IMG-LOGO

2025 ඔක්තෝබර් මස 12 වන ඉරිදා


ලෝකයා මැද ලංකාව හුදෙකලා වීම

ජාතික ජන බලවේගය විසින් මෙහෙයවන ලද මාලිමාව රජයේ පාලන සමයට මාස 12ක් ගත වී ඇඟට දැනෙන දෙයක් කර නැතත්, එහි මහාප්‍රාණ කතා, ජනප්‍රියවාදී සංදර්ශන සහ සදාචාරාත්මක ස්ථාවරවල නම් හිඟයක් ඇත්තේ නැත. වාචාලකම නිර්භීත ය: “අනෙක් අය බිඳ දැමූ දේ අපි නිවැරැදි කරන්නෙමු.”‍ එහෙත් භූමි යථාර්ථය වඩාත් සංකීර්ණ කතාවක් කියයි.

ආර්ථික වශයෙන් ආණ්ඩුවට කිසිදු නව්‍ය වැඩ පිළිවෙළක් නැති අතර, රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ද ආණ්ඩුවේ නොහැකියාව මෙවර ජිනීවාහි දී ලොවටම පෙන්නුම් කළේ රට පිළිබඳ ලොව පුරා අතිශය දුර්වලයකුගේ මුහුණ පෙන්වමිනි. මෙම රචනාව තුළ පළමුව ජිනීවා පරාජය ද දෙවැනුව අප රටක් වශයෙන් තවදුරටත් දුර්වල තැනකට ගෙන යන ආර්ථික පසුබෑම පිළිබඳව ද සාකච්ඡා කෙරේ.

මේ සතියේ ජිනීවාහිදී, ශ්‍රී ලංකාව හුදෙක් පරාජයට පත් වූවා පමණක් නොවේ. අප භූමියක් සහිත වුණත්, ආත්මයක් නැති රටක් ලෙස ගෙන නොසලකා හරින ලදී. ඡන්දයක් නැත. විවාදයක් නැත. ආරක්ෂිත ක්‍රියාමාර්ගයක් නැත. තවත් මානව හිමිකම් යෝජනාවක් නිහඬව ම සම්මත කර ගැනුණි. ලෝකය ඉදිරියට ගියේය.

තමන් වෙනුවෙන් කතා කිරීම සඳහා මිත්‍ර පාක්ෂික රටවල් දුසිම් ගණනක් එක්රැස් කිරීමට සමත් වූ රටකට, මෙවර මානව හිමිකම් සැසිවාරය නින්දාසහගත බව තහවුරු කිරීමක් විය. ශ්‍රී ලංකාව දැන් තනිව සිටී. අපගේ සාම්ප්‍රදායයික මිතුරු, සාමාජික රාජ්‍යයක් හෝ පෙනුමටවත් ඡන්දයක් ඉල්ලා සිටීමට නැගී සිටියේ නැත.

මෙය රාජ්‍ය තාන්ත්‍රික පසුබෑමක් පමණක් නොවේ. එය ඝෝෂාකාරී නිහඬතාවක් විය. රටක් තර්කය පමණක් නොව, ප්‍රේක්ෂකයන් ද අහිමි වූ විට අනුගමනය කරන ආකාරයේ නිහඬතාවකි.

අතීතයේදී, ශ්‍රී ලංකාව අවම වශයෙන් තම අරමුණ වෙනුවෙන් සටන් කිරීමට කටයුතු කළේ ය. උණුසුම් කතා, පසුබිම් රාජ්‍ය තාන්ත්‍රිකභාවය, නොබැඳි ජාතීන්ගේ ප්‍රකාශ සහ සහයෝගය සඳහා උපයෝගී කරගත් උපාය මාර්ගික හවුල්කාරිත්වයන්ගෙන් එය පිරී තිබුණි.

ජිනීවාහි ශ්‍රී ලංකාවේ ස්ථාවරය, කෙතරම් පුරෝකථනය කළ හැකි, සදාචාරාත්මකව සම්මුතියකට එළැඹ ඇති සහ දේශපාලනික වශයෙන් බිහිරි වී ඇත්ද යත්, අපගේ ස්වෛරීභාවයට අනුකම්පා කරන රටවල් පවා තවදුරටත් අප සමග සම්බන්ධ වීමට කැමැති නැත. අප තවදුරටත් අසාධාරණ පක්ෂග්‍රාහීත්වයේ ගොදුරක් ලෙස නොසැලකේ. ඒ අනුව, ඡන්දයක් නොමැති යෝජනාව ක්‍රියා පටිපාටික අහම්බයක් නොවේ. එය බැරෑරුම් සංඥාවකි.

මෙම ක්‍රියාවලිය අතරතුර විදේශ අමාත්‍යාංශය සිටියේ කොහේද? බලපෑම් කිරීම, කලාපීය එකඟතාව ගොඩ නැගීම, නීතිමය තර්ක කිරීම කොහේද? අපගේ උපාය මාර්ගයට සිදු වූයේ කුමක් ද? කොටින්ම ලංකාවේ රජය පවා ඒ ගැන සැලකිලිමත්ද?

අප අපෙන්ම අසාගත යුතුය. අද ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය කුමක්ද? අපගේ සගයෝ කවුරහුද? අප ප්‍රවර්ධනය කරන වටිනාකම් මොනවාද? අප තවමත් දරන්න කියා සිටින්නේ කුමන සදාචාරාත්මක අධිකාරියද?

මේ පසුබෑම් මැද අප නැවත වරක් ලෝකය තුළ අදාළ’ වීමට නම් අපගේ ආර්ථීක ගමන ශක්තිමත් කර ගත යුතුව තිබේ. විශාල පොරොන්දු සමග පත් වූ ආණ්ඩුවේ ගමන තුළ නම් එවැන්නක් පෙනෙන තෙක් මානයක නැත.

ආණ්ඩුවේ ඝෝෂාකාරී හඬ නොතකා, ප්‍රශ්නය කෙළින්ම ඇසිය යුතුය. මාලිමා ආණ්ඩුව ආර්ථිකය කළමනාකරණය කරනවාද නැතහොත් හුදෙක් දේශපාලන සංදර්ශන කළමනාකරණය කරනවාද යන්න ය.

ආරම්භයේ සිටම, මාලිමාව අතීතයේ දූෂිත, ගජමිතුරු ධනේෂ්වර පාලන තන්ත්‍රවලින් පිරිසුදු නව නැගීමක් ලෙස තමන් විකුණා ගත්තේය. එහෙත් ප්‍රගතිශීලීවාදයේ සහ දේශප්‍රේමී සටන් පාඨවල ආවරණයට යටින් අර්ධ පියවර සහ දේශපාලන රඟහල සමග වැඩි වැඩියෙන් සමීප වූ ආණ්ඩුවකි එන්න එන්නම අපට පෙනෙන්නට තිබෙන්නේ.

“ආර්ථික ස්ථාවරත්වය”‍ පිළිබඳ ඔවුන්ගේ බොහෝ ප්‍රසිද්ධ ප්‍රකාශ ගන්න. ඔව්, උද්ධමනය තරමක් ස්ථාවර වී ඇති අතර රුපියල තවදුරටත් හිතුමතේ කඩා වැටෙන්නේ නැත. එහෙත් මේවා 2022-23 ඓතිහාසික කඩාවැටීමෙන් පසුව සිදු වූ නොවැළැක්විය හැකි නිවැරැදි කිරීම් මිස කිසිදු නිර්භීත නව ප්‍රතිපත්ති දැක්මක ප්‍රතිඵලයක් නොවේ යැයි පැහැදිලිව කියමු. ජාජබ රජය බලයට පත්වීමට පෙර සිටම මූල්‍ය අරමුදල් අධීක්ෂණය යටතේ වූ ස්ථාවරකරණය ඒ ආකාරයෙන්ම සිදුවෙමින් තිබේ.

ආණ්ඩුව කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනම තමන්ගේම ”‍ජනතාව-පළමු ආර්ථික ආශ්චර්යය”‍ ලෙස නැවත ඇසුරුම් කිරීමට උත්සාහ කිරීමය. එහෙත් දැන් එහි ඉරි තැලීම් පෙනෙන්නට පටන් ගෙන තිබේ.

මාලිමා රජයේ ආර්ථික උපාය මාර්ගය (එය එසේ හැඳින්විය හැකි නම්) හුරු පුරුදු ජනප්‍රියවාදී පිටපතක් අනුගමනය කරමින් ඇත. ඵලදායිතාව හෝ අයවැය සීමා ගැන එතරම් තැකීමක් නොකර සහ තැන නොතැන නොබලා රාජ්‍ය අංශයේ බඳවා ගැනීම් කරනු දක්නට ලැබේ. එමෙන්ම, පුළුල් මූල්‍ය සැලසුම්කරණයකින් තොරව හදිසි බදු සීමාව වැඩි වේ. රට තවමත් බිලියන ගණනක විදේශ ණය ගෙවන අතරතුර සහනාධාර සහ සුබසාධන ව්‍යාප්තිය පිළිබඳ පොරොන්දු, අපනයන වර්ධනය සඳහා ව්‍යුහාත්මක සැලැස්මක් නොමැතිව - මධ්‍යම පාන්තික පාරිභෝගිකයන් සතුටු කිරීම සඳහා ආනයන තහනම් ලිහිල් කිරීම වැනි දේවල් දිගින් දිගටම කර ගෙන යනු පෙනේ.

මේවා ජනතාව සතුටු කරන පියවරයෝය. එහෙත් ඒවා මූල්‍යමය වශයෙන් භයානක සහ බුද්ධිමය වශයෙන් වංක ය. මුදල් පැමිණෙන්නේ කොහෙන්ද? දිගු කාලීන පිරිවැය මොනවාද? මාලිමා දේශපාලන වේදිකාව රටට පොරොන්දු වූයේ එවැනි දිගුකාලීන විසඳුම් ය. තිරසාර විසඳුම් ය.

මේවා අප විසින් කියන කාරණා නොවේ. එහෙත් මාලිමා වේදිකාවෙන් ඇසුණු ඔවුන්ගේ සිස්ටම් චේන්ජ් කිරීමේ ක්‍රියාදාමය සම්බන්ධ ඒවා ය.

රටේ බදු එකතු කිරීමේ ක්‍රමයට බරපතළ ප්‍රතිසංස්කරණයක් සිදුවී නොමැත. විශේෂයෙන්ම ඍජු බදු පදනම පුළුල් කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග නැත. ඉතා පහසුවෙන් සහ බලහත්කාරයෙන් අයකර ගත හැකි වෘත්තිකයන් වැනි කණ්ඩායම් මතම ආණ්ඩුව රඳාපවතින බව පෙනේ. විදේශ ණය මත යැපීම අඩු කිරීම සඳහා සංයුක්ත දැක්මක් නොමැත. සහනාධාර බෙදා හරින ආකාරය හෝ ඒවායින් ප්‍රතිලාභ ලබන්නේ කවුරුන්ද යන්න පිළිබඳව සැබෑ වගවීමක් නොමැත.

පෙර ආණ්ඩුව අවම වශයෙන් මූල්‍ය අරමුදල් කොන්දේසි මගින් අවශ්‍ය කළ වේදනාකාරී සම්මුතීන් පිළිගත් අතර, මාලිමා ආණ්ඩුව සියල්ල හොඳින් ඇති බව මවාපෑමට කැමැත්තක් දක්වයි.

මේ අතර, ලංකාවේ ආයෝජනය කිරීම පිළිබඳ පසුගිය දා ඇමරිකා එක්සත් ජනපදය විසින් ඉදිරිපත් කළ වාර්තාව අතිශය නරක ඵල ගෙන දෙන්නකි. ඔවුන් ඒ හරහා කියා සිටින්නේ ලංකාවේ ආර්ථික සහ ආයෝජන ප්‍රතිප්‍රත්ති පිළිබඳ අවිනිශ්චිතතා පවතින බවය. ඒ නිසා ම ඔවුන් වාර්තාවලින් කියා සිටින්නේ මෙහි ආයෝජනය කරන විට පරෙස්සමෙන් එසේ කරන ලෙසය. මෙය හුදු ඇමරිකානු ආයෝජකයන්ට පමණක් නොව, ලොව පුරා ලංකාවේ ආයෝජනය කිරීමට අපේක්ෂා කරන සියලු‍ දෙනාට දැල්වූ රතු එළියකි.

පසුගිය දා වාර්තා වූයේ හම්බන්තොට කර්මාන්ත පුරයේ ඉදි කෙරෙන තෙල් පිරිපහදුවකට චීනය විසින් ආයෝජනය කිරීමට නියමිත වූ ඩොලර් බිලියන 3.7ක ආයෝජනය ද දින නියමයක් නොමැතිව කල් දමා ඇති බවය. එය ඇමරිකානු සංඥාවට වඩා භයානක එකකි. මන්ද චීනය විසින් මෙවැනි තීන්දු ගනු ලබන්නේ, ආණ්ඩුව විසින් නිසා ඒ අනුව ලොකු කුඩා කිසිදු චීන ආයෝජනයක් ඉදිරියේ දී අපේක්ෂා කළ නොහැකි ය.

මේ සියල්ලේ ප්‍රතිඵලය වන්නේ, ප්‍රාග්ධන ගලා ඒම තවදුරටත් දුර්වල වී, ශ්‍රී ලංකාවේ ණය තිරසරභාවය පිරිහීමට පත්වීමය. මේ සතියේ ඉදිරිපත් කළ ලෝක බැංකු වාර්තාව තුළ ද ලංකාවේ ආර්ථිකයට ඍජු විදේශ ආයෝජනවල දායකත්වය ප්‍රමාණවත් නොවන බව පෙන්වා දී තිබුණි.

ඉහත සඳහන් කළ ඇමරිකානු වාර්තාවේ සඳහන් වූ විශේෂිත කරුණකි. ඒ වත්මන් ආණ්ඩුව විදේශ ආයෝජන සම්බන්ධයෙන් කිසියම් ආකාරයක “මාර්ක්ස්වාදී එළැඹුමක” සිටින බවය. ඉන් අර්ථවත් වන්නේ, ආණ්ඩුව පෞද්ගලික ව්‍යවසාය, විදේශ ප්‍රාග්ධනය සහ වෙළෙඳපොළ යාන්ත්‍රණ පිළිබඳව ගැඹුරින් සැක කරන බවය. මේ දෙබිඩි ප්‍රතිපත්තිය ලංකාවේ ආර්ථික ඉදිරි ගමන මත දැඩි නිශේධනාත්මක ප්‍රතිවිපාක ගෙන ඒමට නියමිත ය.

ආණ්ඩුව විසින් “ජාතික නිෂ්පාදනය”‍ සහ “ආර්ථික ස්වෛරීභාවය”‍ ගැන වියුක්ත වචනවලින් කතා කරන නමුත් ඒවා 21 වැනි සියවසේ ආර්ථික වර්ධනයට පරිවර්තනය කිරීමට ක්‍රියාත්මක කළ හැකි යාන්ත්‍රණ කිහිපයක් කරන්නේ නැත.

අපට ප්‍රායෝගික සත්‍යය සහ විනයගරුක තේරීම් අවශ්‍ය වන කාලයක, අප නැවතත් දේශපාලන රංග ශාලාව විසින් පාලනය කරනු ලැබේ.

ආණ්ඩුව නිරන්තරව කියා සිටින්නේ තමා පොඩි මිනිසා වෙනුවෙන් සිටින නිර්ප්‍රභූ පාලනයක් බවය. සමහරවිට වත්මන් ආණ්ඩුවේ කුරිරුතම උත්ප්‍රාසය ද මෙයයි. ආණ්ඩුව පෙනී සිටින බව කියන සහ ආණ්ඩුව නඟා සිටුවීමට පොරොන්දු වූ ජනතාව - කම්කරුවෝ, ගොවීහු, දුප්පත්හු - තවමත් දැඩි ආර්ථික දුෂ්කරතාවලට මුහුණ දී සිටිති.

ආහාර මිල ඉහළ මට්ටමක පවතී. ග්‍රාමීය ණය ඉහළ යමින් පවතී. සැබෑ වැටුප් එකතැන පල් වී ඇත. ඒ පසුබිම තුළ පසුගිය දා ලෝක බැංකුව මගින් ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන්නේ මෙරට දරිද්‍රතාව 24.9කට ඉහළ ගොස් තිබෙන බවය. එහෙත්, මෙවන් තත්වයක රටක් පවත්වාගෙන යන ආණ්ඩුවේ ප්‍රමුඛතාව වී ඇත්තේ ‘තාජුඩීන්’ වැනි සංදර්ශනය. ඒවා ගැන වදවූවාට කම් නැත. එහෙත් සත්‍ය ජනතා ගැටලු‍ මේ වැනි සංදර්ශනවලින් වසා තැබීම සැබෑ ඛේදවාචකය වේ.

ශ්‍රී ලංකාවට හිස් විප්ලවයක් අවශ්‍ය නොවේ. රටට වගකිවයුතු, විනිවිද පෙනෙන සහ තාක්ෂණික වශයෙන් ඉදිරිගාමී ආර්ථික කළමනාකරණයක් අවශ්‍ය වේ. මාලිමාවට කතා කළ හැකිය. ගැටලු‍ව ඇත්තේ ප්‍රායෝගික ගමන තුළ ය. මේ දක්වා නම් ගමන් කර ඇත්තේ, අන් ආණ්ඩු ගිය මගට ද වඩා දුබල එකක ය. එය රට මන්දගාමී, එහෙත් නිහඬ පරාජ කරා ගෙන යන සෙයකි.

(***)



අදහස් (1)

ලෝකයා මැද ලංකාව හුදෙකලා වීම

ගුණරත්න Friday, 10 October 2025 02:59 PM

ඔය විදේශ ඇමැති ධුරයට ඉන්දියාවේ පත් කරන්නේ ඔවුන්ගේ රටේ විදේශ සේවයේ පළපුරුදුම ජේෂ්ඨතම නිලධාරියායි. ඒකට හේතුව සාමාන්‍ය දේශපාලනඥයෙක්ට ඔය තනතුර කරන්න අවශ්‍ය පරිණතභාවය, භාෂා කුසලතාවය, රාජ්‍ය තාන්ත්‍රික ගනුදෙනු ගැන හාන්කවිසියක්වත් නැති නිසයි. නමුත් ලංකාවේ අලි ඔලුවෙන් ඉන්න ජවිපෙ මාලිමා ලොක්කන් හිතා ඉන්නේ ඕනෑම දෙයක් ඔවුන්ට පුළුවන් කියයි. අන්තිමේ අපේ රට ලෝකය ඉදිරියේ හෑල්ලු වෙනවා, කොන්වෙලා යනවා...

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 400 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 731 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 327 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site