
ඇමෙරිකාව සහ ඊජිප්තුව ද හවුල් කර ගනිමින්, කටාර් රාජ්‍යය මැදිහත් වී, ඊශ්‍රායල හමාස් අර්බුදය විසඳීමට සකස් කළ සාම සැලැස්මට හමාස් සංවිධානය නිල වශයෙන් කැමැත්ත පළ කළේය.
එම නව සාම සැලැස්මට අනුව, සටන් විරාමයක් ආරම්භ වනු ඇත. එම සටන් විරාමය අතරතුරේ, හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් යළි ඊශ්‍රායලයට බාර දීම සිදුවනු ඇත.
හමාස් සංවිධානය, සාම සැලැස්මට කැමැත්ත පළ කිරීම එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පැසැසුමට හේතුවක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් කටාර් රාජ්‍යයේත් ඊජිප්තුවේත් සංවිචාරය කරමින්, ඊශ්‍රායල හමාස් සාම සැලැස්ම කඩිනමින් ආරම්භ කරන්නැයි බල කර සිටි බව ද පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd