
ඉන්දියාවේ නවදිල්ලි අගනුවර, කෝවිලක සිදුවූ අනතුරකින් කාන්තාවක් මියගොස් තවත් 17ක් තුවාල ලැබූ බව වාර්තා වේ.
කල්කාජී මන්දිර් නමැති මෙම හින්දු කෝවිලේ ආගමික ප්‍රසංගයක් පැවැති අතරතුරදී එහි වේදිකාව බැතිමතුන් මතට කඩා වැටී මෙම අනතුර සිදුවිය.
සිද්ධිය සම්බන්ධයෙන් පසුව විශේෂ විමර්ශනයක් පැවැත්විණි. එහිදී අනාවරණය වී ඇත්තේ ප්‍රසංගය සඳහා නිසි ලෙස අවසර ගෙන නැති බවය. අනතුර සිදුවෙද්දී එහි රැස්ව සිටි හින්දු බැතිමතුන් ගණන 1,600 කි.
තුවාල ලැබූවන් කඩිනම් රෝහල්ගත කළ බවත්, කීප දෙනකුගේ තත්ත්වය බරපතල බවත් පැවැසෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd