භාරත ආසියා මොඩලය සිංහල හා හින්දු අලුත් අවුරුදු උණුසුම තවමත් පහව ගොස් නැත. කුමන ආර්ථික ගැටලුකාරිත්වයක් තිබුණත් අපේ රටේ ජනතාව අලුත් අවුරුද්දට සූදානම් වූයේ ඒ සියලු අගහිඟකම් පසෙකින් තබමින්ය. තමන්ගේ ජීවිතය අලුත් කර ගැනීමේ උපක්‍රමයක් ලෙසින් අලුත් අවුරුද්ද යොදා ගැනීම ඉතාමත් වැදගත්ය. 18 April 2025
පොරොන්දුවල අතරමං වූ ආණ්ඩුව ජනාධිපතිවරයා පළාත් පාලන ඡන්දය ඉලක්කගත කර සිදුකරන ලද කතා කීපයක් අසා සිටි මෙම ලියුම්කරුට හැඟී ගියේ ඔහුගේ හඬ ජවය දැන් දැන් දුර්වල වී ඇති බවයි. එහි විශ්වාසය බිඳ වැටී තිබෙන බවයි. එය භෞතික කාරණාවක් නිසා සිදුවූවක් නොව, මානසිකමය බලපෑමකින් සිදුවූවක් විය හැකිය. 04 April 2025
ජනමතය උරගා බැලීමක් මෙවර කිවිදා දැක්ම ලියන්නේ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දී ඇති කාලයකය. පළාත් පාලන මැතිවරණය අවසාන වරට පැවැත්වුණේ 2018 වර්ෂයේදීය. ඒ පැවැත්වූයේත් නියමිත කාලය පසුවී වසර දෙකහමාරක් ගත වූ පසුවය. ඒ මැතිවරණයේදී නව පක්ෂයක් ලෙසින් පොදුජන පෙරමුණ අති දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගත් බව බොහෝ අයට මතකය. 28 March 2025
හොරුන් ඇල්ලීමේ නාටක අත්අඩංගුවට ගැනීම ම දඬුවමක් වන තැනට අද ලංකාවේ නීති පද්ධතිය පහත වැටී තිබීම අප බරපතළ ලෙස සැලකිල්ලට ගත යුතු කරුණකි. පුද්ගලයකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීම, අධිකරණ පද්ධතිය මගින් ද දඬුවමක් ලෙස සිතීමට දැන් දැන් පුරුදුව සිටී ද? 2015 වසරේ සිට ආරම්භ වූ මේ “අත්අඩංගු දඬුවම” පිළිබඳ පසුබිම, එහි අරමුණ සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන ඊට දායකවන ආකාරය ආදිය මෙන්ම එමගින් නීතියේ ආධිපත්‍යට සිදුවන බරපතළ හානිය ද මෙම ලිපිය මගින් සාකච්ඡා කෙරේ. 21 March 2025
සතුරු දඩයමේ දේශපාලනය මේ දිනවල රටේ මතුවෙමින් පවතින දේශපාලනය තේරුම් ගැනීමත් තරමක් අපහසුය. ආණ්ඩුවේ අවධානය යොමු වී තිබෙන්නේ පුදුම සහගත ගැටලුවලටය. අය – වැය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ගැන රටේ ලොකු අවධානයක් නැත. රටේ ආර්ථිකය පිළිබඳව බරපතළ අලුත් උත්සාහයක් ගත්තේද නැත. මතු වෙමින් තිබෙන්නේ වෙනමම දේශපාලනයකි. මෙවර කිවිදා දැක්මෙන් ලියන්නේ ඒ පිළිබඳවය. 14 March 2025
ආණ්ඩුවේ ගමන් මග නිවැරැදිද? ආණ්ඩුවේ ජනප්‍රියත්වය කොතරම් අඩුවී ඇතිදැයි කිවහොත් සහ එය ආණ්ඩුවට ද කොතරම් දැනී ගොස් ඇතිදැයි සිතුවොත්, ජනාධිපති අනුර කුමාර මහතා දළදා ප්‍රදර්ශනයක් තැබීමට පවා යෝජනා කරන්නේ ය. තකහනියක් නුවර ගොස් එම යෝජනාව ගෙන එන්නේ තම ගිලිහී යන ජනප්‍රියත්වය වෙනත් අයුරකින් ලබා ගැනීම හැර හිටි හැටියේ ආණ්ඩුවට බුද්ධාලම්භන ප්‍රමිතියක් ඇති කිරීමට කිසිදු ඕනෑකමක් ඇති නිසා නොවේ. 07 March 2025
ආණ්ඩුවේ මග කියන අයවැය වත්මන් ආණ්ඩුව සහ ජනාධිපතිවරයාගේ රට කරවීමේ ක්‍රියා කලාපය පිළිබඳව මූලික විමර්ශනයක් කිරීමට තරම් කාලයක් මේ වනවිට ගතවී ඇත. වසර 05ක ආණ්ඩු කාලයක් ඔවුන්ට තිබෙන බව සැබෑය. එහෙත් ඒ කාලය ගතවන්නේ මොන වගේ වැඩසටහනක් හරහාද යන කාරණය පිළිබඳව විමර්ෂණයක් කිරීමට පසුගිය මාස 04 ප්‍රමාණවත් බව මාගේ අදහසය. 28 February 2025
දැක්මක් නැති ආණ්ඩුවේ අයවැය ලංකාවේ පැවති පසුගිය ඕනෑම ආණ්ඩුවකට තමන්ගේ ම කියා යම්කිසි දර්ශනයක් හා වැඩපිළිවෙළක් තිබුණි. එම ආණ්ඩුව තමන්ගේ එම දර්ශනය හා වැඩපිළිවෙළ ක්‍රියාවට වරනැගූ ප්‍රමුඛතම ලියවිල්ල වූයේ අයවැයයි. විශේෂයෙන්ම ආණ්ඩුවල මංගල අයවැය යනු එම වැඩපිළිවෙළට මංපෙත හෙළිකරමින් දැමූ පදනම ය. මාලිමා ආණ්ඩුව පැමිණියේ ඊට පෙර පැවති සියලු ආණ්ඩු දැඩි ලෙස දෝශ දර්ශනයට ලක් කරමින් වන අතර ඊට අන් සියලු දෙනාට වඩා වෙනස් දර්ශනයක් හා වැඩ පිළිවෙළක් තිබෙන බව කියා සිටියේ ය. 21 February 2025
ජාතික න්‍යාය පත්‍රයක් අවශ්‍ය ඇයි? මෙවර කිවිදා දැක්මක් ලියන්නේ රටේ පාලනයේ සමහර ක්‍රියා නිසා ආණ්ඩුව විවේචනයට පත් වෙමින් පවතින වෙලාවකය. මේ සතියේ ආරම්භයේදීම සිදුවූ විදුලි විසන්ධිය මේ විවේචනයේ එක හේතුවක් බවට පත්වී ඇත. හදිසියේ විදුලිය ඇණ හිටීමත් සිදුවූ පළමු අවස්ථාව මෙය නොවේ. එහෙත් අනෙක් කාලවලට වඩා මේ කාලයේ සිදුවන එවැනි සිදුවීමක් කෙරෙහි ජනතාවගේ අවධානය වැඩිවී තිබෙන්නේ ‘‘වත්මන් ආණ්ඩුවට වරදින්නට බැරි බව’’ ආණ්ඩුවේ අයම රටට දේශනා කරමින් සිටින නිසාය. 14 February 2025
සහල් පිළිවෙතේ විකෘතිය ආණ්ඩුව දිගින් දිගටම බත පිළිබඳ ගැටලුව අනා ගනිමින් සිටින බව පෙනේ. සහල් ප්රශ්නය අනාගත් ආණ්ඩුව දැන් වී ප්රශ්නය ද එසේ වන තැනට කටයුතු කරමින් සිටී. පසුගිය බදාදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත් වූ කෘෂිකර්ම ඇමතිවරයා වී මිලට ගැනීම සඳහා සහතික මිලක් දෙනු වෙනුවට කළේ ආණ්ඩුව වී මිලට ගන්නා මිල ප්‍රකාශ කිරීමය. එහෙත් ගොවියන් ඉල්ලා සිටින්නේ එවැන්නක් නොවේ. 07 February 2025
ජනවරම රැකීමේ අභියෝගය මෙවර කිවිදා දැක්ම ලියන්නේ රටේ දේශපාලනයේ කිසියම් වෙනස් තත්වයක් පෙනෙන්නට තිබෙන පරිසරයකය. ‘‘වෙනස් තත්වයක්’’ යැයි මා කියන්නේ දේශපාලන බලයේ වෙනසක් සිදු වෙමින් තිබෙනවා කියා නොවේ. වෙනස් වෙමින් තිබෙන්නේ මේ ආණ්ඩුව බලයට පත් කළ ජනතා කණ්ඩායම්වල සිතන ආකාරයයි. 31 January 2025
ජනාධිපති ආරක්ෂාවේ අපේක්ෂාව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධ තීරණය සපුරාම දේශපාලන තීන්දුවක් බව ජනාධිපති අනුර පසුගිය දා කටුකුරුන්දේ රැස්වීමක දී කළ ප්‍රකාශයෙන් මොනවට පැහැදිලි වේ. ජනාධිපති අනුර එහි කියන්නේ, “ආරක්ෂාව 60ට බැස්සුව, කෙඳිරි ගාන්න ආවොත් ඉතිරි ටිකත් අඩු කරනවා” යනුවෙනි. ඉන් ගම්‍ය වන්නේ ආරක්ෂාව අඩු කිරීම සඳහා ගත් තීන්දුව සහ අනාගත තීන්දු ද ජනාධිපතිවරයා විසින් ගත් හා ගන්නා තීන්දු බවයි. ජනාධිපතිවරයකුට එසේ කළ නොහැකි ය. 24 January 2025
දවස් සියයේ විපරමක් වත්මන් ආණ්ඩුව බලයට පත්වී දින සියයක් ගතවී හමාරය. මේ කාලයේ ප්‍රගතිය පිළිබඳව විවිධ සාකච්ඡා මේ දිනවල මතු වෙමින් තිබේ. ඒවා අතරින් වැඩියෙන් තියෙන්නේ ආණ්ඩුව පළමු දින 100 තුළ අසාර්ථක වූවා යැයි ඉදිරිපත් වන තර්කයයි. ආණ්ඩුවේ පැත්තෙන් කතාව කියන්නට සමහරුන් උත්සාහ කරන බව සැබෑය. එහෙත් එය නොඇසෙන ගානට ආණ්ඩුවට විරුද්ධව මතුවන විවේචනය වර්ධනය වී ඇත. 17 January 2025
එක රැයේ තීන්දුවෙන් අසරණවීම ආණ්ඩුව රටට දැනෙන යමක් කිරීමේ දැඩි අවශ්‍යතාවකින් පෙළෙන බව පෙනේ. ඒ, සාමාන්‍යයෙන් අලුතින් පත් වූ ඕනෑම ආණ්ඩුවක ස්වභාවයයි. විශේෂයෙන්ම මාලිමා ආණ්ඩුව පත් වූයේ අලුත්ම දේවල් එසේත් නොමැති නම් මේතාක් නොවූ විරූ දේවල් සිදුකරන පොරොන්දුව මතයි. ඔවුන්ගේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ වසර ගණනාවක් තිස්සේ ඉදිරියට දැමු තේමාව වූයේ “76 වසරක ශාපයක්” පිළිබඳ කතාවයි. ඒ අනුව ඔවුන්ට අලුත්ම දේවල් කිරීම සඳහා දැඩි අවශ්‍යතාවක් තිබෙන බව පෙනී යයි. 10 January 2025
සත්‍යය වටා ඒකරාශිවීමේ අවශ්‍යතාව මෙවර මා ලියන්නේ නව වසරේ පළමු කිවිදා දැක්මය. 2024 වර්ෂය රටේ පාලනයේ බරපතළ වෙනසක් සිදු වූ වසරකි. රටේ පාලන බලය රැක ගැනීමට එවකට බලයේ සිටි SLPP + UNP ආණ්ඩුවට හැකියාවක් නැති විය. එසේම ප්‍රධාන විපක්ෂයේ සිටි ස.ජ.බ. පක්ෂයටත් බලය ගැනීමට බැරි විය. විපක්ෂයේ ඈත කොනක සිටි ජ.වි.පෙ. බලවේගය ජාතික ජනබලවේගය ලෙසින් රටේ බලය ලබා ගත්තේය. මේ දේශපාලන වෙනස සිදු වූයේ කෙසේද යන ප්‍රශ්නයට විවිධ අය බොහෝ පිළිතුරු දෙමින් සිටිති. 03 January 2025
ජනපති ඉන්දීය නිලගමනේ ප්‍රතිඵල රටේ දේශපාලනයේ විවිධ වර්ධනයන් මතුවෙමින් පවතී. මන්ත්‍රීවරුන්ගේ තනතුරුවලින් ආරම්භව ISB ණය ප්‍රතිව්‍යූහගතකරණය දක්වා ඒවා විසිරී පවතී. මේ මාතෘකා ගණනාව අතරින් මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ජනාධිපතිතුමාගේ ඉන්දීය සංචාරය පිළිබඳවය. රටේ දේශපාලනය පැත්තෙන් එම සංචාරය වැදගත් බව කාටත් පැහැදිලිය. 20 December 2024
කතාවේ භාවිතාවේ පරතරය ආණ්ඩුව විවිධ පෙරමුණුවල දැඩි පීඩනයට හසුවෙමින් තිබෙනු දැකිය හැකි ය. මෙහි විශේෂය නම් මෙම පීඩනය අන්කවරෙකු හෝ විසින් එල්ල කරන ලද එකක් නොව, තමන් විසින්ම නිර්මාණය කරගන්නා ලද එකක් වීමය. එක් අතකින් ආණ්ඩුවට සහල් ප්රශ්නය විසඳා ගැනීමට නොහැකි වී තිබේ. 13 December 2024
කතාව දෝලාවෙන් ගමන ...? මේ ගෙවෙමින් තිබෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවේ පළමු මාසයයි. අලුත් ආණ්ඩුව පත්වීමෙන් පසුව සාමාන්‍ය ආකාරයේ පාර්ලිමේන්තු සැසිවාරයක් පැවැත්වූයේද මේ සතියේය. මේ පාර්ලිමේන්තු සැසි වාරයේ සාකච්ඡාවට ගැනුණේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳවය. 06 December 2024
දුරදිග නොබලා ආණ්ඩුවට දුන් පොරොන්දු ආණ්ඩුවට කිසිදු දෙයකට සැලසුමක් නැති බව එහි හැසිරීම දෙස සාමාන්‍ය බැල්මක් හෙළන කෙනකුට පවා පෙනී යන්නකි. ලොකු ලොකු දේවල් නොව, පසුගිය දා විශාල මාධ්‍ය ප්‍රචාර කරමින් ආණ්ඩුව නිධානයක් හෑරුවේ ය. ආණ්ඩුවේ ම මාධ්‍ය නාලිකා ප්‍රචාරය කළේ ලංකාවේ පළමු වරට ආණ්ඩුවේ නියෝගයක් මත නිධානයක් හාරන බවයි. ඉන් මුළු රටේ ම ණය ගෙවා දැමිය හැකි බව ද ප්‍රචාරය කළේය. 29 November 2024
මාලිමාවේ ජයෙන් ඔබ්බට මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්තිමත්ව පිළිගෙන ඇත. මෙවර කිවිදා දැක්මෙන් සාකච්ඡා කරන්නේ මෙම නව දේශපාලන බල ව්‍යාපෘතියේ ස්වභාවය සහ ගමන් මග පිළිබඳවය. 22 November 2024
එදා - මෙදා දේශපාලක අමුතු කතා මේ වන විට මැතිවරණ ප්‍රතිඵල ලැබෙමින් තිබේ. සත්‍ය වශයෙන්ම ඡන්දය දැමීමට ගිය ප්‍රතිශතය කෙසේ වෙතත් මෙවර මැතිවරණයට පෙර කාලය තුළ නම් ජනතාව අතර උනන්දුවක් තිබුණේම නැත. සියලු අතින් ඈලි මෑලි ගතියක් මුළු ලංකාව පුරා පැවතුණි. 15 November 2024
අලුත් මැතිසබේ නව මන්ත්‍රීන්ගේ අභියෝග පාර්ලිමේන්තු මහ මැතිවරණය ලබන බ්‍රහස්පතින්දාය. සති අන්තය වන විට අලුත් ආණ්ඩුවකි. අලුතින් තේරී පත්වන මහජන නියෝජිතයන් අතුරින් කැබිනට් මණ්ඩලය තෝරා ගැනෙනු ඇත. දශක හතක ඉතිහාසය තුළ පැවැති ප්‍රධාන ධාරාව ප්‍රතික්ෂේප කළ ජනතාව මාක්ස්වාදී නැඹුරුවක් සහිත පක්ෂයක් තෝරා ගෙන තිබේ. 08 November 2024
මැතිවරණ පොරොන්දු සීමා නීතියක් අගමැති හරිනි අමරසූරිය මහත්මිය විසින් පසුගිය දා කරන ලද ප්‍රකාශයක් අතිශයින්ම මා සිත් ගත්තේ ය. ඇය ප්‍රකාශ කර තිබුණේ තමන්ට ඉතා අවම ආරක්ෂකයන් අවශ්‍ය වුවද එසේ කරගත නොහැකි වී ඇති බවයි. එම අවශ්‍යතාව තම ආරක්ෂාව බාර නිලධාරීන්ට කී විට ඔවුන් පෙරළා කියා තිබූ බව ඇය සඳහන් කළේ “මැඩම් මේ ස්විට්සර්ලන්තය නෙමෙයි” යන්නයි. 01 November 2024
දේශපාලන ආර්ථික අභියෝග ජනතා විමුක්ති පෙරමුණ මුල් කරගත් පාලනයක් මේ වන විට ආරම්භ වී ඇත. ලෝකයේ කුඩාම කැබිනට් මණ්ඩලය තමන්ගේ ආණ්ඩුව විසින් පත්කරනු ලැබ ඇතැයි පවසන සමහරුන් වත්මන් ජනාධිපතිතුමා සමග අන්තර්වාර පාලනයක් එම පක්ෂය ආරම්භ කර තිබේ. 25 October 2024
රටට ඔබින පිරිසක් මැතිසබේට මේ දවස්වල රටේ බොහෝ අය කතා කරන්නේ ජනාධිපතිවරණය ගැන නොවේ. එළැඹෙන මහ මැතිවරණය ගැනය. ඒ නිසා මෙවර කිවිදා දැක්මෙන් ලියන්නට බලාපොරොත්තු වන්නේ ‘‘හොඳ පාර්ලිමේන්තුවක් හැදීම’’ තර්කය පිළිබඳවය. 11 October 2024
සත්‍යෙයන් අසත්‍යයට ගොදුරුවීම අලුත් ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වයෙන් පැහැදිලි වන්නේ, ඔවුන් ද 2015 වසරේ යහපාලන ආණ්ඩුව සිය කැමැත්තෙන්ම වැටුණු වළට වැටීම තෝරාගෙන සිටින බවයි. ජනාධිපතිවරයාගේ වාහන නාට්‍ය මීට හොඳම උදාහරණය වේ. 2015 දී ද මෙය මෙලෙසම සිදු කළ අතර, තවදුරටත් එය විකිණිය නොහැකි බව දැනගෙන තිරය වසා දමා අදාළ වාහන ඒවාහි හිමිකරුවන්ට නැවත ලබා දීමට කටයුතු කෙරුණි. 04 October 2024
මීළඟ පොරය කොයිබටද? මෙවර කිවිදා දැක්ම ලියන්නේ ජනාධිපතිවරණය නිමාවට පත් වී තිබෙන මොහොතකය. අනුර කුමාර දිසානායක මහතා රටේ ජනාධිපති ධුරයට පත්වීම හරහා ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ඉදිරි පාලනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වූවා යැයි සිතිය හැකිය. ඒ පාලනයේ ස්වභාවය පිළිබඳව විවේචනයක් කිරීමට තවම කල් වැඩිය. 27 September 2024
දැක්මක ගමනක ජයග්‍රහණ හිටපු මැලේසියානු අගමැති මහතීර් මොහොමඞ් ලෝකප්‍රකට වූයේ ඇයිදැයි ඔබ දන්නවා ද? ඒ අන්කිසිවක් නිසා නොව, ඔහු ඔහුගේ ම ක්‍රමයට මැලේසියාව සංවර්ධනය කොට යළි බිමදැමිය නොහැකි උසකින් තැබූ නිසා ය. ඔහුගේ පාලන සමයේ ඔහුට එරෙහිව බටහිර රටවල් හා ඔවුන්ගේ දේශීය ඒජන්තයෝ විසින් වංචාව, දූෂණය වැනි චෝදනා අතොරක් නැතිව එල්ල කළෝය. එහෙත් ජනතාව නොවේ ඒවා පයිසයකට ගණනකට ගත්තේ. 13 September 2024
ජනපතිවරණ සාකච්ඡා තේමාව ජනාධිපතිවරණයට තවත් ඇත්තේ දින 15ක් පමණ කාලයකි. තැපැල් ඡන්දය පාවිච්චි කිරීම අදින් අවසන් වීමට නියමිතය. සාපේක්ෂක වශයෙන් මෙවර ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා කළ දිනයේ සිට ලැබී තිබූ කාලය වෙනදා තරම් දීර්ඝ එකක් නොවන බව පැහැදිලිය. ඒ නිසාම රට තුළ මතුවිය යුතු වැදගත් සාකච්ඡා ගණනක්ම නොකෙරී යමින් තිබෙන බව ද පෙනෙන්නට තිබෙන කරුණකි. 06 September 2024
ඡන්දයේදී ජනතා අපේක්ෂා ජනාධිපතිවරණයක දී සාමාන්‍යයෙන් අප නොදකින තත්වයක් මෙවර දැකගත හැකි ය. එනම් මෙවර ඡන්දදායකයන්ගෙන් අති බහුතරයක් තාමත් තම ඡන්දය ගැන තීන්දුවක් ගෙන නොමැති වීමයි. මෙය සුවිශේෂ තත්වයකි. වෙනදා නම් මේ වන විට දෙපස තුන්පස බෙදී විවිධ මට්ටමේ හැලහැප්පිලි හෝ ගැටුම්කාරි තත්ව පවා නිර්මාණය වී තිබෙනු ඇත. 30 August 2024
සොහොන් පිට්ටනිය නාය ගිහින් මාසයයි:තවමත් මිනී පාර දිගේ දිට්වා සුළි කුණාටුව සමග ඇති වූ අධික වර්ෂාවත් හේතුවෙන් ගම්පොල දුනුකේඋල්ල ප්‍රධාන මාර්ගයේ ඉහළගම සොහොන් පිටිය ද නාය යාමට ලක්ව එහි වල දමා තිබු මිනී පෙට්ටි සමග මළ මිණි මාර්ගයට පැමිණ දැනට මාසයක.. 21 December 2025