
ඇමෙරිකාවේ නාවික හමුදා ප්‍රධානියා ලෙස කාන්තාවක් පත් කිරීමට එරට ජනාධිපති ජෝ බයිඩන් තීරණය කර තිබේ. මෙම තනතුර සඳහා යෝජනා කර ඇත්තේ අද්මිරාල් ලීසා ෆැන්චේටී ය.
ඇය ඇමෙරිකාවේ 6 වන නාවික බලඇණියේ ප්‍රධානියා ලෙස කටයුතු කර ඇති අතර, දකුණු කොරියාවේ ඇමෙරිකානු නාවික බලකායේ ප්‍රධානියා ලෙසද කටයුතු කර තිබේ.
ඇමෙරිකානු ජනාධිපතිවරයා විසින් සිදුකළ මෙම නම් කිරීම එරට සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවිය යුතුය. සෙනෙට් සභාවේ අනුමැතිය හිමිවුවහොත්, අද්මිරාල් ලීසා ෆැන්චෙටී ඇමෙරිකාවේ ආරක්ෂක අංශ ප්‍රධානියකු වූ පළමු කාන්තාව වනු ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd