ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන කඳවල හන්දිය ආසන්නයේදී 2026.08.01 වන දින වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමේ අපරාධය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබිණි.
විමර්ශන නිලධාරීන්ට ලද තොරතුරක් මත 2026.08.13 වන දින අපරාධයට ආධාර අනුබලදීම සම්බන්ධයෙන් සැකකරුවෙකු රත්මලාන ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 22 ක් සමඟ අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් සැකකරුවෙකු දෙහිවල ප්‍රදේශයේදී එදිනම අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අවුරුදු 41 හා 48 වයස්වල පසුවන දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ. සැකකරුවන් විසින් ගිනි අවි ප්‍රවාහනය, වෙඩික්කරුට සැඟවීමට ආධාර අනුබල දී ඇති බවට විමර්ශනයේදී අනාවරණය වී ඇත. ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd