වල්ගා තරුව පෘථිවිය අසලට පැමිණෙයි
තාරකා විද්‍යාඥයන්, ‘සී/2022ඊ3’ යනුවෙන් නම් කළ වල්ගා තරුව අද (1) සහ හෙට (2) පෘථිවිය අසලට පැමිණියේය. රාත්‍රී අහස පැහැදිලි නම්, කොළ පැහැති ආලෝකයක් විහිදුවන මෙම වල්ගාතරුව පහසුවෙන් දැක ගැනීමට හැකි බව නාසා විද්‍යාඥයන් කල් කියා පැවැසීමත් සමඟ වල්ගා තරුව දැක ගැනීමමට ලොකු කුඩා කවුරුත් උනන්දු විය.