IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්

ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.

ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානයේ සිරියානු දේශසීමාවට නුදුරින් පිහිටි ඇමෙරිකන් හමුදා රැඳී සිටින කඳවුරකටය.

ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාන හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් යැයි ඇමෙරිකාව පවසයි. ප්‍රහාරය එල්ල කළ කිසිවකුටවත් කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.

ඉරාන හිතවාදී සටන්කාමීන්, හවුති සටන්කාමීන් ද ඇතුළුව, මේ වනවිට සිරියාවේත්, ඉරාකයේත්, ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් පහර දෙයි. ඒ, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම්වලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය වීමට විරෝධය දක්වමිණි.

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් ගණන මේ වනවිට 26,400 පසු කර තිබේ.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ජෝර්දානයේ ඇමෙරිකන් සෙබළුන්ට ඩ්‍රෝන ප්‍රහාරයක්

චන්දන Monday, 29 January 2024 03:47 PM

ඇමරිකාව ඊශ්‍රායලයට උදව් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කනව වගේ ලංකාව ත් රතු මුහුද රකින්නට ගිහිල්ලා ඉල්ලගෙන කනව .

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site