IMG-LOGO

2024 මැයි මස 03 වන සිකුරාදා


ජනතාව අන්දවන සුරංගනා කතා

මේ දිනවල ලොකු ලූනු මිල ප්‍රශ්නය සැරටම දැනෙමින් තිබේ. අප රටට කලින් කලට මෙවැනි ප්‍රශ්න උද්ගත වේ. විශේෂයෙන් ම අල, ලූනු හා බඩඉරිඟු‍ වැනි භෝග සම්බන්ධයෙන් මෙය සුලබ තත්ත්වයකි. වර්තමානයේ ලොකු ලූනු ගැටලු‍ව උද්ගතවීමට ප්‍රධාන වශයෙන් ම බලපා ඇත්තේ ඉන්දියාව විසින් ලූනු ආනයනය සපුරා තහනම් කිරීම ය. මීට පෙර, එනම් පසුගිය අගෝස්තුවේ ඉන්දියාව ලොකු ලූනු සඳහා සියයට 40 විශේෂ අපනයන බද්ධක් පැනවීමට ද කටයුතු කළේ ය. කෙසේ වෙතත්, දෙසැම්බර් 08 වැනි දින සිට අපනයනය සපුරා තහනම් කිරීමට කටයුතු කර තිබේ. එරට ලෝක් සභා මැතිවරණ පවත්වන පසුබිම තුළ ඉහළ යන උද්ධමනය පාලනය කිරීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. තහනම ලබන වසරේ මාර්තු 31 දක්වා වලංගු වීමට නියමිත ය.

ක්ෂණික තහනම නිසා මේ වන විට බංගලාදේශය, නේපාලය, භූතානය, මාලදිවයින හා ලංකාවේ ලූනු මිල විශාල ලෙස වැඩිවෙමින් තිබේ. ලංකාවේ සමස්ත ලොකු ලූනු අවශ්‍යතාව වසරකට මෙට්‍රික් ටොන් ලක්ෂ 3ක් වන අතර 2023 වසරේ දී මෙට්‍රික් ටොන් 131,795 පමණ ඉන්දියාවෙන් ආනයනය කර තිබේ. ඒ අනුව, ලූනු මිල ඉහළ යෑම ගැන පුදුම විය යුතු නැත.  

විදේශ රටවල් මත අපගේ අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සඳහා රඳාපැවතීම කොතරම් ද යන්න ප්‍රත්‍යක්ෂ වන්නේ මෙවැනි හදිසි තීන්දු එම රටවල් විසින් ගත් විට ය. 2020 වසරේ දී රුසියාව හා චීනය විසින් යූරියා අපනයනය තහනම් කිරීම ද මේ ආකාරයේ ම සිදුවීමකි. ලංකාව වැනි රටවල් තම යූරියා පොහොර ආනයනය කරනු ලබන්නේ ඉහත රටවල් දෙකෙනි. කෙසේ වෙතත්, වසංගතය පහවීමත් සමගම චීනය විසින් අදාළ තහනම ලිහිල් කළ අතර, මේ වසරේ නොවැම්බර් මස 20 වැනි දින සිට නැවත වරක් තහනම ක්‍රියාත්මක කිරීමට චීන රජය විසින් යූරියා සමාගම්වලට උපදෙස් දී ඇත. ඒ අනුව, ඉදිරියේ දී නැවත වරක් යූරියා ඇතුළු පොහොරවල හිඟයක් හා ඊට සාපේක්ෂ මිල ඉහළ යෑමක් අපේක්ෂා කළ යුතු වේ.

වසංගත සමයේ ඉහත රටවල් විසින් සිදුකළ යුරියා තහනම නිසා අදාළ පොහොරවල මිල අන්තර්ජාතික වෙළඳපොළේ ශීඝ්‍ර ලෙස ඉහළ ගිය අතර, විදේශ විනිමය අර්බුදයකට මුහුණ දෙමින් සිටි ලංකාව සපුරා යුරියා හා සෙසු රසායනික පොහොර වර්ග ආනයනය තහනම් කොට දේශීය කාබනික ගොවිතැනට යමින් ඊට මුහුණ දීමට තීන්දු කළේ ය. කෙසේ වෙතත්, ඊට එරෙහිව විශාල ජන විරෝධයක් මතු වූ අතර දේශපාලන අර්බුද පවා ඇති කිරීමට එය සමත් විය. ඒ අපේ රටේ හැටි ය.  

අපගේ ප්‍රධාන ආහාර වර්ග සපයා ගැනීම සඳහා විදේශ රටවල ගොවියන් මත යැපීමට සිදුවීම හරහා අපට උගන්වනු ලබන ප්‍රධාන පාඩම් දෙකක් තිබේ. අංක එක වන්නේ අපගේ ආහාර පිඟාන මතට එන ද්‍රව්‍ය අපට පාලනය කළ නොහැකි බව ය. අප කන්නේ නිෂ්පාදනය කර නොවේ. වෙනත් වචනවලින් කිවහොත් අපගේ ආහාර සුරක්ෂිතතාව අපට පාලනය කළ නොහැක, විදෙස් රටවලට හැක. අංක දෙක වන්නේ, මෙරට කෘෂිකර්මාන්තයේ මූලික සංඝටක ද යැපෙන්නේ විදේශ රටවල් මත බව ය. විශේෂයෙන් ම පොහොර සඳහා අපට විදේශ රටවල් මත යැපීමට සිදුව තිබේ. එනම් විදේශ රටවලට අවශ්‍ය ඕනෑම අවස්ථාවක අප හාමතේ තැබීම පවා ඉතාම පහසු දෙයක් බව ය.   

අරගලය විසින් ඉල්ලා අස්වන ලෙස බලකරන ලදුව එසේ කළ ගෝඨාභය ආණ්ඩුව 2020 දී කහ ආනයනය සපුරා තහනම් කළ බව ඔබට අමතකව නැත. ලංකාවේ බොහෝ පුරවැසියන් තම කහ බෝතලය එන්නේ ඉන්දියාවේ තමිල්නාඩුවෙන් බව දැනගත්තේ ඒ අවස්ථාවේ දී ය. එවක ඉන්දියාවේ පළ වූ වාර්තාවල දැක්වුණේ ලංකාව කහ තහනම් කොට මාස දෙකක් යන විට පමණක්  එරට කහ ගොවීන්ට අහිමි වූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 50ක් බව ය. ලංකාවේ මුදලින් එය කෝටි 180ක් පමණ වේ. අප ඉතිහාසය පුරා පොහොසත් කර ඇත්තේ ඉන්දියානු ගොවියන් බව අමුතුවෙන් කිව යුතු ද?

මෙහි කටුක සත්‍ය නම් ලංකාවේ මහපොළොවේ ඉතා සරුසාරව වැවෙන කහ ටික පවා අප වවාගෙන තිබුණේ නැත. ලංකාවේ වාර්ෂික කහ අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 7500-8000 අතර තිබේ. ඉන් සියයට 90 ඉක්මවා ගෙනැවිත් තිබුණේ ඉන්දියාවෙනි. 2020 කහ තහනමෙන් පසු ක්ෂණික කහ හිඟයක් ඇති වූවා පමණක් නොව, කහ නොකන අය පවා පාරට විත් “කහ දියව්” කියමින් විරෝධතා කළහ. කෙසේ වෙතත්, 2022 වන විට ලංකාව සම්පූර්ණයෙන් ම කහවලින් ස්වයංපෝෂිත වූ අතර, අගය එකතු කොට අපනයනය කිරීමට හැකි ලෙස අස්වැන්න වැඩි විය. දුෂ්කර මාස කිහිපයක් ඉවසා සිටීම රටට දිගුකාලීන යහපත ගෙනාවේ ඒ අයුරිනි. අවාසනාවකට අප මෙවැනි දුෂ්කර අභියෝග බාර ගන්නා ජාතියක් නොවන තැනට අද පත්ව ඇත. සියල්ල පහසුවෙන් කන බොන තැනට මනස පරිණාමය වී ඇත. අද අප සිටින ආර්ථික අර්බුදයේ ද මූල හේතුව ඇත්තේ එහි ය. රටක් ලෙස අපට මේවාට සමාවක් නැත.

එලෙස අප අර්බුදයට යවා ඇති තවත් භෝගයක් වන්නේ බඩඉරිඟු‍ ය. අපි මේ වන විට රටේ අවශතාවෙන් වැඩිහරියක් ම බඩඉරිඟු‍ පිටරටින් ආනයන කරමු. එහෙත් අමතක නොකළ යුත්තේ 2012 දී අප බඩඉරිඟු‍වලින් ස්වයංපෝෂිතව සිටි බව ය. ඒ මතු නොව, වයඹ ට්‍රේඩිං නම් සමාගම, ලංකාවේ පළමු බඩඉරිඟු‍ තොගය තායිවානයට හා ප්‍රංශයට එම වසරේ දීම අපනයනය ද කළේ ය. 2015 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවූ අතර නැවතත් අප බඩඉරිඟු‍ ආනයනය කර කන්නට ගත්තේ ය. මේවා දේශපාලන කතා නොවේ, දත්ත මත පදනම් කරුණු ය.

2005 වන විට ලංකාවේ වාර්ෂික බඩඉරිඟු‍ නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 41804ක් පමණ විය. 2007 වන විට එය 56438ට වැඩි විය. එහෙත් ඊට වසර දෙකකට පසු, එනම් 2009 දී, 129,769ට වැඩි කර ගැනීමට මහින්ද ආණ්ඩුවට හැකි විය. ඉතා සුළු කාලයක් තුළ එය තුන් ගුණය ඉක්ම වූ වැඩිවීමකි. 2012 දී මෙය මෙට්‍රික් ටොන් ලක්ෂ 200,000ක් පමණ වූ අතර එවක රටේ වාර්ෂික අවශ්‍යතාව ඉක්ම වූ ප්‍රමාණයකි. එවක ආර්ථික සංවර්ධන ඇමති බැසිල් රාජපක්ෂ මෙම නිෂ්පාදන මෙහෙයුමේ බර කරට ගෙන කටයුතු කරන විට “ඇට බෙදන්නා” යනුවෙන් විපක්ෂය චෝදනා කළ බව මතක ය.

බඩඉරිඟු‍ යනු සුළුපටු බෝගයක් නොවේ. එය ජාතියේ ආහාර පතට ප්‍රෝටීන් එකතු කරන මූලාශ්‍රයයි. අද අප බිත්තර, කුකුල් මස් හා දියර කිරී අර්බුදයකට මුහුණ දෙන්නේ බඩඉරිඟු‍ හිඟය නිසා බව බොහෝ අය දන්නේ නැත. බිත්තර නිෂ්පාදන පිරිවැයෙන් සියයට 65-70ක් සතුන්ගේ ආහාර වන අතර එම ආහාර බඩඉරිඟු‍ ආශ්‍රිතව සකසා ගැනේ. ඒ අනුව, බිත්තර මිල, කුකුල් මස් හා බඩඉරිඟු‍ අතර ඇත්තේ ඉතා සමීප සබඳතාවකි. බිත්තර හා කුකුල් මස් යනු අපට පහසුවෙන්ම ප්‍රෝටීන් ලබාගත හැකි ආහාරය වන අතර එය ජාතියේ පෝෂණ අවශ්‍යතාවේ වැදගත් ම පුරුකකි. මේ වන විට බිත්තර ඉන්දියාවෙන් ගෙන්වීමට රජය කටයුතු කරමින් සිටින බව වාර්තා පළ විය. මීට කලින් මාසවල ද එසේ කළේ ය. රටේ ම නිපද වූ බඩඉරිඟු‍ කෑමට දී රන් බිජු දැමූ කිකිළිය 2015 දී ගෙදර හැර මේ අප කරගත් සන්තෑසිය නොවේ ද?

බොහෝ අය නොදැන සිටිය ද ලංකාව මේ වන විට පිටරටින් සේලයින් ආනයනය කරන්නේ නැත. රටේ සියලු‍ සේලයින් අවශ්‍යතා රට තුළින් ම නිෂ්පාදනය කරගත හැකි ධාරිතාව මේ වන විට අප සතුව තිබේ. ඒ ද අරගලයෙන් පන්නා දැමූ රාජපක්ෂ ආණ්ඩුවේ ධෛර්යවන්ත තීරණයක ප්‍රතිඵලයකි. අපට මෙවැනි ජයග්‍රහණ අත්කර ගැනීමට හැකි වුවද කුමක් හෝ අවාසනාවකට අපට මේවා ඔරොත්තු දෙන්නේ නැති සෙයකි. ක්‍රමයෙන් ආර්ථිකය නැගෙමින් පවතින විට අපි මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙදර යැවුවෙමු. අනතුරුව වසර 5ක මහත් ආර්ථික අවපාතයකින් පසු පැමිණි ඊළඟ රාජපක්ෂ ආණ්ඩුවට ද එය ම කළේය.

මේ රට ගොඩ ගැනීමට නම් අප කිසියම් සැලසුමකට අනුව කාලයක් වැය කළ යුතු ය. ආණ්ඩුවකින් හා දේශපාලකයාගෙන් ද මැජික් බලාපොරොත්තු විය හැකි නොවේ. එහෙත් මෙරට ජනතාවගෙන් බලපෑම්කාරී තීරුවේ මෑත දේශපාලන චර්යා දෙස බලන විට පෙනී යන්නේ ඔවුන්ට ප්‍රතිඵල එනතුරු සිටීමට ඉවසීම නැති බව ය. මෙය දේශපාලන සාක්ෂරතාව පිළිබඳ තත්ත්වයකි. දේශපාලන සාක්ෂරතාව යනු ඡන්ද පොළට ගොස් පැන්සලකින් කතිරයක් ගැසීමට ඇති හැකියාවට වඩා බොහෝ දුර ගිය එකකි. විශේෂයෙන් ම පුරවැසියකුට කරුණු මත පදනම් ව දේශපාලන තීන්දුවක් ගැනීමට ඇති හැකියාව දේශපාලන සාක්ෂරතාවේ ප්‍රධාන සංරචකයයි.  

අපගේ බොහෝ අයට ඉහත වර්ගයේ සාක්ෂරතාවක් පිහිටා නැති සෙයකි. එය දන්නා බලලෝභී දේශපාලකයෝ මෙම ජනතාව ඇන්දවීම සඳහා නොයෙකුත් ආකාරයේ සුරංගනා කතා කියා ඔවුන් ඩැහැගැනීමට මාන බලති. රට ගොඩනැගෙන සෑම අවස්ථාවක දී ම එය සිදුවුණේ ය. සිරිමා ආණ්ඩුව පැමිණි සැණින් ආරම්භ වූ 71 කැරැල්ලේ සිට මේ රටාව ක්‍රියාත්මක වී තිබේ. දැන්වත් අප මේ විෂම චක්‍රය ගැඹුරින් කියවා නොගන්නට අප වැටෙන ප්‍රපාතය සිතා ගැනීමට පවා නොහැකි වනු ඇත.

 

(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ



අදහස් (7)

ජනතාව අන්දවන සුරංගනා කතා

නිමල් Friday, 22 December 2023 08:14 PM

අපේ ගොවීනා ලොකු ළුෑණු අස්වනු නෙලන හැම විටම ලොකු ළුෑණු පිට රටින් ආනයනය කර ගොවීන් නන්නත්තාර කෙළේ ආණ්ඩුවමයි...

:       0       6

ලංකාපුත්‍ර Saturday, 23 December 2023 08:32 AM

ඩඩ්ලි සේනානායක මැතිතුමා උඩවළවේ ව්‍යාපාරයත් ලංකාවේ අර්තාපල් වගාවත් ආරම්භ කළා... පාසල්වල තරුණ ගොවි සමාජ ඇතිකර පාසල්වල පවා වගා දිරිගැන්වීම් කළා... ඒක සිරිමාවෝ මැතිණියගේ කාලයේද තිබුණා... සිරිමාවෝ මැතිණිය හාල්, පොල්, මිරිස් පොලු දැම්මා.. ඒ නිසා මිනිස්සු වී වගාව වගේම රතුළූණු වවන්න පෙළඹුණා.. රටේ විවිධ ප්‍රදේශවල වගාව ඇතිවුණා. ලලිත් ඇතුළත්මුදලි මැතිතුමා මුදල් ඇමැතිවරයා ලෙසට බී ළූණු නැත්නම් බොම්බයි ළූණු කියපු දේ ලංකා ලොකු ළූණු කියලා කළේත් ලංකාවේ ලොකු ළූණු වගාව දිරිගැන්වීම තමයි. ගෝඨාභය ජනාධිපති කහ වවන්න පෙළඹවීම නිසා රටේ බොහෝමයක් ප්‍රදේශවල කහ වවනවා. ඉතින් ලොකු ළූණු මිල වැඩියි නම් කෘෂිකර්ම ඇමැතිවරයා ඒවාට ජනතාව යොමුකරන්න බැලුවොත් හොඳයි නේද? (පාරිභෝගිකයින් ලංකා ලොකු ළූණු මෝරන්න පෙර ගලවා වෙළඳපළට එවන නිසා කුණුවෙනවා කියලා මිලට ගන්න කැමති නැහැ) කන්න අඳින්න පිටරටින් එනතුරු මුහුදට දත නියවාගෙන සමෘද්ධි හා අස්වැසුම කකා දෑත්, දෙපා හකුලාගෙන ෆෝන් එකේ කොටකොටා හිටියාම සංවර්ධනය වෙන්නේ කොහොමද?

:       0       9

abeygunasekarasampath95Friday, 29 December 2023 01:03 PM

මේ සියලුම සහනාධාර නවත්වන්න ඕනේ... ඒ වගේම නිකමුන් ලක්ෂ ගාණක් පාරවල් ගාණේ රස්තියාදු ගගහා දේශපාලනය කතා කරකර ඉන්නවා. ඒක නවත්වන්න ඕනෑ. රස්සාවක් නැතිව ජීවත් වෙන්න බැරි ගාණට ගෙනාවා නම් මේක හරි යනවා.

:       0       2

මැක්ස් Saturday, 23 December 2023 12:28 PM

"ක්‍රිස්ටල් ක්ලියර්" ඇත්ත ලියලා තිබුණත් මේවා තේරුම් ගන්නට ඉස්පාසුවක් අපේ මිනිස්සුන්ට තියෙනවද කියන දේ ප්‍රශ්නයක්.

:       2       6

සමන් විමල් Sunday, 24 December 2023 06:48 PM

බයියන්ට තණකොල කවන්න හදන බත් කන හරකුන්ගේ දැනගැනීමට ඉතා උචිතයි.

:       3       1

Sampath Abeygunasekara Friday, 29 December 2023 12:33 PM

ඉන්දියාව සහ වෙනත් රටවල් අපේ නිෂ්පාදන කරගන්න දෙන්නේ නෑ... ඒවට නීති ගෙනත් අපි නැගිටින්න හදනකොට කඩාකප්පල් කාරීන්ට මුදල් දීලා ඒවා බිමට සමතලා කරනවා. විශේෂයෙන්ම තරුණ කොටස් වලට අබමල් රේණුවක ආර්ථික අවබෝධයක් නෑ. ඔවුන් මෙහෙයවන්නේ විදේශ බළල් අත්වලින්...!

:       0       0

cc Monday, 01 January 2024 12:48 PM

මේ ඇදුරාට නොවැටහෙන දෙයක් ඇත. එනම් මේ රට පාලනය කළ මජර දේශපාලකයින් මේ රටේ ජාතික ධනය හොරා කෑම සම්පත් අවභාවිතය හා නිසි ආයෝජන සැලසුම් ප්‍රමුඛතා මත ආයෝජනය සිදු නොකර හොඳටම වංචාවට, දූෂණයට, හොරකමට, සම්පත් අවභාවිතයට පාර කැපුවේ ඔවුන් විසින්... මේ දූෂණය කොතරම් වීදයත් එකදු ව්‍යාපෘතියක්වත් ප්‍රමිතියෙන් කරන්නේ නැත... ඒවා නියාමනය කරන යාන්ත්‍රණ අක්‍රීය වී ඇත. බොහෝ සැලසුම් තමන්ට අනිසි ලෙස වාසි ලැබෙන ඒවාම වේ. ඒ නිසයි විගණකාධිපතිට අනුව මේ රටේ ජාතික ආයෝජනය ට්‍රිලියන 8 කින් ට්‍රිලියන 02 ක පමණක් වත්කම් ගොඩනැගී ඇති බව කියන්නේ මේ නිසයි. මේ රටේ හිතකර ස්ථාවර පද්ධති ගොඩනගා වංචාව, දූෂණය සම්පත් අවභාවිතය තුරන් කරන තුරු මේරට කිසිවෙකු දියුණු කරන්නේ නැත. ජනතාවගේ මහන්සිය, හොරාකෑම මගින් රට දියුණු කළ නොහැකිය. එය හරියට හිල් කලයකට ජලය පුරවනවා වැනියි. මෙය වෙනස් කිරීමට නම් දූෂිත දේශපාලන සංස්කෘතිය වහා අවසන් කර සැබෑ ජනතාවාදී පාලනයක් ගෙන ආ යුතුයි...!

:       0       1

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

රටට විදේශ ආයෝජන අවශ්‍ය ඇයි?
2024 මැයි මස 02 289 1

2023 මහ බැංකු වාර්තාවට අනුව මෙරට කර්මාන්ත අංශය සියයට 9.2 කින් පහළ බැස ඇති බව දක්වේ. මෙම කාරණය සහ ඊට බලපා ඇති හේතු සැලකිල්ලට ගතහොත් මූලික වශයෙන් මෙරට ජාතික නි


වැඩකරන ජනතා උරුමය
2024 මැයි මස 01 541 0

කම්කරු පන්තියේ අයිතිවාසිකම් තහවුරු කිරීම සඳහා දිගුකලක් තිස්සේ පවත්වාගෙන ගිය අරගල සමැරීම සඳහා මැයි දිනය යොදා ගැනේ. පසුගිය කාල පරිච්ඡේදයේ වැඩි වශයෙන්ම


මැයි දිනයේ නිසි අරුත හරිහැටි තේරුම් ගනිමු
2024 මැයි මස 01 111 0

ජාත්‍යන්තර මැයි දින සැමරුම අදට යෙදී තිබේ. වැඩ කරන පන්තියේ ජනයාගේ ශක්තිය එක මීටට එකතු කර සකල අගති කුදලා දමන අරගලයට පණ පොවන මැයි දිනය වෙනුවෙන් කැපවන කම්කර


සමාජ සාධාරණත්වයට කැප වූ නායකයා
2024 අප්‍රේල් මස 30 497 5

ශ්‍රී ලංකාවේ දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතාගේ 31 වැනි ගුණ සමරුව හෙටට (01) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ආර්ථිකය දුර්වල ගමනක?
2024 අප්‍රේල් මස 30 649 0

ශ්‍රී ලංකා මහ බැංකුව 2023 වසර සඳහා වූ වාර්ෂික වාර්තාව නිකුත් කර තිබේ. බැංකු පනත සංශෝධනය කර ස්වාධීනත්වය ඇතිකරන නමුත් ආකෘතිගත රාමුව නොවෙනස්ය. රාජ්‍ය ප්‍රති


ලිතුවේනියා රැකියාවලට වංචා කළ නරුමයන් අල්ලනු
2024 අප්‍රේල් මස 30 812 1

බරවාහන රියදුරන් වශයෙන් රැකියා කිරීමේ මහත් බලාපොරොත්තු ඇතිව ලිතුවේනියා රටට ගිය ශ්‍රී ලාංකිකයන් 108 දෙනකුට සිදුවූ මහා අකරතැබ්බක් පසුගියදා අපගේ ලංකාදීප


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 461 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1887 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1679 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site