IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


කෝප් කමිටුවට අලුත් බලතල අවශ්‍යද?

මෙවර කිවිදා දැක්මෙන් මූලික වශයෙන්ම සාකච්ඡා කරන්නේ පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් පාර්ලිමේන්තුවේ කෝප් (COPE) කමිටුව පිළිබඳවය. ඒ ගැන සාකච්ඡා කිරීමට සිතුණේ පසුගිය සතියේ එම කමිටුවේ වත්මන් සභාපතිවරයා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනාවක් නිසාය.

සභාපතිවරයාගේ යෝජනාවෙන් කියැවෙන්නේ ඉල්ලන්නේ, කෝප් කමිටුව හමුවේ සාකච්ඡා කෙරෙන විමර්ශනයක් සම්බනධව අවසාන තීරණයක් ගැනීමට හැකි වන පරිදි එම විමර්ශන ලේඛන සහ ලිපි ගොනු පොලිස්පතිවරයාට හෝ අල්ලස් කොමිසමට හෝ යැවීමේ බලය කෝප් කමිටුවට ලබා දෙන ලෙසින්ය.මේ යෝජනාව ඉදිරියේදී ස්ථාවර නියෝග  කාරක සභාවට යාමට නියමිතය. එහිදී පිළිගැනුණහොත් ස්ථාවර නියෝග 120සංශෝධනය වීමට නියමිතය.

මුලින්ම කිව යුත්තේ මේ සංශෝධන යෝජනාවට මම විරුද්ධ බවය. කෝප් කමිටුවෙන් සිදුවිය යුතු කාර්ය භාරය අඩුවකින් තොරව කරගෙන යාමට මගේ කිසිදු විරෝධයක් නැත. එහෙත් මේ ආකාරයට බලතල වැඩි කර ගනිමින් උසාවියක හෝ පොලිසියක හෝ වගකීම කෝප් කමිටුව විසින් බාර ගනු ලැබුවහොත්  සිදුවන්නේ විශාල විලෝපනයක්ය. දැනටමත් කෝප් කමිටුව සිදු කරන්නේ යම් ආකාරයකට උසාවියක ආකාරයේ ප්‍රශ්න කිරීමත්ය. එම තත්ත්වය  ගැනද රටේ සමහරුන් සිටින්නේ යම් ආකාරයක ප්‍රශ්නාර්ථයකය. එවැනි තත්වයකදී මේ නව යෝජනා ක්‍රියාත්මක කළහොත් සිදුවිය හැක්කේ කුමක්දැයි විමසීම ඉතාමත් අවශ්‍යය.

 

පසු විපරම් කමිටුවල කාර්යභාරය

පාර්ලිමේන්තුවේ තිබෙන පසු විපරම් කමිටු හෙවත් Oversight Conmottccs වල කාර්යභාරය වන්නේ ව්‍යවස්ථාදායක තලගේ තිබෙන එකක් මිස විදායක බලයක් නොවේ. බොහෝ අයට නොතේරෙන කාරණයක් මේකමය. සමහරුන් සිතන්නේ පාර්ලිමේන්තු පසු විපරම් කමිටුවලට අධිකරණ බලතල තිබෙනවා කියාය. ඒ නිසා ඒ අය හිතන්නේ මේ කමිටුවලදීම තීරණයක් හරහා ‘‘හොරකම් අල්ලා ගත හැකි’’ ආකාරයේ බරපතළ මැදිහත්වීමක් කළ හැකි යැයි කියාය.

මෙහිදී අපගේ අවධානයට ගත යුතු කාරණයක් වන්නේ අපේ රටේ ව්‍යවස්ථාවට අනුව බලතල බෙදී ඇත්තේ කෙසේද යන දේය. අපේ ව්‍යවස්ථාවට අනුව රටේ පාලන බලතල ඇත්තේ විධායක ජනාධිපතිවරයා අතේය. එසේම අධිකරණ බලතල ලබාදී ඇත්තේ අධිකරණ පද්ධතිමය. පාර්ලිමේන්තුවට ලැබී ඇති බලය වන්නේ ජනතාව නියෝජනය කිරීම (vegvesentation), ජනතාව වෙනුවෙන් නීති හැදීම (vegnlation)මහජන මුදල් පාලනය කිරීම  (Pubhc finnce Manga..........  ) සහ පසු විපරම් යන කාරණාවන්ටය. ඒ අනුව කෝපා කමිටුව වැනි පසු විපරම් සංවිධාන තේරුම් ගත යුත්තේ ඒ කමිටුවේ කාර්යභාරය යනු මහජන මුදල් කළමනාකරණයට පසුවිපරම් කිරීමේ අර්ථයෙන් වැඩ කිරීමය.

 

ආණ්ඩුවේ උත්සාහය

වත්මන් ආණ්ඩුවේ සමහරුන් මේ වනවිට හිර වී සිටින්නේ තමන්ම හදාගත් ‘‘හොරා- පොලිස් සෙල්ලමක්’’ එක්කය. ඡන්දය කාලයේ ඔවුන් සමාජ ගත කළ න්‍යාය වූයේ  නිදහසින් පසු වසර 76ක් පමණ කාලය තුළ මේ රටේ දේශපාලනයේ කිසිවක් සිදු වුණේ නැත කියාය. අනෙක් අතට ඒ අය කීවේ එවැනි ධනාත්මක කිසිවක් සිදුවී නැතිවා පමණක් නොව රජ්‍ය යාන්ත්‍රණය සහ දේශපාලන යාන්ත්‍රණය සම්පූර්ණයෙන් දූෂණයට හා හොරකමට අසු වී ඇතැයි කියාය.

මෙකී සමහර කාරණා කිසිදු ආකාරයකින් සත්‍ය දේවල නොවන අතර ඒ නිසාම ආණ්ඩුවේ පදනම සෙලවෙන තැනට තමන්ගේම බොරුකීමේ ක්‍රියාදාමය ඔවුන් තල්ලු කරමින් සිටින බව පැහැදිලිය. දැන් කෝප් වැනි පසුවිපරම් කමිටු හරහා මේ සමහරුන් උත්සාහ ගත්තේ ‘‘කතා විශ්වය තුළ ’’ තමන් කියූ කාරණා නිවැරැදි යැයි පෙන්නුම් කිරීමට නිලධාරීන් ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණයට කුමන හෝ ආකාරයේ දූෂණයක් හෝ හොරකමක් ගැට ගැසීමටය.

මේ ‘‘ස්ථාවර නියෝග වෙනස් කරමින්’’ විමර්ශන ලිපි ගොනු සෘජුව පොලිස්පතිවරයාට හෝ අල්ලස් කොමිසමට බාරදීමට බලය කෝප් කමිටුවට ලබාගැනීමට උත්සාහ දරන්නේ මේ කාරණය නිසාය. මෙතැනදී පැහැදිලිව කිව යුතු කාරණයක් තිබේ. එනම් කෝප් කමිටුව වැනි පසු විපරම් කමිටුවක කාර්ය භාරය ලෙසින් මේ වන විට පිළිගෙන තිබෙන්නේ යම් රාජ්‍ය ආයතනයක වැරැද්දක් හෝ දූෂණයක් සිදුවී ඇති බවක් විගණනය හරහා පෙනී ගියහොත් එම කාරණය අනාවරණය කර ගනිමින් පාර්ලිමේන්තුවේ අවධානයට ලක්කිරීම බවය. දෙවැනුව එම අවධානය මාධ්‍ය හරහා සමාජයේ පළල් සංවාදයට ඉදිරිපත් කිරීමය. තුන්වැනුව එම දූෂණයට අදාළ රාජ්‍ය නිලධාරීන් හෝ එම ආයතනයට  සම්බන්ධ වූවන්ට එරෙහිව රාජකාරිමය හෝ නෛතික ආකෘතියකින් හෝ ක්‍රියා කිරීමට අදාළ ගණන් දීමේ නිලධාරීන් හෙවත් අමාත්‍යාංශ ලේකම්වරුන්ට යොමු කිරීම්ය. හතර වැනුව රටේ මහජනතාවට මෙවැනි දූෂණවලට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමේ හැකියාව ආරක්ෂා කරමින් ඒ සඳහා  අවශ්‍ය සාක්ෂි සහ ලිපි ලේඛන පාර්ලිමේන්තු ප්‍රකාශනයක් ලෙසින් ප්‍රසිද්ධ කිරීම්ය. පස්වැනුව එවැනි බරපතළ දූෂණ ක්‍රියාවක් තිබෙන්නේ නම් ඒවා පිළිබඳව පාර්ලිමේන්තු විවාදයක් ඇති කර පළල් ජනමතයක් එවැනි දූෂණ  වහා අනීතික ක්‍රියාමාර්ගවලට එරෙහිව ගොඩ නැගීම්ය.

ඉහත සඳහන් ආකාරයට පාර්ලිමේන්තු පසුවිපරම් කමිටු සීමාව මේ වනවිට පිළිගෙන තිබෙන්නේ රාජ්‍ය පරිපාලන හා රාජ්‍ය ව්‍යාපාර ක්ෂේත්‍රයේ පාර්ලිමේන්තුවට තිබෙන වපසරිය පදනම් වන්නේ විදායක හෝ අධිකරණ බලයකට නොව ව්‍යවස්ථාදායක බලයට පමණක් සම්බන්ධ වන නිසාය. එහෙත් පසුගිය සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ ස්ථාවර නියෝග වෙනස් කිරීමේ ක්‍රියාමාර්ගයෙන් සිදුවිය හැකි කාරණයක් වන්නේ ව්‍යවස්ථාදායක පසුවිපරමේ සීමාව පසු කර ගමන් කිරීමත් ඒ  මගින් සිදුවීමේ විහවතාවක් තිබෙන නිසාය.

 

රාජ්‍ය ව්‍යවසාය පාලනය

අපේ රටේ ව්‍යවසායන් හෙවත් රජයට අයත් ව්‍යාපාරවල පාලනය කාර්යක්ෂම කිරීම ඉතාමත් අවශ්‍ය කාරණයක් බව පිළිගැනීම අවශ්‍යය. එසේම එම ආයතන පද්ධතිය දේශපාලනඥයන්ගේ හෝ නිලධාරීන්ගේ දූෂණවලට යටත් නොවන පරිදි පාලනය කිරීමත් අවශ්‍යය. එවැනි පාලනයක් ගොඩ නගාගත හැක්කේ රාජ්‍ය ව්‍යවසායන් පාලනය සඳහා කාර්යක්ෂම හා නිවැරැදි ආකෘතියකින් ගාඩනගා ගැනීමෙන් වන අතර පසුවිපරම හරහා පාර්ලිමේන්තුවේ සහාය ලැබිය යුත්තේ ඒ සඳහාය. එසේ නොමැතිව හුදු ඒ ඒ පක්ෂ ඡන්ද ලබා ගැනීමට මැතිවරණ වේදිකාවේ කියන සමහර ප්‍රායෝගික නොවන හා බොරුවලින් පිරී ගිය සටන් පාඨ හගිස්සන්නට අවශ්‍ය මෙවලමක් බවට පාර්ලිමේන්තු පසුවිපරම් කමිටු පත් කිරීමට උත්සාහ නොදැරිය යුතුය.

 

පාස්කු දා ප්‍රහාරය දේශපාලනික කිරීම

කෝප් කමිටුවේ ස්ථාවර නියෝග සම්බන්ධ ඉහතින් සඳහන් කළ කාරණයට අදාළ නොවෙතත් මේ සතියේ කිවිදා දැක්මට එක් කළ යුතු තවත් වැදගත් කාරණයක් ජනාධිපතිවරයාගේ නිව්යෝක් සංචාරය සමග මතුවී තිබේ. එම සංචාරයේදී ජනාධිපතිවරයා ඇමෙරිකාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් අමතා පාස්කු ප්‍රහාරය සම්බන්ධව මතු කර තිබූ සමහර නිරීක්ෂණ හා සමහර කරුණු ඉතාමත් සංකීර්ණ, ප්‍රශ්න ගණනාවක් මතු කරන බව මාගේ අදහසයි. ඒ කතාවට අනුව ජනාධිපතිවරයාගේ අර්ථ දැක්වීම වූයේ ‘‘පාස්කු ප්‍රහාරයට පසුව පත්වූ ආණ්ඩුව එම ප්‍රහාරය සම්බන්ධ චෝදනාවලට ලක්වූවක් හේතුවෙන් එම සිදුවීමට සම්බන්ධ දන්ත ආරක්ෂා නොවීමේ ඉඩක් නිර්මාණ වී තිබූ බවයි.

මෙයින් කියවෙන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව හුදු දේශපාලන වේදිකාවේ කියැවෙන අලංකාරිකවලින් එහාට ගිය නිශ්චිත අදහසක් රටේ ආණ්ඩුවට නොමැති බවයි. එම ප්‍රහාරයට ඍජුව සම්බන්ධ පුද්ගලයන් සිටි දේශපාලන බලවේගය ලෙසින් එවකට  ජ.වි.පෙ. පක්ෂයට බරපතළ විවේචනයක් මතු වූවා පමණක් නොව එම දේශපාලනයේ ජාතික ලැයිස්තු අපේක්ෂකයකු මේ සම්බන්ධව ඍජුවම  ගැටගැසී තිබූ ආකාරය ඉතාමත් පැහැදිලි කාරණයක් විය. එවැනි තත්ත්වයක ආණ්ඩුව කළ යුත්තේ  මේ සිදුවීම පිළිබඳ නිවැරැදි තොරතුරු සමාජගත කිරීම මිස එම ක්‍රියාවේ වගකීම පිළිබඳ හුදු කටකතා සමාජ ගත කිරීම නොවේ. මගේ අදහස වන්නේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව රජයේ මතය හෝ ස්ථාවරය වාර්තාවක් ලෙසින් ඉදිරිපත් කර එම ස්ථාවරය සම්බන්ධ සංවාදයක් ඇති කිරීම ඉතාමත් අවශ්‍ය  බවයි.  එසේ  නොමැතිව හුදු දේශපාලන වාසිය සඳහා  එම ප්‍රහාරය යොදා ගැනීම හා පදනම් විරහිත චෝදනා හරහා ජතාව වෙත වැරැදි අදහසක් ඉදිරිපත් කිරීම වැරැදිසහගත බව ප්‍රකාශ කළ යුතුමය.

(***)



අදහස් (1)

කෝප් කමිටුවට අලුත් බලතල අවශ්‍යද?

විජිත Tuesday, 07 October 2025 09:07 AM

පළමුව මෙම මාතෘකාව ඉතාම කාලින මාතෘකාවක් බව පැවසිය යුතූය මේ වන විට කෝප් කමිටුව කටයුතු කරන ආකාරය දෙස බලන විට සෑම රජයේ නිලධාරියෙක්ම හොරෙක් මංකොල්ල කාරයෙක් යන අදහස සමාජ ගත කිරීම සදහා උත්සාහ දරන බව පෙනී යයි.ඕනෑම කටයත්තක් කිරීමෙන් පසු එහි වැරුද්දක් දැකීම ඉතාපහසු දෙයකි. නමුත් අපහසු කටයුත්ත වන්නේ පවත්නා නීති රාමුව තුළ අදාළ කටයුතුත නිසි ප්‍රමිතියෙන් යුතුව නිසි කලට ඉටුකර මහජනතාවට අදාල කටයුත්තේ ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කිරීමයි. රාජ්‍ය සේවකයා කටයුතු කරනුයේ පවතින රජයේ ප්‍රතිපත්ති හා වැඩපිළිවෙලට අනුකූලවයි වෙනත් රජයක් බලයට පැිණ පැරණි රජයේ ප්‍රතිපත්ති අනුව කටයුතු කිරීම කෝප් කමිටු‌වේ දී ප්‍රශ්න කිරීම යුක්ති සහගත ද එයට පිළිතුරුදීමට රාජ්‍ය සේවකයාට හැකි ද උදාහරණයක් ලෙස රජය ව්‍යාපාර නොකළ යුතුය යන ප්‍රතිපත්තියේ සිට කටයුතු කළ රජයකට පසු රජය ව්‍යාපාර කටයුතු කළයුතුය යන ප්‍රතිපත්තිය සහිත රජයක් පැමිණි පසු පෙර රජයේ ප්‍රතිපත්ති ම කටයුතු කළ වුන් කෝප් කමිටුව ප්‍රශ්න කරන්නේ නම් ඉදිරියේ දී රාජ්‍ය සේවකයා තීරණ නොගනු ඇත. පවත්නා නීති රෙගුලාසි මගපෙන්වීම් තුළ වැඩ නොකර සිටීම රාජ්‍ය සේවයේ වැඩ කිරීමට වඩා පහසු බව තේරැම් ගත යුතුය.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site