ඇමෙරිකාවේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාගේ පෞද්ගලික කෝකියා මියගොස් ඇතැයි ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කරයි.

ටෆාරි කැම්බෙල් නැමැති 45 හැවිරිදි ඔහු මියගොස් ඇත්තේ පැඩල් බෝට්ටු අනතුරකින් යැයි පොලිසිය පවසා තිබේ.
ටෆාරි කැම්බෙල් අනතුරට පත් වී ඇත්තේ එඞ්ගාර්ටවුන් විලේ බෝට්ටු පැදීමට ගිය අවස්ථාවකදීය.

පැඩල් බෝට්ටුව සමඟ දියේ ගිලුණු කැම්බෙල්ගේ සිරුර හමුවී ඇත්තේ පැය කීපයකට පසුවය. සිරුර සොයා ගැනීමට සෝනාර් තාක්ෂණය යොදා ගත් බව ද පැවැසෙයි.