
චීන චන්ද්‍ර දින දර්ශනයට අනුව, චීන වැසියෝ අද (10) නව අවුරුදු උදාව සැමරූහ. චීන චන්ද්‍ර දින දර්ශනයට අද ආරම්භ වූයේ මකරාගේ වසරය.
අවුරුදු උදාව පිළිගනිමින්, චීනය පුරා වර්ණවත් සැණකෙළි පැවැත්විණි. ඊයේ (9) අවුරුදු උදාව සනිටුහන් කරමින් අති උත්කර්ෂවත් අන්දමින්, සංස්කෘතික ප්‍රසංග පැවැත්විණි.
එම සංස්කෘතික ප්‍රසංග, ලොව පුරා වැඩිම පිරිසක් සජීවීව නැරැඹූ රූපවාහිනී වැඩසටහන බවට ද පත්වී ඇත. චීනය, සියලු ලෝක වාසීන්ට මකරාගේ නව වසර වෙනුවෙන් සුබ පැතුම් එක් කර තිබේ.
(බීබීසී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd