ජාතිකත්වය හිස ඔසවන ලෝකය
ඩොනල්ඩ් ට්රම්ප්ට වෙඩි තැබීම මේ වන විට එරට රහස් සේවයේ පූර්ණ අසමත්කම මත වූවක් බව තහවුරු වී තිබේ. ඒ අනුව රහස් සේවයේ ප්රධානී කිම්බලර් ශියැට්ල් වෙත ධුරයෙන් ඉවත්වන ලෙස හැම අතින්ම පීඩනය එල්ල වී ඇත. කෙසේ වෙතත්, තම අපේක්ෂකත්වය පවා දැඩි අභියෝගයට ලක්ව ඇති ජනාධිපති ජෝ බයිඩන් ප්රකාශ කළේ තමාට ඇය පිළිබඳ පූර්ණ විස්වාසය තිබෙන බවයි.