදි නොදැන හෝ හිතාමතා කරුණු විකෘති කරමින් කළ අර්ථකථනය. ඇතැම්විට ඔවුන් මෝදිගේ ජයග්‍රහණ අපකීර්තිමත් කිරීමට සිතුවා විය හැකිය. 07 June 2024
හදිසි පනත් වැස්සක් මෙවර කිවිදා දැක්ම ලියන්නට සිදුවී තිබෙන්නේ රටේ ප්‍රධාන දේශපාලන මාතෘකා රාශියක්ම මතුවී තිබෙන පරිසරයකය. ඒවායින් එකක් වන්නේ පාලිත රංග බණ්ඩාර මහතා විසින් ජනාධිපතිවරණය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයයි. ඒ ප්‍රකාශයට මේ වනවිට විශාල විරෝධයක් රට තුළින් මතුවී ඇති අතර එය එජාපයේ ප්‍රකාශයක් නොවන බවටද වෙනත් නායකයන් විසින් ප්‍රකාශ නිකුත් කරන්නට පටන් ගෙන තිබේ. 31 May 2024
සංස්කෘතික විප්ලවයක අවශ්‍යතාව ලෝක පූජිත භෞතික විද්‍යඥ සහ සාපේක්ෂතා න්‍යායේ නිර්මාතෘ ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ සුප්‍රකට ප්‍රකාශයක් පහත එන පරිදි ය. “නූතන ලෝකයේ විද්‍යාත්මක අවශ්‍යතා සමග පෑහෙන යම් ආගමක් තිබේ නම් ඒ බුදු දහම පමණි” අයින්ස්ටයින් ගැඹුරින් බුදු දහම හැදෑරූ අයෙකි. 24 May 2024
ජනපතිවරණ පොරපිටියේ සංවාද තේමාව රට මැතිවරණ කාලයකට ගමන් කිරීම මේ වනවිටත් ආරම්භ වී ඇත. මැතිවරණ කොමිෂන් සභාව මේ පිළිබඳව ප්‍රකාශයක් කර තිබුණි. ව්‍යවස්ථාව ප්‍රකාරව මේ වර්ෂයේ ජූලි මස 17 වැනිදා සිට ආරම්භ වන මාස 03ක් තුළ ජනාධිපතිවරණයක් සඳහා අවශ්‍ය කටයුතු සංවිධානය විය යුතුයි. ඔක්තෝබර් 17 වැනි දිනට පෙර නව ජනාධිපතිවරයා පත්කර ගත යුතුය. 17 May 2024
මුලින්ම ජනපතිවරණයද? මහ මැතිවරණයද? විධායක ජනාධිපති ධුරය හා සසඳා බලන විට රටක ජනතාවගේ ජනමතය වඩාත් නිවැරදිව සමීප ලෙස නියෝජනය වන්නේ පාර්ලිමේන්තුව මාර්ගයෙන් බව අමුතුවෙන් කිවයුතු නොවේ. මන්ද ජනාධිපති ධුරය සඳහා පුරවැසියා ඡන්දය ප්‍රකාශ කිරීමේ දී, අදාළ අපේක්ෂකයා සම්බන්ධයෙන් තිබෙන කැමැත්තට වඩා ඇතැම් විට වෙනත් අපේක්ෂකයකු පිළිබඳ තිබෙන අකැමැත්ත ද බලපාන තත්වයක් තිබේ. 10 May 2024
ජනපතිවරණයේ තේමාව ආර්ථිකයද? මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප්‍රධාන පක්ෂ කීපය උත්සාහ කර තිබුණේ තම තමන්ගේ බලය පෙන්වීමේ අවස්ථාවක් බවට එය පත්කර ගැනීමට ය. මීට පෙර කාලවල මැයි දින රැස්වීම් පැවැත්වුණේ පිට්ටනිවල ය. එහෙත් මේ වසරේ ප්‍රධාන මැයි දින සැමරුම් පැවතියේ මහ පාරේ ය. 03 May 2024
සංවර්ධනය පස්සට දාන සටන් පාඨ උමා ඔය ව්‍යාපෘතිය විවෘත කිරීමට නියමිත ව තිබුණේ 2015 දී ය. එහෙත් එය සැබැවින්ම විවෘත කළේ පෙරේදා ය. එනම් විවෘත කිරීමට නියමිත වසරට වඩා වසර 9කට පසු ය. කෙනෙක් ලංකාව අද මෙතැන තිබෙන්නේ ඇයිදැයි යන ප්රශ්නය ඇසුවහොත් පිළිතුර මෙහි තිබේ. 26 April 2024
ප්‍රගති මාවතේ අභියෝග සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව හේතුවෙන් රටේ දේශපාලන ක්ෂේත්රයේ යම් ආකාරයක නිශ්ශබ්දතාවක් තිබෙන බව පැහැදිලිය. එහෙත් මැයි 01 වෙනිදාට පැවැත්වෙන දේශපාලන රැස්වීම් සඳහා දේශපාලන පක්ෂ සූදානමින් සිටින බව පෙන්නුම් කරමින් තිබේ. මෙවර මැයි පළමු වැනිදා යනු ජනාධිපතිවරණයට පෙර පැවැත්වෙන ප්‍රධාන දේශපාලන ‘ශක්තිය’ පෙන්වීමේ අවස්ථාවක් බැවින් එම රැස්වීම් ‘‘පුළුවන්තරම් ලොකුවට’’ කරන්නට ඒ ඒ පක්ෂ සූදානම්වීම තේරුම් ගත හැකි තත්වයකි. 19 April 2024
සීරුවෙන්! නැව මාරයෙක් මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට සිදුවී තිබෙන්නේ පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. නිකම්ම නිකං පරිසර ප්‍රශ්නයක් ගැන නොව මෙරට මුහුදු තීරණයට බරපතළ හානියක් සිදුවිය හැකි පරිසර ප්‍රශ්නයක් පිළිබඳවය. මේ පරිසර ගැටලුව සම්බන්ධ වන්නේ ශ්‍රී ලංකාවට අයිති සාගර කලාපයටය. මීට පෙර කාලවලද සාගරයේ ජලය දූෂණය වීම කෙරෙහි බලපාන ලද නැව් අනතුරු කීපයක්ම සිදුවූ බව සමහරුන්ට මතක ඇත. එයින් එකක් වන්නේ xpress perl නෞකාවේ අනතුරය. 05 April 2024
සත්‍යයට පිටුපෑමේ ආදීනව “රාජපක්ෂල ගැන ආපහු කතා කරල වැඩක් නැහැ. රාජපක්ෂල ඉවරයි” මෙය මේ දිනවල බොහෝ දේශපාලනඥයන් විසින් කරනු ලබන ප්‍රකාශයකි. රාජපක්ෂලාගෙන් ගොඩගිය අය මෙන්ම එසේ නොවන අය ද මේ වැනි ප්‍රකාශ කරති. රාජපක්ෂලා ඉවර නම් එය නිවේදනය කිරීමට මේ තරම් පරිශ්‍රමයක් දරමින් ප්‍රකාශ නිකුත් කරන්නේ ඇයි? ජන හදවත් තුළ රාජපක්ෂලා ඉවර නැති බව ඔවුන්ගේ යටි හිත දන්නේ ද? 29 March 2024
බලයේ තත්වයේ හෑල්ලුව මේ සතියේ කිවිදා දැක්ම තුළ සාකච්ඡා කළ යුතු යැයි සිතෙන කරුණු කීපයක්ම තිබේ. මෝදු වෙමින් පවතින ජනාධිපතිවරණ සාකච්ඡාව එවැනි එකක්ය. ඉදිරියට එන්නේ ජනපතිවරණයක් නොව මහ මැතිවරණයක් යැයි කියන පිරිසක් ද සිටිති. ඒ අදහස ගැනත් සාකච්ඡා කිරීම වැදගත්ය. රටේ ආර්ථික තත්වයේ වත්මන් ස්වභාවය ගැන ද කථා කිරීම කාලෝචිතය. එහෙත් මා මේ සතියේ ලියන්නට බලාපොරොත්තු වන්නේ මේ එකක්වත් ගැන නොවේ. 22 March 2024
කුමන්ත්‍රණ කතාවට එකතුවක් “ජනාධිපති ධුරයෙන් මා නෙරපීමේ කුමන්ත්‍රණය” නැමැති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අතින් ලියැවුණු කෘතිය පැති කිහිපයකින් රටේ අනාගතය ගැන සිතීමේ දී වැදගත් වන්නේය. එම කෘතිය ධුරයෙන් පහ කළ ජනාධිපතිවරයාගේ ප්රත්යක්ෂ අත්දැකීමකි. 15 March 2024
මූල්‍ය විනය අවුල්කළ තීන්දුවක් මේ දිනවල දේශපාලන ක්ෂේත්රයේ මතුවී තිබෙන එක් මාතෘකාවක් වන්නේ මහ බැංකුවේ කාර්ය මණ්ඩලයේ අති විශාල වැටුප් වැඩි කර ගැනීම පිළිබඳවය. 2023 වර්ෂයේ සිට මහ බැංකුව පාලනය වන්නේ නව පනතින් වන අතර එම පනත මගින් මහ බැංකුවේ අයිතිය රාජ්‍යයෙන් ඉවත් කර තිබෙන ගානට වැඩ කෙරෙමින් පවතින බවද පෙනෙන්නට පටන් ගෙන තිබේ. මේ පඩි වැඩිවීම සිදුවන්නේ එවැනි තත්වයකය. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ ගැනය. 08 March 2024
එදා - මෙදා තීන්දුවල ඇදකුද 2022 අප්‍රේල් මස 12 වැනි දින රට බංකොලොත් බව ප්‍රකාශ කළ ශ්‍රී ලංකා මහබැංකුවේ අධිපතිවරයා රටෙන් ඉල්ලා සිටියේ පටි තදකර ගන්නා ලෙස ය. එහෙත්, එසේ ඉල්ලූ ඔහු රට තාමත් බංකොලොත්ව තිබෙන අවස්ථාවක තම තමන්ගේ පෞද්ගලික වැටුප් ඉතිහාසයේ අන්කිසිදු අවස්ථාවක නැති ආකාරයෙන් වැඩිකර ගැනීම අප කෙසේ තේරුම්ගත යුතු ද? 01 March 2024
ඉන්දු - ශ්‍රී ලංකා සබඳතා විමර්ශණයක් මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඉතාමත් සංවේදී කාරණයක් පිළිබඳවය. ලංකාව සහ ඉන්දියාව අතර තිබෙන සම්බන්ධතාව පිළිබඳව විවිධ ආකාරයේ සාකච්ඡා අතීතයේ සිටම සිදුවී තිබේ. එහෙත් ඉන්දීය හා ශ්‍රී ලාංකීය සම්බන්ධතාව පිළිබඳව මෙවර මතුවී ඇත්තේ මෙතෙක් තිබූ සාකච්ඡාවලට වඩා වෙනස් කථාවක්ය. පසුගිය සතියේ සිට මේ අලුත් කථා බහ ඇති වෙන්නට හේතු වූයේ රජයේ එක් ඇමතිවරයකු ඉන්දියාවේ මුම්බායි නගරයේ සිට කළ ප්‍රකාශයක් නිසාය. මේ ඇමතිවරයා ඉන්දියානු ඇමතිවරයෙක් යැයි වැරදියට වටහා ගත යුතු නැත. 23 February 2024
බලවතුන්ගේ තරග මැද තැලෙන අපි ශ්‍රී ලංකාවට පසුගිය පෙබරවාරි 3 වැනිදා පැමිණි ඉන්දියානු සබ්මැරීනයක් නැවත ඉන්දියාව බලා පිටත් වූයේ 5 වැනිදා ය. කාර්ය මණ්ඩලය 53 දෙනකුගෙන් යුතු එය ලංකාවට ඉතා උණුසුම් ලෙස පිළිගැනීමට මෙරට බස්නාහිර පළාත බාර නාවුක මූලස්ථානය ක්‍රියා කළේය. 16 February 2024
තතු නොදැන ණයට කා සතුටුවීම ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව වාර අවසාන කරනු ලැබුවේ පසුගිය ජනවාරි මස 26 වැනිදාය. එය නැවතත් රැස් වුණේ මේ සතියේ බදාදා (07)ය. මෙවර කිවිදා දැක්මෙන් මා සාකච්ඡා කරන්නේ ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ප්‍රකාශ කථාව පිළිබඳවය. 09 February 2024
ජනතාව අන්දවා රැවටීම ගුවන් යානයක් ගුවන්තොටුපොළක සිට ඉහළට එසවීම මෙන්ම එය ගොඩබෑම ද අතිශය භාරධූර කටයුත්තක් වන නිසා ස්වයංක්‍රීය තාක්ෂණය දියුණු ලෝකයේ පවා තාමත් එම කාර්ය දෙකම කරනු ලබන්නේ මිනිස් ගුවන් නියමුවකු විසින් ය. මිනිස් ජීවිත සිය ගණනක ජීවිතවලට වගකියන එම ක්‍රියාව ස්වයංක්‍රීය පද්ධතියට බාරදීම නොකරන්නේ නිර්මාණශීලී මිනිස් නායකත්වය එහි දී අත්‍යවශ්‍ය බැවිනි. 02 February 2024
ඔන්ලයින් පනතේ ඇති තතු රටේ සමාජ, ආර්ථික සහ දේශපාලන ක්ෂේත්රයට බරපතළ ලෙස බලපානු ලබන නව නීතියක් මේ සතියේ පාර්ලිමේන්තුව විසින් සම්මත කරනු ලැබීය. එම නීතිය වන්නේ ‘මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත’ ය. ඔන්ලයින් පනත ලෙසින් මේ දිනවල මාධ්‍ය හැඳින් වූයේ මෙම නීතියයි. 26 January 2024
සියරට මගෙ රට සිරිසැප මේ දිනවල යුද්ධයක පැටලී සිටින ඊශ්‍රායලය වසරකට ආහාර සහ සෙසු කෘෂිකාර්මික භෝග අපනයනයෙන් වසරකට ඩොලර් බිලියන 2.45ක් උපයයි. කාන්තාර බිමක් වන් එම රට ජලය පවා ලබා ගන්නේ මුහුදු ජලයේ ලවණ ඉවත් කිරීමෙනි. එහෙත් කෘෂි අංශය ඔස්සේ ඔවුන් උපයන ආදායම ලංකාව සාමාන්‍යයෙන් ඇඟලුම් කර්මාන්තයෙන් උපයන ආදායමට සමානය ය. ඇඟලුම් කර්මාන්තයෙන් අපි ඩොලර් බිලියන 5ක් පමණ ඉපයූව ද ඉන් අඩක්ම නැවතත් අප චීනයට හෝ වෙනත් රටකට යවන්නේ නූල් හා සෙසු අමුද්‍රව්‍ය ආනයනය කිරීම සඳහා ය. 19 January 2024
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026