
අධික වැසි සහිත අයහපත් කාලගුණික තත්ත්ත්වය හේතුවෙන්, කාලගුණ බලධාරීන් කළ අනතුරු අඟවීමත් සමඟ අද (12) සිට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයේ සේවකයන්ටත්, පෞද්ගලික අංශ සේවකයන්ටත් නිවසේ සිට රාජකාරි කිරීමට අවසර හිමිවී ඇත.
පාසල් වසා දමා ඇති අතර, මාර්ග ගත ක්‍රමයට අධ්‍යාපන කටයුතු සිදුවන බව ද පැවැසෙයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය නිවේදනයක් නිකුත් කරමින් පැහැදිලි කර ඇත්තේ රැකියා ස්ථානයේ ‘භෞතිකව’ සිටිය යුතු සේවකයන් හැර අනෙකුත් සියලුම රජයේ සහ පෞද්ගලික අංශ සේවකයන් සඳහා නිවසේ සිට රජකාරී සිදුකිරීමට අවසර ලබා දුන් බවය.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි, ඩුබායි, සාජා, ෆුජයිරා, අජ්මාන් සහ රාස් අල් කයිමා වන නගර සහ පළාත්වලට තද සුළං, අකුණු සහ ගිගුරුම් සහිත වැසි වාර්තා වී තිබේ.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
එමිරේට්ස් සේවකයෝ නිවසේ සිට වැඩ