වායු දූෂණය වැඩිම නගරය ජකර්තා ලොව වායු දූෂණය වැඩිම නගරය ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර යැයි ‘ගෝලීය වායු දූෂණය’ පිළිබඳ සමීක්ෂණ සිදු කරන ස්විට්සර්ලන්ත සමාගමක් පවසයි. 11 August 2023
රුසියන් යානය අද සඳ බලා යයි රුසියාව, වසර 47 කට පසු, සඳට රොබෝ ගවේෂණ යානයක් යැවීය. සඳුගේ දක්ෂිණාර්ධ ගෝලයට පතිත කිරීමට නියමිත මෙම යානයේ අරමුණ, සඳ මතුපිට පස්වල ඇති ජල අංශු පරීක්ෂා කිරීමය. 11 August 2023
උතුරු කොරියා හමුදාපති ධුරයෙන් නෙරපයි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්, එරට හමුදාපති පාක් සුල් ඉල් ධුරයෙන් නෙරපා දමා, යුද්ධයකට සූදානම් වෙන්නැයි හමුදාවට පවසා තිබේ. 10 August 2023
එක්වදෝර ජනපති ධුර අපේක්ෂකයා ඝාතනය කෙරේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන එක්වදෝරයේ, විපක්ෂ ජනාධිපති ධුර අපේක්ෂක ෆර්ඩිනැන්ඩෝ විලාවිසෙන්සියෝ වෙඩි තබා ඝාතනය කෙරුණි. විලාවිසෙන්සියෝ, වෙඩි ප්‍රහාරයට ලක්වූයේ ක්විටෝ අගනුවර, මැතිවරණ රැලියක් අතරතුරේය. 10 August 2023
නව ‘කොවිඞ් 19’ ප්‍රභේදය ඇමෙරිකාවට බ්‍රිතාන්‍යයෙන් හමුවුණු ‘එරිස් - ඊ.ජී.5’ ‘කොවිඞ් 19’ වයිරස ප්‍රභේදය, මේ වනවිට ඇමෙරිකාවට ද ව්‍යාප්ත වී තිබේ. අලුතින් හමුවන ‘කොවිඞ් 19’ ආසාදිතයන්ගෙන් සියයට 17 ක් ‘එරිස් - ඊජී.5’ ආසාදිතයන් යැයි ඇමෙරිකන් සෞඛ්‍ය අංශ පවසයි. ‘එරිස් - ඊජී.5’ යනු කොවිඞ් 19 ‘ඔමික්‍රෝන්’ වයිරසයේ උප ප්‍රභේදයකි. 10 August 2023
පාකිස්තාන පාර්ලිමේන්තුව විසුරුවයි මහ මැතිවරණයකට මඟ පාදමින්, පාකිස්තාන පාර්ලිමේන්තුව ඊයේ (9) මධ්‍යම රාත්‍රියේ විසුරුවා හැරුණි. අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ගේ උපෙදස් සැලකිල්ලට ගනිමින්, පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබුවේ එරට ජනාධිපති අසීෆ් අලී මැදිහත් වීමෙනි. 10 August 2023
හවායි දූපතේ ළැව් ගිනි: 6 ක් පිළිස්සී මරුට ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යය මායුයි සහ බිග් අයිලන්ඩ් දූපත් ළැව් ගින්නකින් බැට කෑවේය. වියලි සුළං හේතුවෙන් ළැව් ගින්න පාලනය කර ගැනීම අපහසු වූ බව ගිනි නිවන භටයෝ කියති. 10 August 2023
බයිඩන්ට මරණ තර්ජන එල්ල කළ පුද්ගලයා මරා දැමේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් ඇතුළු නිලධාරීන්ට, අන්තර් ජාලය ඔස්සේ මරණ තර්ජන එල්ල කළ ක්‍රෙග් රොබට්සන් නමැත්තා එෆ්.බී.අයි. පරීක්ෂකයන් කළ වෙඩි තැබීමකින් ජීවිතක්ෂයට පත්විය. 10 August 2023
තායිලන්ත රජුගේ වැඩිමල් පුතු ආපසු එයි තායිලන්තයේ මහා වජ්රලෝංග්කෝන් රජුගේ වැඩිමල් පුතු 42 හැවිරිදි වච්රසෝන් විවාචරොන්ග්, වසර 27 කට පසු යළි තායිලන්තයට පැමිණ ඇතැයි එරට මාධ්‍ය වාර්තා පවසයි. 09 August 2023
මොස්කව් නුවරට ආ ඩ්‍රෝන යානා විනාශ කරයි මොස්කව් අගනුවරට පහර දීමට ආ නියමුවන් රහිත ප්‍රහාරක යානා දෙකක් පහර දී විනාශ කිරීමට රුසියන් හමුදාව සමත් විය. 09 August 2023
නේපාලයට මහ වැසි නේපාලයට ඇද හැලෙන මෝසම් වැසි හේතුවෙන් දහස් ගණනකට උන්හිටිතැන් අහිමි වී ඇතැයි පැවැසෙයි. 09 August 2023
පුපුරා නොගිය බෝම්බයක් හමුවෙලා ජර්මනියේ ඩුසෙල්ඩෝෆ් නගරයේ සත්වෝද්‍යානයට නුදුරින් දෙවැනි ලෝක යුද්ධයේ දී භාවිත කළ පුපුරා නොගිය බෝම්බයක් හමුවීමත් සමඟ මහත් කලබලයක් හටගත්තේය. 09 August 2023
පෘතුගාලයේ ළැව් ගිනි දකුණුදිග පෘතුගාලයේ ළැව් ගිනි පැතිරෙයි. ළැව් ගිනි නිවා දැමීමට ගිනි නිවන භටයන් දහස් ගණනක් යොදවා ඇතැයි ද වාර්තා වේ. 09 August 2023
අවුරුදු 10 ට වැඩි දැරියන්ට පාසල් අධ්‍යාපනය තහනම් ඇෆ්ගනිස්තානයේ, අවුරුදු 10 ට වැඩි දැරියන් සඳහා පාසල් අධ්‍යාපනය තහනම් කිරීමට ඇෆ්ගන් තලේබාන් රජය තීරණය කළ බව විදෙස් මාධ්‍ය පැවැසීය. 08 August 2023
ස්වීඩනයට නෝර්වේ රාජ්‍යයට මහ වැසි ඇද හැලෙන මහ වැසි හේතුවෙන් ස්වීඩනයේත්, නෝර්වේ රාජ්‍යයේත් හදිසි ආපදා තත්ත්වයක් නිර්මාණය වී ඇත. 08 August 2023
ඇමෙරිකන් නියෝජිතයෝ නයිජර් හමුදා ප්‍රධානීන් හමුවෙති ඇමෙරිකන් නියෝජිතයන් පිරිසක් සහ නයිජර් රාජ්‍යයේ බලය අල්ලා ගත් හමුදා නායක මොවුසා සලාඕ බර්මෝ අතරේ හමුවක් නියාමේ අගනුවරදී පැවැත්විණි. 08 August 2023
යුක්රේන ජනපති මරන්න හදලා යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී ඝාතනය කිරීමට තැත් කළ තරුණියක, යුක්රේන ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබේ. 08 August 2023
රුසියාව ආයෙත් සඳ තරණයට දශක පහකට පසු යළිත් සඳ ගවේෂණයට රොබෝ යානයක් යැවීමට සැලැසුම් කරන බව රුසියාව පවසයි. 08 August 2023
නයිගර් ගුවන් කලාපය වසා දැමීමට හමුදාව තීරණය කරයි නයිගර් රාජ්‍යයේ ගුවන් කලාපය වසා දැමීමට එරට බලය අල්ලා ගත් හමුදාව පියවරගෙන තිබේ. අසල්වැසි බටහිර අප්‍රිකානු රටවලින් සහ බටහිර රටවලින් එල්ල විය හැකි තර්ජන හේතුවෙන් නයිගර් හමුදාව මෙම තීරණය ගත් බව පැවැසෙයි. 07 August 2023
‘චන්ද්‍රයාන් 3’ යානය සඳේ ඡායාරූප එවලා සඳට ගොඩ බෑමට සූදානමින්, සඳුගේ කක්ෂයට පිවිසි, ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය ලබා ගත් සඳුගේ ඡායාරූප මේවනවිට පෘථිවියට ලැබෙන්න සලස්වා තිබේ. 07 August 2023
කාම්බෝජ අගමැති පුතාට බලය පවරයි කාම්බෝජ අග්‍රාමාත්‍ය හුන් සෙන් නිල වශයෙන්, සිය වැඩිමල් පුතු සොන් හුන් මනෙට් ට අග්‍රාමාත්‍ය ධුරය පිරිනැමුවේය. 07 August 2023
චීනයේ භූමි කම්පාවක් නැගෙනහිර චීනයේ පළාත් කීපයක් භූමි කම්පාවකින් දෙදරා ගියේය. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් මාපක 5.4 ක් ලෙසය. 07 August 2023
අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’ නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී. 07 August 2023
පාකිස්තානයේ මගි දුම්රියක් පීලි පනී දකුණු දිග පාකිස්තානයේ දුම්රියක් පීලි පැනීමකින් මගීහු 15 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මගීන් 50 කට අධික පිරිසක් තුවාල ලබා ඇතැයි පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ. 06 August 2023
කාලතරණය කළ හැකි විස්මිත පණුවෙක් කාලතරණය කළ හැකි විස්මිත පණු විශේෂයක් සොයා ගැනීමට විද්‍යාඥයන්ට හැකි වී තිබේ. වසර 46,000ක් වයසැති මේ පණු විශේෂය විද්‍යාඥයන් සොයා ගත්තේ සයිබීරියාවේ හිමෙන් වැසුණු වනාන්තර ප්‍රදේශයක කළ ගවේෂණයකදීය. 06 August 2023
කිව් අගනුවර ලේ බැංකුවට මිසයිල ප්‍රහාරය යුක්රේනයේ කීව් අගනුවර ලේ බැංකුවට රුසියන් හමුදා ගුවන් ප්‍රහාර එල්ල කළේය. 06 August 2023
ඉම්රාන් හිරේ දැම්මැයි විරෝධතා පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සිරගත කිරීම සම්බන්ධයෙන් ඔහුගේ ‘තරීක් ඊ ඉන්සාෆ්’ පක්ෂ සාමාජිකයන්, කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් අගනුවර විරෝධතා ආරම්භ කර තිබේ. 06 August 2023
නෙවල්නි වසර 19 ක් හිරේ දේශද්‍රෝහී චෝදනාවලට වරදකරු වුණු රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නිට වසර 19 ක සිර දඬුවමක් නියම විය. 06 August 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳේ කක්ෂයට පිවිසෙයි සඳ ගවේෂණයට ඉන්දියාව යැවූ ‘චන්ද්‍රයාන් 3’ රොබෝ ගවේෂණ යානය, සාර්ථකව සඳේ කක්ෂයට පිවිසියේය. 06 August 2023
අයි.එස්. ත්‍රස්ත සංවිධානයට අලුත් නායකයෙක් අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටෙට් ත්‍රස්ත සංවිධානය ඔවුන්ගේ නව නායකයා ලෙස අබු හෆාස් අල් හෂීමි අල් කුරේෂි තෝරාගෙන ඇතැයි වාර්තා වේ. මේ බව නිවේදනය කළේ ද අයි.එස්. ත්‍රස්ත සංවිධානයයි. 04 August 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026