
ජෝර්දානයේ ඇමෙරිකන් හමුදා නිලධාරීන් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල විය.
ප්‍රහාරයෙන් ඇමෙරිකන් හමුදා නිලධාරීහු තිදෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. තුවාල ලැබූ ගණන 25 ක් යැයි ඇමෙරිකන් හමුදාව නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානයේ සිරියානු දේශසීමාවට නුදුරින් පිහිටි ඇමෙරිකන් හමුදා රැඳී සිටින කඳවුරකටය.
ප්‍රහාරය එල්ල කරන්න ඇත්තේ ඉරාන හිතවාදී ඉස්ලාමීය සටන්කාමීන් යැයි ඇමෙරිකාව පවසයි. ප්‍රහාරය එල්ල කළ කිසිවකුටවත් කිසිදු සමාවක් නොදෙන බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසා ඇත.
ඉරාන හිතවාදී සටන්කාමීන්, හවුති සටන්කාමීන් ද ඇතුළුව, මේ වනවිට සිරියාවේත්, ඉරාකයේත්, ඇමෙරිකන් හමුදා ඉලක්ක කර ගනිමින් පහර දෙයි. ඒ, ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතරේ ගැටුම්වලින්, ගාසා තීරයේ පලස්තීන සිවිල් වැසියන් ඝාතනය වීමට විරෝධය දක්වමිණි.
ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරවලින් මියගිය සිවිල් වැසියන් ගණන මේ වනවිට 26,400 පසු කර තිබේ.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ඊශ්‍රායලයට උදව් කරන්න ගිහිල්ලා ඉල්ලගෙන කනව වගේ ලංකාව ත් රතු මුහුද රකින්නට ගිහිල්ලා ඉල්ලගෙන කනව .