(බිඟුන් මේනක ගමගේ)
අනුමත උසස් කිරීමේ පටිපාටියෙන් බැහැරව ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු ස්ථාපිත කළැයි චෝදනා කරමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමය බුද්ධශාසන සංස්කෘතික හා ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් බන්ධුල හරිස්චන්ද්‍ර මහතාට අද (7) පැමිණිල්ලක් කර ඇත.
පසුගිය රජය සමයේ ජාතික සේවක සංගමයේ චිත්‍රපට සංස්ථා ශාඛාවේ ලේකම්වරයාට මෙසේ තනතුරු ප්‍රදානයක් කර ඇතැයි ද මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් කරන්නැයි ද ඉල්ලමින් චිත්‍රපට සංස්ථා සේවක සංගමයේ ලේකම් නිලන්ත ප්‍රසාද් මහතා ලිඛිතව මෙම පැමිණිල්ල කර තිබේ.
චිත්‍රපට සංස්ථාවේ කාර්ය මණ්ඩල බඳවාගැනීම් හා උසස් කිරීම් අනුමත පටිපාටියට බැහැරින් කරන්නේ නම් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබාගත යුතු නමුත් එවැනි අනුමැතියකින් තොරව සැලසුම් සංඛ්‍යාලේඛන පුහුණු නමින් නව අංශයක් පිහිටුවා ඇතැයි ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මේ සඳහා අඩුම තරමින් සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයේ අවසරයවත් ලබාගෙන නැතැයි ද එනිසා මේ ගැන පූර්ණ විමර්ශනයක් කරන්නැයි ද චිත්‍රපට සංස්ථා සේවක සංගමය සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර ඇත.
පැමිණිල්ලේ පිටපතක් කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට ද යොමු කර ඇත.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
චිත්‍රපට සංස්ථාවේ වෙනම අංශයක් පිහිටුවා තනතුරු බෙදලා