මහ බැංකුවටත් වඩා බලවත් බාහිර සාධක
ගෝලීය මූල්‍ය වෙළෙඳපොළවල සිදුවෙමින් පවතින කම්පන සහ වෙළෙඳ අවිනිශ්චිතතාවල බලපෑම් මෙරට ආර්ථිකයට දැනෙමින් තිබේ. රුපියල අවප්‍රමාණය වීම, ඉන්ධන සහ ගෑස්මිල ඉහළ යෑම, බස් ගාස්තු සහ ආනයන පිරිවැය ඉහළ යෑම ගෝලීය මූල්‍ය අර්බුදය නිසා මෙරට ආර්ථිකයට බලපා තිබෙන නියත සහ නොවැළැක්විය හැකි ප්රතිවිපාකය. නිදහස් වෙළෙඳාම වර්තමානයේ මුහුණදී තිබෙන පසුබෑම ගෝලීය ආර්ථික වර්ධනයට ද බලපැවැත්විය හැකිය.