
රුසියන් ගගනගාමී ඔලෙග් කොනොනෙන්කෝ දින 878 ස් සහ පැය 12 ක් (වසර 2 1/2 ක්) අභ්‍යවකාශ නැවැතුම්පොළේ ගත කරමින් වාර්තාවක් පිහිටුවා තිබේ.
ඔලෙග් කොනොනෙන්කෝ මෙම වාර්තාව පිහිටවූයේ, මීට පෙර දින 878 පැය 11 ක් අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටි ගගනගාමී ගෙනඩි පඩල්කා අභිබවා යමිනි.
‘මා කුඩා කළ සිට ආසා කළේ ගගනගාමියකු වෙන්නයි. මා එය කළා. මා අභ්‍යවකාශ නැවැතුම්පොළේ රැඳී සිටියේ මට පැවරුණු රාජකාරි සම්පූර්ණ කරමින්. වාර්තාවක් පිහිටුවීමේ අරමුණින් නම් නොවෙයි’ යැයි ඔලෙග් කොනොනෙන්කෝ මාධ්‍ය හමුවේ පවසා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අඟහරු ලෝකෙටත් එහෙනම් මිනිස්සු යන එක සැබෑවෙයි, අඩු ගුරුත්වයක ගොඩක් කල් ඉන්න පුලුවන්නම් යාවි