IMG-LOGO

2024 මැයි මස 04 වන සෙනසුරාදා


රට හදන හරිපාර කුමක්ද?

මගේ මෙවර කිවිදා දැක්ම මේ වර්ෂයේ ලියන අවසාන තීරු ලිපියයි. 2023  වර්ෂය යනු බරපතළ ගැටලු ගණනාවකින්ම රටේ ආර්ථිකය වෙළී තිබූ කාලයක්ය. ආර්ථිකයට අමතරව දේශපාලන ක්ෂේත්‍රයේද ගැටලු ගණනාවක්ම මේ වර්ෂයේ පැවතුනි. පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට මුදල් ලබා නොදීම ඒ අර්බුද අතරින් එකක් පමණය.

2024 වර්ෂයට අප ගමන් කරන්නේ මෙම ගැටලුවලට අමතරව නොවිසිදුණු ප්‍රශ්න රාශියක්ම සමගය. රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව 2024 වර්ෂයේ ඔක්තෝබර් මාසය ඉකුත්වීමට කලින් අලුත් ජනාධිපතිවරයකු තෝරා පත්කර ගත යුතුය. ඒ නිසා ලබන වසරේ ජූලි මාසයේ සිටම ජනාධිපතිවරණයට රට මෙහෙයවන කාලයක් වනු ඇති බව පැහැදිලිය.

2022 සිදුවූ දේශපාලන විරෝධතා සහ රටේ ආර්ථිකය බංකොලොත්භාවයට පත්වීම යන කාරණා හේතුවෙන් ඇතිවී තිබෙන අවිනිශ්චිතභාවය සමහන් විය හැක්කේ එළඹෙන වර්ෂයේ පැවැත්වෙන ජනාධිපතිවරණයත් සමගය. ඒ නිසා 2024 වර්ෂය කියන්නේ ඉතිහාසයට එක්වෙන වැදගත් වර්ෂයක්ය.

එළඹෙන වර්ෂයේ ජනාධිපතිවරණය පැවැත්වීමට කලින් මහ මැතිවරණයක් පැවැත්වීමේ හැකියාවක් තිබේදැයි සමහරු  අසති. එවැනි ඉඩක් ව්‍යවස්ථාවෙන් ජනාධිපතිතුමාට ලැබී ඇති බව සැබෑය. එහෙත් මහ මැතිවරණයක් පැවැත්වීමේ ඉඩක් වත්මන් තත්ත්වය තුළ ආණ්ඩුව පැත්තේ  නැති බව මගේ අදහසය. ඒ නිසාම එන්නේ ජනාධිපතිවරණය බව මගේ නිරීක්ෂණයයි.

 

වැදගත් දේශපාලන මාතෘකා 03ක්

ඒ අනුව 2024 වර්ෂයේ රටේ දේශපාලනය බරපතළ සංවාදයකට විවෘත වීමට නියමිතය. ඒ සංවාදයේ දී අවධානයට ගත යුතු මූලික මාතෘකා (මූලික ගැටලු) 03ක් පවතින බව මගේ අදහසයි. ඒවා වන්නේ රටේ ආර්ථිකය මෙසේ කඩා වැටුණේ ඇයි? මෙම කඩා වැටීමේ වගකීම ගත යුත්තේ කවුරුන්ද? සහ රට ගොඩ නගන්නේ කෙසේද? යන්නය.

මෙම මාතෘකා තුන පිළිබඳව අවධානය යොමු කිරීමෙන් තොරව 2024 ජනාධිපතිවරණ වේදිකාව තුළ සිදු කළ යුතු වෙනත් දෙයක් නැත.

 

රටේ ආර්ථිකය වැටුණේ ඇයි?

නිදහසින් පසු කාලයේ රටේ ආර්ථිකය මෙහෙයවූ සුසමාදර්ශ (paradigms) කීපයක් තිබූ බව සැබෑවක්ය. ඒවා ගැන මෙහි නැවත කතා කිරිමට ඉඩක් නැත. 1948-1970 කාලයේ ආණ්ඩු වර්ග කීපයක් තිබුණත් ඒ ආණ්ඩු (ඩී. එස්, ඩඩ්ලි, සර්ජෝන්, බණ්ඩාරනායක, සිරිමා)  සියල්ලම පාහේ 1970 වන තෙක් සම්භාව්‍ය මිශ්‍ර ආර්ථිකයක් ක්‍රියාත්මක කළෝය. 1970-77 කාලයේ ක්‍රියාත්මක වුණේ සංග්‍රෘහිත, වාමවාදී ආරක්ෂණවාදී සංවෘත ආර්ථිකයක්ය. 1977 සිට විවෘත ආර්ථික මොඩලයක් මේ රටේ ක්‍රියාත්මක වන බව හැමෝම දන්නා කාරණයක්ය.

එහෙත් වර්තමානයේ රට අත්දකින ආර්ථික කඩාවැටීම පටන් ගන්නේ 2008 වර්ෂයේ සිටය. එයින් කියන්නේ ඊට පෙර වර්ෂවල ‘හරි - හොඳ’ ආර්ථිකයක් තිබූ බව නොවේ.

ඒ කාලවල ආර්ථිකයේ විවිධ කඩා වැටීම් තිබුණු බව සැබෑවක්ය. එහෙත් 2008 න් පසු කාලයේ ආර්ථිකයට සිදුවූ තරමේ අවුලක් ඊට පෙර සිදු වුණේ නැත.

රටේ ආර්ථිකයේ එක් බරපතළ ගැටලුවක් වූයේ ඉතාමත් බරපතළ ගෙවුම් ශේෂ අර්බුදයක රට වෙළී තිබීමය.  ඒ කියන්නේ ජාත්‍යන්තර ගනුදෙනු සඳහා අවශ්‍ය ඩොලර් සංචිත නොමැතිවීමය. තෙල්, ගෑස්, බෙහෙත්, යන්ත්‍ර සූත්‍ර වැනි බොහෝ අවශ්‍ය දේවල් මිලදී ගැනීමට ඩොලර් නොමැති නිසා 2008 න් පසු කාලයේ ‘මුදල් වෙළෙඳපොළේ’ ස්වෛරී බැඳුම්කර නිකුත් කරමින් වැඩි පොලියට ඩොලර් ණය ගන්නට පටන් ගන්නේ මේ අනුවය.

2010-15 මහින්ද රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ ගෙවුම් ශේෂ අර්බුදය සටහන් කර ගනිමින් ණය වාරික ගෙවීමට තව තවත් ණය ගන්නට බැඳුම්කර නිකුත් කළේය. 2015-19 මෛත්‍රී- රනිල් ආණ්ඩුවත් කළේ ඒ වැඩේමය. ඒ යහපාලන ආණ්ඩු කාලයේ ඩොලර් මිලියන 12000ක් පමණ බැඳුම්කර හරහා ණය ලබා ගත්තේය. ඒ ණයත් එක්කම 2019-22 ගෝඨාභයගේ ආණ්ඩුවට ගෙවා ගන්නට බැරි ණය කන්දක් ගොඩනැගුණේය. ඊට අමතරව ගෝඨාභයගේ ආර්ථික මෙහෙයුම්කරුවන් ඒ විෂය ගැන හරි අවබෝධයකින් වැඩ කළේද නැත. එතෙක් කාලයක් ණය අර ගනිමින් ණය ගෙවමින් ගිය වැඩේ ණය ගන්නේ නැතිව ණය ගෙවන තැනට වැටුණේය. ඒ කියන්නේ ‘අතේ තිබු සියලු ඩොලර් ටිකින් ණය ගෙව්වා මිස අලුතින් ඩොලර් හොයා ගත්තේ නැත’ කියන එකය. තෙල්, ගෑස්, ගල් අඟුරු සහ බෙහෙත් ගේන්නට ඩොලර් නැති වුණේ ඒ නිසාය. ණය වාරිකය ගෙවන්නට ඩොලර් නැති වුණේ ඒ නිසාය. අන්තිමට සිදු වුණේ ණය ගෙවන්නට නොහැකි යැයි කියමින් බංකොලොත්භාවය ප්‍රකාශ කිරිමටය.

 

මේ කඩා වැටීමට වගකිය යුත්තේ කව්ද?

මෙම කඩා වැටීම සම්බන්ධයෙන් වගකීම එකිනෙකාට පටවන්නට ආණ්ඩුවේ සිටින අයම මේ දිනවල විවිධ කථා කියන්නට පටන්ගෙන තිබේ. වත්මන් ආණ්ඩුව කියන්නේ රාජපක්ෂ - වික්‍රමසිංහ යන ප්‍රධාන දෙකොට්ඨාසයම එකට වැඩ කරන ආණ්ඩුවක්ය. ඒ කොට්ඨාස 02 යනු 2010-15 ආණ්ඩුවේ නායකයන් සහ 2015-19 ආණ්ඩුවේ නායකයන්ගෙන් කොටසක් ඇතුළත් කුලකයක්ය.

සැබවින්ම මේ මොහොතේ රට  පාලනය කරන්නේ 2010-2022 දක්වා රටේ මූල්‍ය පාලනය භාරව කටයුතු කළ රාජපක්ෂ වික්‍රමසිංහ නායකත්වයේ ආණ්ඩුවක්මය.

මේ කඩාවැටීම හෙවත් රටේ ආර්ථික බංකොලොත්භාවය මූලික වශයෙන් පදනම් වන්නේ 2010 සිට 2022 දක්වා ලබා ගත් අපරිනත ඩොලර් ණය කන්ද නම් ඒ වැඩේ සිදු කළ කට්ටියම නැවතත් රට පාලනය කරන බව පැවසීම නිවැරදිය.

මෙහිදී සඳහන් කළ යුතු තවත් කාරණයක් වන්නේ 2015-19 කාලයේ යහපාලන ආණ්ඩුවේ සිටි සියලු අය මේ ආණ්ඩුවේ නැති බවය. ඒ නිසා මේ අර්බුදයේ වගකීම භාරගත යුතු ක්ෂේත්‍ර සහ පුද්ගලයන් වෙන වෙනම සාකච්ඡා කිරීමේ ඉඩක් මේ තත්ත්වය තුළ නොමැති බව පැහැදිලි කළ යුතුය. ඒ කෙසේ වෙතත් විදේශ සංචිත ගැටලුව විසින් මතු කරන ලද වත්මන් අර්බුදයේ නිර්මාතෘවරුන් වන්නේ ගෙවන්නට බැරි ඩොලර් ණය කන්දක් මුල්‍ය වෙළඳපොළෙන්  ගන්නට ISB නිකුත් කළ 2010-15 ආණ්ඩුව සහ 2015-19 ආණ්ඩුවය.

ඒ ආණ්ඩුවල ප්‍රධානීන් දැන් මාධ්‍ය ඉදිරියට විත් තමන්ගේම වැරදි තීරණ අනුන්ගේ ඇඟේ තැවරීමට දරන උත්සාහය විහිලු සහගත බව මගේ අදහසය.

 

රට ගොඩ නගන්නේ කෙසේද?

2024  වර්ෂය වැදගත් යැයි මා මුලින් කීවේ මේ තත්ත්වයෙන් රට ගලවා ගැනීමේ ඉඩ ඉදිරි ජනාධිපතිවරණයත් සමගින් මතු වන නිසාය. රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන ප්‍රශ්නය සාකච්ඡා කළ යුත්තේ රට වැටුණේ කෙසේද යන මා මුලින් කථා කළ කාරණයක් සමගින්ය.

වත්මන් ආණ්ඩුව (වික්‍රමසිංහ ආණ්ඩුව)  කියන්නේ IMF බෙහෙත මිස වෙනත් බෙහෙතක් නැති බවය. එසේම 2027 නැවතත් ISB හෙවත් ස්වෛරී බැඳුම්කර ඩොලර් මිලියන 1500 නිකුත් කළ යුතු බවයි. එතැන් සිට නැවතත් ණය කන්ද ගහන්නට පටන් ගත යුතු බවයි.

මගේ යෝජනාව වන්නේ ඉදිරි ජනාධිපතිවරණයේදී සාකච්ඡා කළ යුතු කේන්ද්‍රීයම ගැටලුව වන්නේ රටේ විදේශ මුල්‍ය වර්ධනය කළ හැක්කේ කෙසේද? යන කාරණය බවය. රට ගොඩ නගන්නේ කෙසේද යන ප්‍රශ්නයම වෙනත් ලෙසකින් ඇසීමය. මේ ප්‍රශ්නයට වත්මන් ජනාධිපතිතුමාගේ පිළිතුර වන්නේ IMF එකේ නිර්දේශ පත්‍රයට අනුව ඉදිරියට යාම හැර වෙන දෙයක් නැති බවය. විපක්ෂයේ ප්‍රධාන ධාරාවේ පක්ෂය වන ස.ජ.බ. පක්ෂයේ ආර්ථික වැඩසටහන ද අඩු - වැඩි වශයෙන් කියන්නේ වික්‍රමසිංහ මහතා කියන කථාවමය. IMF සහාය යනු යම් නිශ්චිත මොහොතක රටක ආර්ථිකයකට ‘තල්ලුවක්’ ලබාදීමට ඇති මුල්‍ය සහයක් මිස තනිකරම අනුගමනය කළ යුතු න්‍යාය පත්‍රයක් නොවේ. ලෝකයේ සමහර රටවල් IMF සහාය ලබාගෙන එම න්‍යාය පත්‍රයෙන් එළියට ගිය අවස්ථා ඕනෑ තරම් ඇත. අසල්වැසි ඉන්දියාව මෙහිදී අපට තිබෙන හොඳම උදාහරණය බව කිව හැකිය.

ඒ නිසා IMF බෙහෙත යනු රෝගියා දැඩි සත්කාර ඒකකයේ සිටින විට ලබාදෙන එන්නතක් වැනි ක්‍රියාවකි. ඒ එන්නත  ලබාගැනීම දක්වා රෝගය වර්ධනය කිරීමම වරදකි. එසේ රෝගය උත්සන්නවීමෙන් පසුව ඒ එන්නත ලබාගැනීමෙන් පසු ඉදිරි කාලයම රෝගියා දැඩි සත්කාර එක්කයේ තබාගැනීමට තර්ක කරන දොස්තරලා කරන්නේ රෝගියා අනතුරේ දැමීමය.

මගේ යෝජනාවේ ඉතිරි කොටස වන්නේ එළඹෙන ජනාධිපතිවරණයේ දී රටේ ආර්ථිකය සම්බන්ධව පළල් නව ආකෘතියක් සඳහා රටේ එකඟතාව ලබාගැනීමය. එම නව ආකෘතිය තුළ IMF සහාය ඇතුළත් විය යුත්තේ අන්තර්වාර අවශ්‍යතාවක් ලෙසින්ය. මෙම නව ආකෘතියේ සංරචක පිළිබඳව මගේ යෝජනා ඉදිරියේදී සාකච්ඡා කරමි. සමස්ත ආර්ථික ක්‍රියාදාමය ජාලගත ධනවාදයත් (networked capitalism) ලෙසින් ගොඩනැගීමත් රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර අන්තර් සම්බන්ධතාවත් ගොඩනැගීමත් එහිදී අවශ්‍ය බව දැනට ප්‍රකාශ කරමි.

 

(***)


මහාචාර්ය චරිත හේරත්



අදහස් (4)

රට හදන හරිපාර කුමක්ද?

pakeer Friday, 29 December 2023 04:50 PM

ඔච්චර තටමන්න එපා... ආර්ථිකේ නංවන්න තියෙන්නේ... බොරු නිස්කාරණ වියදම් වෙන ඒවා නවත්වලා, හොරා කෑම නවත්තලා... නිෂ්පාදන සහ පිටරටවලට සපයන්න පුළුවන් සේවාවල් වැඩිකරන එක. බලපල්ලා. මේ යටතේ මොනවාද? ඔබලාට ඇඟපත හොල්ලලා කරන්න පුළුවන් කියලා... මම ලෑස්තියි. කම්කරු රැකියාවක් හරි කරන්න. ඒකායන ප්ලෑන් එකක් තියෙනවා නම්...!

:       0       5

nimal Friday, 29 December 2023 07:32 PM

රට කඩා වැටීමට වගකිය යුත්තේ කව්ද? 2023 වර්ෂය යනු බරපතළ ගැටලු ගණනාවකින්ම රටේ ආර්ථිකය වෙළී තිබීම සහ ආර්ථිකයට අමතරව දේශපාලන ක්ෂේත්‍රයේද ගැටලු ගණනාවක්ම මේ වර්ෂයේ පැවතීමට හේතුව පක්ෂග්‍රාහී අවස්ථාවාදී දේශපාලන ක්‍රමවේදයන්, ජන්ද ලබගැනීමට, මැතිවරණ ජයග්‍රහණ සඳහා පමණක්ම ක්‍රියාත්මක වූ ආර්ථික ක්‍රමවේදයන් සහ රටේ පුරවැසියන් රැවටීම නිසා වර්තමානයේ රට පත්ව තිබෙන්නා වූ ආර්ථික සමාජීය කඩාවැටීමට සහ රටේ පුරවැසියන් මුහුණ දෙන්නා වූ දැඩි දුෂ්කරතාවයන් සියල්ලට ඔබලාම වගකිවයුතු නොවේද?

:       0       4

වන්නකු Saturday, 30 December 2023 07:18 PM

අරගලයෙන් ඉස්මතු වුන "system change" ගැනත් හිතමු. ජන සභා පිහිටුවීම මොකද වුනේ...?

:       1       2

Perera Sunday, 31 December 2023 09:04 AM

හැමෝම කයිවාරු ගැහුවට රට හදන්න හරි පාර කවුරුවත් දන්නේ නැහැ. ඕකයි යථාර්ථය...!

:       0       4

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

​අතීත සුදනෝ දුදනෝ
2024 මැයි මස 04 78 0

ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි කැරැල්ල පැවැති අසූව දශකයේ අවසාන භාගයේදී සිද්ධවූ දේ සම්බන්ධයෙන් මේ දිනවල දේශපාලනඥයන් කරන ප්‍රකාශ හා සමාජ මාධ්‍ය සටහන් දෙ


මැයි දින රැලිවල ශේෂපත්‍ර විමසුමක්
2024 මැයි මස 04 19 0

මැයි දිනය නිමාවට පත්විය. එහි ශේෂ පත්‍රය විමසා බැලීමට පොළඹවන සුළු සේයාරුවක් සහ ප්‍රවෘත්තියක් අප පුවත්පත ඊයේ පළ කළේය.


ජනපතිවරණයේ තේමාව ආර්ථිකයද?
2024 මැයි මස 03 194 0

මැයි 01 දිනට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දින සැමරීම යෙදී තිබුණේ මේ සතියේ ය. මේ වසරේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට පෙර යෙදෙන අවසාන මැයි දිනය මෙය වන බැවින් ප


දුප්පතාගේ හාල් ටිකත් ගසාකන්නන් හෙළා දකිමු
2024 මැයි මස 03 45 0

ආර්ථික වර්ධනය සම්බන්ධයෙන් කවර කතා කීව ද මෙරට ජනයාගෙන් සාතිශය බහුතරයක් ජීවත් වන්නේ ඉතා අසීරුවෙන් බව වසන් කළ නොහැකි සත්‍යයකි. එම පිරිසෙනුත් ඉතාම දුක්ඛි


රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 344 1

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


මැණික්හින්න සිද්ධියේදී බුද්ධිය පාවිච්චි කර නැහැ
2024 මැයි මස 02 459 0

මැණික්හින්න රෝහලේ කාර්ය මණ්ඩලය හා පිටස්තර පුද්ගලයන් අතර ඇවිළීගිය ‘‘යුද්ධයෙන්’’ පසුව තුවාල වූවන් රෝහල්ගත කළ බවත් තව පිරිසක් අත්අඩංගුවට ගත් බවත් මාධ්


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 473 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1912 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1690 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site