අරගලයේ අස්වැන්න බහුපාක්ෂික ආණ්ඩුවක්ද?
සිස්ටම් චේන්ජයක්, එනම් පද්ධතිමය වෙනසක් සඳහා වූ පොදුජන නැගිටීම හුදු, පටු සහ නොගැඹුරු රාජපක්ෂ විරෝධයක් බවට පත් විය. පද්ධති විරෝධය හුදු පුද්ගල විරෝධයකට හෝ නාම විරෝධයකට කොටු විය. සමාජ මාධ්‍ය භවිතා කරමින් තම තමන්ට හිතෙන සහ දැනෙන අයුරින් තනි පුද්ගල වීරයන්, සමාජ දේශපාලන චින්තකයන් මාධ්‍යවේදීන්, විචාරකයන් සහ පුද්ගලික නායකයන් බවට බොහෝ අය තනි තනියෙන් නාමකරණය කර ගත්තෝය. ඒ සමාජ මාධ්‍යවල අනුහස නිසා ය.