IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පාවෙන නගරය මංගල ගමන් අරඹයි

ලොව විශාලතම සංචාරක නෞකාව වන 'අයිකන් ඔෆ් ද සීස්' මංගල ගමන ආරම්භ කළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඇමෙරිකාවේ ෆ්ලොරීඩාවේ ජනපදයේ, මියාමි නුවරින් ගමන් ඇරැඹූ 'අයිකන් ඔෆ් ද සීස්' නෞකාව, සත් දිනක් කැරිබියන් දූපත් ආශ්‍රිත මුහුදේ චාරිකා කරනු ඇත.

රෝයල් කැරබියන් ආයතනය සතු මෙම නෞකාව මීටර් 365 ක දිගින් යුක්තය. මෙය තට්ටු 20 කින් සමන්විතය. උපරිම වශයෙන් මගීන් 7,600 කට එහි ගමන් කළ හැකිය. මෙම අධි සුඛෝපබෝගී නෞකාව පාවෙන නගරයක් බඳු යැයි පැවැසෙයි.

ටයිටැනික් නෞකාව මෙන් පස් ගුණයක විශාලත්වයකින් යුත් මෙම නෞකාවේ පිහිනුම් තටාක 7කි.

මෙම නෞකාව, සම්බන්ධයෙන් පරිසරවේදීන් සහ සාගර විද්‍යාඥයන් අදහස් දක්වා ඇත්තේ අප්‍රසාදයෙනි. ඒ, 'අයිකන් ඔෆ් ද සීස්' නෞකාවෙන්, අහිතකර මීතේන් වායුවක් මුදාහැරෙනවා යැයි ඔවුන් පවසන බැවිනි.



අදහස් (0)

පාවෙන නගරය මංගල ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 142 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site