2022 මැයි මස 17 වන අඟහරුවාදා
2 6523
ටෙනිසන් කුරේ ගැන මේ දවස් ටිකේ නොයෙක් දෙනා නොයෙක් දේ ලියන කියන හැටි දැක්කා. හොඳ නරක විවේචන, පැසසුම් ගොඩයි. දැන් ඒ කිසි දෙයක් අහන්න දකින්න ටෙනිසන් නෑ. ඊයෙ ටෙනිසන් සියල්ල අතඇරලා සමුගත්තා. ඒ ලියපු, කියපු හැමදේකින්ම තේරුම් යන්නෙ ටෙනිසන් කතාබහට ලක්වෙන වැඩක් කරපු මිනිහෙක් කියන එක.
2 11431
සෙමෙන් ධාවනය වන බස් රථයක ඇතුළත ඉදිරිපස ඩෑෂ්බෝඩය මත බුදු රුවකි. ඉන්පසු රූපයේ ඉහළ දේවරූප සමූහයක් දිස්වේ. පාර දෙපස දුම්නගනු පෙනේ. ඒ ටයර් මත පිළිස්සෙන මළ සිරුරුවලිනි. අසල තාප්පයක ‘ප්‍රේමදාස මරනු’ යනුවෙන් සඳහන් පෝස්ටරයකි.
0 511
රාජ්‍ය කෙටි චිත්‍රපට තරගාවලිය 2020 සඳහා ශ්‍රී ලාංකික කෙටි චිත්‍රපට නිර්මාණකරුවන්ගේ අයැදුම්පත් බාර ගැනීම ආරම්භ කර ඇතැයි සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
0 1694
‘‘ප්‍රේමය නම්’’ චිත්‍රපටය හරහා ලාංකීය සිනමාවේ මුද්‍රා තැබූ සහෝදරයන් දෙදෙනකු, තමන්ගේ දෙවැනි නිර්මාණය සමඟ යළිත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණ තිබේ. ඒ ඊයේ (24) සිට ඊ.ඒ.පී. හා සී.ඊ.එල්. මණ්ඩලවල සිනමා ශාලාවල තිරගත කිරීම ආරම්භ කළ ‘‘රූකඩ පැංචි’’ චිත්‍රපටය සමගිනි. මෙවර නිර්මාණයේ විශේෂත්වයක්ද තිබේ. ඒ පියා නිෂ්පාදනය කළ මේ චිත්‍රපටය පුතුන් දෙදෙනා අධක්ෂණය කර තිබීම.
4 8576
ප්‍රවීණ චිත්‍රපට හා වේදිකා නාට්‍ය අධ්යක්ෂ ධර්මසිරි බණ්ඩාරනායක කලාකරුවාගේ කලා භූමිකාව විමර්ශනයට ලක් කරමින් සිනමා ලේඛකයකු හා විචාරකයකු වන ජීවන්ත දයානන්ද රචිත ‘වම් ඉවුරේ තුන්වැන්නා ධර්මසිරි සිනමාවලෝකනය’ කෘතිය එළිදැක්වීමේ උත්සවය මෙම මස 15 වැනි දින පස්වරු 3.00ට කොළඹ 07, මහවැලි කේන්ද්‍රයේදී පැවැත්වේ.
0 258
සුප්‍රකට ලේඛිකා නොඑල් ස්ට්රේට්ෆීල්ඩ්ගේ ‘SHOE BOOKS’ කතා මාලාවේ එන ‘WHITE BOOTS’ ඇසුරින් මාධ්‍යවේදිනි නිශානි දිසානායක පරිවර්තනය කළ ‘සුදු සපත්තු’ පහන් ප්රකාශනයක් ලෙස නිකුත් වී තිබේ.
0 232
ආචාර්ය ඩබ්ලියු.ඒ. අබේසිංහ රචනා කළ ‘‘මුල් කවය’’ කෘතියේ ද්විතීය භාගය අහස ප්රකාශනයක් ලෙස එළිදැක තිබේ. මෙහි මුල් කොටස මීට පෙර පළ විය. එය ඇලෙක්සැන්දර් සොල්සෙන්ත්සින්ගේ The First Circle කෘතියේ සිංහල පර්වර්තනයයි.
0 144
ශක්තික සත්කුමාර විසින් රචනා කරන ලද ‘පියාපතක සැහැල්ලුව’ සහ රන්ජන් ප්‍රනාන්දු විසින් රචනා කරන ලද ‘ජාතීන් සහ ජාතිවාදය පිළිබඳ අපි ඉගෙන ගත්තේ කෙසේ ද?/ මිනිස් වර්ගයා විනාශ වේවි ද?’ යන කෘති එළිදැක්වීම සැප්තැම්බර් මස 10 වැනිදා බ්‍රහස්පතින්දා ප.ව. 3.00ට කොළඹ-07, නිදහස් මාවතේ පිහිටි ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩල ශ්‍රවණාගාරයේදී සිදු කෙරේ.
0 180
ඉරිදා ලංකාදීප ප්‍රධාන කර්තෘ, ප්‍රවීණ මාධ්‍යවේදී ආරියනන්ද දොඹගහවත්ත මහතා රචනා කළ ‘වන රජදහන’ කෘතිය වාසනා ප්රකාශනයක් ලෙස එළිදැක තිබේ. සාහිත්‍යයට ළැදි ගුණ නැණ බෙලෙන් යුතු යෞවනයන් පිරිසක් බිහිකිරීම මෙම කෘතියෙන් අපේක්ෂිතය. යෞවනයන්ගේ මනස නිවැරැදිව හඳුනාගෙන රචනා වූ කෘතියකි.
15 14921
ඉන්දියාවේ සුප්‍රකට සිනමා අධ්යක්ෂවරයකු වන මනිරත්නම්ගේ නවතම සිනමා නිර්මාණය ‘‘පොන්නියන් සෙල්වන්’’ රූගත කිරීම්වල ඉතිරි කොටස ලබන ඔක්තෝබර් මාසයේ සිට ශ්‍රී ලංකාවේදී සිදුකිරීමට කටයුතු යොදා තිබේ.
3 2650
චිත්‍රපට ප්‍රවර්ගයට අයත් ලක්ෂණවලින් “සූස්ති” චිත්‍රපටය සුසාධිතය. අහම්බෙන් මුණගැසෙන යුවළක්, දින ගණනාවක් පුරා කෙරෙන සංචාරය ඒ අතරමග චරිත හැඩතල විවරණය, ජීවිතය හා සමාජය පිළිබඳ මතවාද යනාදී ලෙස මේ ලක්ෂණ විකාශනය වේ.
2 8243
ඇෆ්ගනිස්තානයේ ප්‍රථම සිනමා අධ්‍යක්ෂවරිය වන, ඇෆ්ගනිස්තානයේත් බටහිර රටවලත් ප්‍රසිද්ධියට ලත් සබා සහාර්, වෙඩි ප්‍රහාරයකට ලක් වී බරපතල තුවාල ලබා දිවියෙන් සමුගත්තාය. 44 හැවිරිදි, සබා සහාර් සිය මෝටර් රථයෙන්, නිවසේ සිට රාජකාරී සඳහා උදෑසන පිටත්ව යද්දී, යතුරු පැදිවලින් පැමිණි තුවක්කුකරුවන් තිදෙනකු මෝටර් රථය හරස් කර වෙඩි තැබීම සිදු කර ඇතැයි කාබුල් පොලිසිය කියයි.
0 2717
විසාකේස චන්ද්‍රසේකරම් අධ්‍යක්ෂණය කළ දෙවැනි සිනමා වෘතාන්තය ‘පාංශු’ චිත්‍රපටය පිළිබඳ විශේෂ දැක්මක් හා සංවාදයක් අද (29) පස්වරු 4.00ට ගම්පහ රීගල් සිනමා ශාලාවේදීත් හෙට (30) පස්වරු 6.00ට කුරුණෑගල ඉම්පීරියල් සිනමා ශාලාවේදීත් පැවැත්වේ.
1 3153
සිංහල සිනමාවේ පුරෝගාමියකු වූ ඉන්දීය චිත්‍රපට අධ්යක්ෂ ඇන්තනි බාස්කර් රාජ් (ඒ.බී.රාජ්) මහතා පසුගියදා තමිල්නාඩුවේ චෙන්නායි නුවරදී අභාවප්‍රාප්ත විය. මියයන විට දී ඒ මහතා 95 වැනි වියේ පසුවිය.
0 2477
අනුමත උසස් කිරීමේ පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු ස්ථාපිත කළැයි චෝදනා කරමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමය බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතාට අද (7) පැමිණිල්ලක් කර ඇත.
1 1590
සිනමාවේදිනී අනෝමා රාජකරුණා මහත්මිය ප්‍රංශ රජයේ සංස්කෘතික අමාත්‍යංශයේ ගෞරව සම්මානයෙන් දෙවැනි වරටත් පිදුම් ලබා ඇත.
0 643
‘යාපනය අන්තර්ජාතික සිනමා උළෙල’ 5 වැනි වරටත් පසුගියදා යාපනයේ දී පැවැත්විණි.
0 761
‘රාජ්‍ය නාට්‍ය උළෙල හා රාජ්‍ය කෙටි නාට්‍ය උළෙල - 2020’ සඳහා අයදුම්පත් බාරගැනීම මේ දිනවල සිදුකෙරේ.
0 1287
සාහිත්‍යකීර්ති ඩබ්ලියු. ඒ. සිල්වාගේ ‘විජයබා කොල්ලය’ නවකතාව ඇසුරෙන් සම්මානනීය ගේය පද රචකයකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයෙකුද වන සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය ‘විජයබා කොල්ලය’ 3ෘ තාක්ෂණයෙන් යුතුව ලබන අගෝස්තු මස 01 වැනිදා සිට ඊ.ඒ.පී. මණ්ඩලයේ සිනමාශාලා රැසකදී තිරගත කෙරේ.
1 2203
ජනප්‍රිය වේදිකා, ටෙලිනාට්‍ය මෙන්ම චිත්‍රපට රංගන ශිල්පිණියක් වන මානෙල් චන්ද්‍රලතා දැඩි ලෙස රෝගාතුරව මේ වනවිට මහරගම අපේක්ෂා රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටින්නීය.
1 609
එදා “මූන්ස්ටෝන්ස්” (Moonstones) සංගීත කණ්ඩායමේ අතීතය සිහිපත් කරමින් මෙදා ප්‍රවීණ සංගීත ප්‍රසංග සංවිධායකවරයකු මෙන්ම ගායන ශිල්පියකු ද වන දමයන්ත කුරුප්පුගේ “ඩී.කේ. ප්‍රමෝෂන්ස්” ඉදිරිපත් කරන ’’Moonstones Live’’ (Memories of The Fabulous) ගී ප්‍රසංගය මෙම මස 28 වැනි දින පස්වරු 7.00 ට කොළඹ BMICH හිදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
2 630
ප්‍රවීණ ගායන ශිල්පී විශාරද සුනිල් එදිරිසිංහගේ ගායන දිවියට වසර 50ක් සපිරීම නිමිත්තෙන් “සුනිලයාමය” (සුනිල් එදිරිසිංහ අඩ සිය වසක ගී සඳඑළිය) විශේෂ ගී ප්‍රසංගය ලබන අගෝස්තු මස 03 වැනි දින පස්වරු 6.30ට කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
3 3770
“7 වැනි දෙරණ සිනමා සම්මාන උළෙලේදී” වසරේ හොඳම අධ්‍යක්ෂණය ඇතුළු සම්මාන 5 ක් හිමිකරගත් සංජීව පුෂ්පකුමාර අධ්‍යක්ෂණය කළ ‘දැවෙන විහඟුන්’(Burning Birds) චිත්‍රපටය ප්‍රේක්ෂක ඉල්ලීම මත යළිත් වතාවක් අද (12) සිට සීමිත සිනමාශාලා කිහිපයක ප්‍රදර්ශනය කිරීමට කටයුතු යොදා තිබේ.
0 759
මෙවර පැවැති 47 වන රාජ්‍ය නාට්‍ය උළෙලේදි හොඳම නාට්‍යය,හොඳම අධ්‍යක්ෂණය හොඳම ස්වීය රචනය.
6 6560
ආසියාවේ දීර්ඝතම ටෙලි නාට්‍යය ලෙස වාර්තා තැබූ කෝපිකඩේට වසර 32 ක් පිරීම නිමිත්තෙන් එහි රංගන ශිල්පීන්ට උපහාර දැක්වීමේ උත්සවයක් සීමාසහිත ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය විසින් ඉකුත්දා පවත්වනු ලැබීය.
4 2613
නාට්‍යවේදී එම්. සෆීර් ප්රමුඛ “ඉන්ටර් ඇක්ට් ආර්ට් බ්ලැක් බොක්ස් තියටර් හවුස්” ආයතනය 8 වැනි වරටත් සංවිධානය කරන “8 වැනි කොළඹ ජාත්‍යන්තර නාට්‍ය උළෙල - 2019” ලබන අගෝස්තු මස 03 වැනිදා සිට 9 වැනිදා දක්වා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
6 1851
2019 වසරේදී ජාත්‍යන්තර සිනමා හා රූපවාහිනී සම්මාන උළෙලවලදී විශේෂ සම්මානයට පාත්‍ර වූ මෙරට සිනමාවේදීන් හා රූපවාහීනි නිර්මාණකරුවන් අගැයීමට ලක් කරමින් ඔවුන්ගේ ඉදිරි කලා කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රදානයක් සිදුකිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරිණි.
1 874
ශ්‍රී ලාංකේය රංග මණ්ඩපය දශත්රොධික කාලයක් ස්වකීය අභිරංගනයෙන් ශෝභා සම්පන්න කළා වූ මාලිනී රණසිංහ විරචිත අපදාන ග්‍රන්ථය “සුප්පා දේවි කතා වස්තුව” එළිදැක්වීමේ උත්සවයක් මෙම මස 11 වැනි දින පස්වරු 3.30ට කොළඹ 07 ශ්‍රී ලංකා පදනම් ආයතනයේදී පැවැත්වේ.