ගුවන් යානය ‘කැඩිලා’ කැනඩා අගමැති අතරමං ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, පසුගිය සති අන්තයේ පැවැති ‘ජී20’ සමුළුවට සහභාගී වූ කැනඩා අග්‍රාමාත්‍යවරයා තව දුරටත් ඉන්දියාවේ රැඳී සිටින බව වාර්තා වේ. 12 September 2023
ප්‍රංශ ජනපති බංග්ලාදේශයේ ඉන්දියාවේ ‘ජී20’ සමුළුවට සහභාගී වීමෙන් පසු, ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන්, දෙදින නිල සංචාරයක් සඳහා බංග්ලාදේශයට පැමිණියේය. 12 September 2023
ගගනගාමීන් උඩු ගුවනට යවන්නත් ඉන්දියාව සූදානම් ඇමෙරිකාවේ ‘නාසා’ ආයතනය සමඟ අත්වැල් බැඳ ගනිමින්, පෘථිවි කක්ෂයේ රඳවා ඇති ජාත්‍යන්තර අභ්‍යවකාශ නැවැතුම්පොළට, ඉන්දීය ගගනගාමීන් යැවීමට, ඉන්දීය ජාතික අභ්‍යවකාශ පර්යේෂණ ආයතනය සූදානම් වෙයි. 11 September 2023
චීනය ‘මර්දනය’ කිරීමේ අදහසක් නෑ චීනය ‘මර්දනය’ කිරීමේ කිසිදු අදහසක් ඇමෙරිකාවට නැති බවත්, චීනය සමඟ ගැටුම් ඇති කර නොගෙන කටයුතු කිරීමට ඇමෙරිකාව සූදානම් බවත් ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත. 11 September 2023
ඇමෙරිකන් ජනපති බයිඩන් වියට්නාමයේ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැති ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට සහභාගී වූ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, වියට්නාමයේ හැනොයි අගනුවර බලා පැමිණියේය. 11 September 2023
සුනාක් බංග්ලාදේශ අගමැතිනිය හමුවෙලා ‘ජී20’ සමුළුවට සහභාගී වූ බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් සහ බංග්ලාදේශ අග්‍රාමාත්‍යවරිය ශෙයික් හසීනා අතරේ සුහඳ හමුවක් පැවැත්වුණු අතර, එම හමුව පැවැත්වුණු ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ කසුකුසුවක් නිර්මාණය වී ඇත. 11 September 2023
පුටින් අත්අඩංගුවට ගන්න දෙන්නේ නෑ ලබන 2024 වසරේ, ‘ජී20’ රාජය නායක සමුළුවේ සත්කාරකත්වය බ්‍රසීලයට හිමිවුණු අතර, බ්‍රසීල ජනාධිපති ලූලා ද සිල්වා, රුසියන් ජනාධිපති ව්ලැදිමිර් පුටින් ගැන අදහස් දැක්වීමක් කළේය. 10 September 2023
විද්‍යාඥයන් මවිත කළ රන් බිජුව විද්‍යාඥයන් මවිතයට පත් කළ ‘රත්තරන් බිත්තරයක්’ ඇලෙස්කා බොක්කේ, අඩි 3,300 ක් ගැඹුරු මූදු පතුළින් හමුවී ඇත. බිත්තරයක් යැයි සැක කරන මෙම අබිරහස් දේ, වස්තුව සම්බන්ධයෙන් පරීක්ෂණ දිගටම සිදුවෙයි. 10 September 2023
භූමි කම්පාවෙන් මියගිය ගණන 2,000 පසු කරයි මොරොක්කෝව කැලැඹූ භූමි කම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර තිබේ. තුවාල ලැබූ ගණන 1,400ට වැඩිය. මොරොක්කෝ රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය. 10 September 2023
මාලදිවයින ජනපතිවරණය: කාටවත් බහුතරය නෑ මාලදිවයින ජනාධිපතිවරණය පැවැත්වණු අතර, වත්මන් ජනාධිපති ඊබ්‍රහීම් මොහොමඞ් සෝලේට අභියෝග කිරීමට විපක්ෂ නායක මොහොමඞ් මුයිසු සමත් විය. 10 September 2023
හොලිවුඞ් නළු ස්ටැලෝන් පාප්තුමන් හමුවෙලා අතිශය ජනප්‍රිය හොලිවුඞ් ක්‍රියාදාම නළු සිල්වෙස්ටර් ස්ලැටෝන් සහ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන් අතරේ හමුවක් වතිකානයේදී පැවැත්විණි. 10 September 2023
හොංකොං ජලයෙන් යටවෙයි චීන පාලනය යටතේ පවතින හොංකොං නගර රාජ්‍යයට මහ වැසි ඇදහැලෙමින් පවතී. එරට බලධාරීන් පවසන්නේ, මෙවැනි වර්ෂාපතනයක් වාර්තා වූයේ වසර 140 කට පසු බවය. 08 September 2023
ගැබොන් විපක්ෂ නායකයා අන්තර්වාර ජනාධිපති වෙයි ජනාධිපතිවරයා බලයෙන් නෙරපා දැමීමෙන් පසු රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාව, එරට හිටපු විපක්ෂ නායක රේමන්ඞ් ඩොන්ග් සීමා අන්තර්වාර ජනාධිපති ලෙස පත් කර තිබේ. 08 September 2023
උතුරු කොරියාව න්‍යෂ්ටික ප්‍රහාරක සම්මැරීනක් හදලා උතුරු කොරියානු හමුදාව විසින් නිපදවනු ලැබූ පළමු න්‍යෂ්ටික ප්‍රහාරක සබ්මැරීනය එළිදැක්විණි. සබ්මැරීනය එළිදැක්වීම සිදුවූයේ නායක කිම් ජොන් උන්ගේ ප්‍රධානත්වයෙනි. 08 September 2023
මෝදි ඉන්දුනීසියාවේ සංචාරයක ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරට පැමිණියේය. ඒ, ඉන්දුනීසියානු ජනාධිපති යෝකෝ විඩෝඩෝගේ ආරාධනාවකට අනුව, එරට පැවැත්වෙන ‘ආසියාන්’ සමුළුවට සහභාගී වීම සඳහාය. 07 September 2023
හිරු ගවේෂණයට යන ඉන්දීය යානය සෙල්ෆි ගහලා ඉන්දියාව හිරු ගවේෂණයට යැවෙන, ‘ආධිත්‍යා එල්.1’ රොබෝ යානය, එහි කැමරාව භාවිතයට ගනිමින් සෙල්ෆි ඡායාරූප ලබා ගෙන ඇති බවත්, ඒවා ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන්ට එවා ඇති බවත් වාර්තා වේ. 07 September 2023
ගැබොන් ජනපතිට රටින් යන්න අවසර හමුදා කුමන්ත්රණයෙන් පසු අත්අඩංගුවට ගෙන නිවාස අඩස්සිට පත් කළ ගැබොන් ජනාධිපති අලී බොන්ගෝ ඔන්ඩිම්බාට නිදහස හිමි වී ඇත. බලය අල්ලා ගැනීමෙන් පසු නව අන්තර්වාර ජනාධිපති ලෙස දිවුරුම් දී සිටින්නේ හමුදා ප්‍රධානී බ්‍රයිස් න්ගුමේය. 07 September 2023
යුක්රේනයට තවත් ඩොලර් බිලියනයක ආධාර පෙර දැනුම් දීමකින් තොරව, යුක්රේනයේ කීව් අගනුවරට ගිය ඇමෙරිකන් ැාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී සමඟ සාකච්ඡා කිරීමෙන් පසු කියා සිටියේ ඇමෙරිකන් රජය තවත් ඩොලර් බිලියනයක මුදල් ආධාර යුක්රේනයට ලබා දීමට සූදානම් බවය. 07 September 2023
පලා ගිය ත්‍රස්ත සැකකරු සොයා මෙහෙයුම් ත්‍රස්තවාදී චෝදනා මත, නඩු විභාගයක් බලාපොරොත්තුවෙන්, ලන්ඩන ් නුවර බන්ධනාගාරයක රඳවා සිටි සැකකරුවකු එම බන්ධනාගලාරයෙන් පැනගොස් ඇති බවත්, ඔහු සොයා පුළුල් මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් වාර්තා වේ. 07 September 2023
සඳේ රහස් සොයන්න ජපානයත් යානයක් යවයි ජපාන අභ්‍යවකාශ ආයතනයේ විද්‍යාඥයන් ද සඳේ රහස් සෙවීමේ අරමුණින් සඳට යානයක් පිටත් කර හැරියේය. සඳට ගොඩබෑමට සැලැසුම් කර ඇති මෙම රොබෝ යානය, ‘මූන් ස්නයිපර් ස්මාට් ලෑන්ඩර්’ යනුවෙන් හැඳින්වෙයි. ජපානය සඳට ගොඩබෑමට රොබෝ යානයක් යවන පළමු අවස්ථාව මෙයයි. 07 September 2023
ඉන්දියාවේ නම වෙනස් වෙලා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජය, ‘ඉන්දියාව’ යන නම වෙනුවට, ‘භාරතය’ යන සංස්කෘත නාමය භාවිතයට යොමු වී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. 06 September 2023
චන්ද්‍රයාන් යානයේ ත්‍රිමාණ ඡායාරූපයක් ‘චන්ද්‍රයාන් 3’ මෙහෙයුම යටතේ සඳේ දක්ෂිණ ධ්‍රැවයට ගොඩබෑ ‘වික්‍රම්’ රොබෝ යානයේ ත්‍රිමාණ ඡායාරූපයක් සකස් කිරීමට ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ සමත් වූහ. 06 September 2023
ජිල් බයිඩන්ට කොරෝනා ඇමෙරිකා ජනාධිපති ආර්යාව, ජිල් බයිඩන් ට ‘කොවිඞ් 19’ වයිරසය ආසාදනය වී ඇතැයි ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 05 September 2023
අලුත්ම කොවිඞ් වයිරසය ‘පිරෝලා’ ‘පිරෝලා’ යනුවෙන් නම් කළ නවතම ‘කොවිඞ් 19’ වයිරසය, ලොව පුරා ව්‍යාප්තවීමේ අවදානමක් පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ. 05 September 2023
උතුරු කොරියා නායකයා පුටින් හමුවන්න සැරැසෙයි උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් අතරේ හමුවක් පැවැත්වීමට නියමිත බව ඇමෙරිකන් රජය පවසයි. ඇමෙරිකන් රජය මෙසේ පැවැසුවේ, එරට ආරක්ෂක අංශ ලබා දුන් වාර්තා පාදක කර ගනිමිනි. 05 September 2023
කඩිනමින් මැතිවරණයකට යනවා - ගැබොන් හමුදාපති කුමන්ත්රණයකින් රටේ බලය අල්ලා ගත් ගැබොන් හමුදාපති බ්‍රයිස් ක්ලෝරතීන් ඔලිගුයි න්ගුවේමා පවසා ඇත්තේ කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට පියවර ගන්නා බවය. 05 September 2023
ඉන්දීය චන්ද්‍ර යානය සඳ මත උඩ පැනලා ‘චන්ද්‍රයාන් 3’ යටතේ සඳ ට ගොඩබෑ ‘වික්‍රම්’ යානය, ‘උඩ පැනීමට’ සැලැස්වූ බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයෝ කියති. 04 September 2023
සුඩානයේ අගනුවරට ගුවන් ප්‍රහාර: 20 ක් මරුට සුඩානයේ බලය අල්ලා ගෙන සිටින හමුදාව, ප්‍රතිවාදී සන්නද්ධ කණ්ඩායම් ඉලක්ක කර ගනිමින්, සුඩානයේ කර්ටෝම් අගනුවර කලක්ලා අල් කූබේ පළාතට ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. 04 September 2023
‘ජී20’ සමුළුවට චීන ජනපති එන්නේ නෑ ඉන්දියාවේ නවදිල්ලි අගනුවර පැවැත්වෙන ‘ජී20’ රාජ්‍ය නායක සමුළුවට තමන් සහභාගී නොවන බවත්, තමන් වෙනුවට සමුළුවට සහභාගී වනු ඇත්තේ චීන අග්‍රාමාත්‍ය ලී කෙකියැං බවත්, චීන ජනාධිපති ෂී ජින්පින් පවසා තිබේ. 04 September 2023
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026