යුක්රේන ඩ්‍රෝන යානයක් රුසියන් ගොඩනැගිල්ලකට වැටේ යුක්රේන හමුදාවට අයත් නියමුවන් රහිත ඩ්‍රෝන යානාවක් කඩා වැටීමෙන් රුසියාවේ මොස්කව් අගනුවර ගොඩනැගිල්ලකට හානි සිදුවිය. 18 August 2023
අලුත් ප්‍රභේද අඩපණ කරන්න ‘ෆයිසර්’ එන්නතක් තමන් නිපදවූ නවතම ‘කොවිඞ් 19’ ප්‍රතිශක්තිකරණ එන්නත, මේ වනවිට මහා බ්‍රිතාන්‍යයේත් ඇමෙරිකාවේත් ව්‍යාප්ත වෙමින් පවතින ‘ඒරිස් - කොවිඞ් 19’ උප වයිරස ප්‍රභේදය අඩපණ කිරීමට ද සමත් වන බව ‘ෆයිසර්’ සමාගම පෙන්වා දෙයි. 18 August 2023
පාකිස්තාන කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාරුල්හක් කකාර්ගේ භාරකාර රජය දිවුරුම් දුන්නේය. මහ මැතිවරණය පැවැත්වෙන තුරු රටේ කටයුතු ස්ථාවරව ඉදිරියට ගෙන යෑම මෙම නව රජයේ අරමුණය. 18 August 2023
කොලොම්බියා අගනුවර භූමි කම්පාවකින් කැලැඹේ ලතින් ඇමෙරිකා රාජ්‍යයක් වන කොලොම්බියාවේ බොගෝටා අගනුවර භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් ලෙසය. 18 August 2023
උතුරු කොරියාවට එරෙහි සමුළුවක් උතුරු කොරියාවෙන් එල්ල වන තර්ජන සම්බන්ධයෙන් ඇමෙරිකාව, දකුණු කොරියාව සහ ජපානය එක් වී සමුළුවක් පැවැත්වීය. 18 August 2023
පුටින්ගෙන් බලපෑමක් නෑ: බෙලරූස් ජනාධිපති කියයි යුක්රේන යුද්ධයට මැදිහත් වෙන්නැයි, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, කිසිම අවස්ථාවක තමන්ට බලපෑමක් කර නැතැයි රුසියාවේත් යුක්රේනයේත් අසල්වැසියකු වන බෙලරූස් රාජ්‍යයේ ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ පවසයි. 18 August 2023
බන්ධනාගාරයේ දී ඉම්රාන්ගෙන් ප්‍රශ්න කරලා පාකිස්තාන ෆෙඩරල් පර්යේෂණ අංශ නිලධාරීන්, බන්ධනාගාරගතව සිටින පාකිස්තාන හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගෙන් ප්‍රශ්න කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 17 August 2023
ඉතාලි නගරයකට ’මඩ සුනාමියක්’ කඩා වදී ඇද හැලෙන මහ වැසි හේතුවෙන්, ඉතාලියේ Bardonecchia නගරය මුළුමනින්ම මඩවලින් වැසී ගොස් ඇත. 17 August 2023
කුරානයට හානි කරලා: පාකිස්තානයේ ප්රචණ්ඩ ක්‍රියා ප්රචණ්ඩ ක්‍රියා හටගෙන ඇත්තේ පාකිස්තාන පන්ජාබ් ප්‍රාන්තයේ ජරන්වාලා පළාතේය. කෝපයට පත් පාකිස්තාන වැසියන් චෝදනා කර ඇත්තේ, ක්‍රිස්තියානුවන් දෙදෙනකු ශුද්ධ වූ කුරානයේ පිටපතකට හානි කරමින්, ඊට අපහාස කළ බවටය. 17 August 2023
සංක්‍රමණික බෝට්ටුවක් ගිලී 60 ක් මරුට සංක්‍රමණිකයන් පිරිසක් ගමන් කළ කුඩා බෝට්ටුවක්, බටහිර අප්‍රිකාවට ඔබ්බෙන් අත්ලාන්තික් සාගරයේ ගිලී යෑමෙන් 60 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. 17 August 2023
හවායි නොගියැයි බයිඩන්ට චෝදනා ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ට චෝදනාවක් එල්ල වී ඇත. ඒ, හවායි දූපතේ ළැව් ගිනිවලින් සිදුවුණු හානිය සොයා නොබැලීම සම්බන්ධයෙනි. 16 August 2023
හිමාචල් ප්‍රාන්තයේ ජල ගැලීම් නායයෑම් ඉන්දියාවේ හිමාචල් ප්‍රාන්තයේ සිදුවුණු නායයෑම් සහ ජල ගැලීම් හේතුවෙන් මියගිය ගණන 60 දක්වා ඉහළ ගියේය. තවත් 100 කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇතැයි ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි. 16 August 2023
අල් කයිඩාවට හවුල් 17 හැවිරිදි ඇමෙරිකන් දැරිය අත්අඩංගුවට ඇමෙරිකාවේ ප්‍රහාරයක් සැලසුම් කළ, අල් කයිඩා ත්‍රස්ත සංවිධානය සමඟ සම්බන්ධකම් පැවැත් වූ 17 හැවිරිදි දැරියක අත්අඩංගුවට ගැනීමට එෆ්.බී.අයි. පරීක්ෂකයෝ සමත් වූහ. 16 August 2023
නයිජර් කුමන්ත්‍රණයට පුටින් මැදිහත් වෙයි නයිජර් හමුදා කුමන්ත්‍රණය සම්බන්ධයෙන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මාලි රටේ හමුදා නායක කර්නල් අසීමි ගොයිතා සමඟ දුරතකතනයෙන් සාකච්ඡා කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 16 August 2023
ලොව වැඩිම උණුසුම ජූලි මාසයේ ලොව වැඩිම උණුසුම වාර්තා වූයේ පසුගිය ජූලි මාසයේ යැයි ඇමෙරිකාවේ නාසා ආයතනය පවසයි. ඇමෙරිකාවේ නාසා ආයතනය පෘථිවි කාලගුණය නිරීක්ෂණය කරයි. ඒ, ඒ වෙනුවෙන් විශේෂයෙන් පෘථිවි කක්ෂයට යැවූ පෘථිවි නිරීක්ෂණ චන්ද්‍රිකා ආධාරයෙනි. 16 August 2023
රුසියන් ඔත්තුකරුවන් බ්‍රිතාන්‍ය දී අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ සිටි රුසියන් ඔත්තුකරුවන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අංශ පවසයි. රුසියාව වෙනුවෙන් ඔත්තු බැලීම් කළ මෙම තිදෙනා, බර්ගේරියානු ජාතිකයන් බව ද පැවැසෙයි. 16 August 2023
නයිජීරියාවේ හමුදා හෙලිකොප්ටරයකට ප්‍රහාරයක් නයිජීරියාවේ හමුදා හෙලිකොප්ටරයකට සතුරු ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරයෙන් හෙලිකොප්ටරය මුළුමනින්ම විනාශ වී කඩා වැටුණි. 15 August 2023
චීන ආරක්ෂක ඇමැති රුසියාවේ සංචාරයක චීන ආරක්ෂක අමාත්‍ය ලී ෂැංග්ෆූ රුසියාවේත්, බෙලරූස් රාජ්‍යයේත් සංචාරය කිරීමට සූදානම් වෙයි. බෙලරූස් යනු රුසියාවේ අසල්වැසි රාජ්‍යයකි. බෙලරූස් ජනාධිපති ලුකෂෙන්කෝ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. 15 August 2023
ඇෆ්ගන් හෝටලයක බෝම්බ පිපිරීමක් දකුණු ඇෆ්ගනිස්තානයේ කෝස්ට් පළාතේ හෝටලයක බෝම්බ පිපිරීමක් සිදුවිය. පිපිරීමෙන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 7 කි. 15 August 2023
ඉතාලියේ ‘එට්නා’ ගිනිකන්ද පුපුරයි ඉතාලියට අයත් සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද පුපුරා යෑම පටන් ගෙන තිබේ. ගිනි කන්ද පිපිරීමට පටන් ගැනීමත් සමඟ සිසිලි දූපතේ කැටානියා ගුවන්තොටුපොළ වසා දැමීමට බලධාරීහු පියවර ගත්හ. 15 August 2023
අන්වාරුල් හක් කකාර් දිවුරුම් දෙයි පාකිස්තානයේ භාරකාර අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු අන්වාරුල් හක් කකාර් සිය ධුරයේ දිවුරුම් දුන්නේය. අන්වාරුල් හක් කකාර්, පාකිස්තානයේ අටවැනි භාරකාර අග්‍රාමාත්‍යවරයාය. 15 August 2023
රුසියාවේ ඉන්ධන පිරවුම්වලකට ප්‍රහාරයක් දකුණුදිග රුසියාවට අයත්, ඩැගෙස්තාන් පළාතේ, ඉන්ධන පිරවුම්හලක ගින්නක් සහ පිපිරීමක් සිදුවිය. 15 August 2023
පාකිස්තානය - ඉන්දියාව නිදහස සමරයි පාකිස්තනය සහ ඉන්දියාව නිදහස සමරයි. පාකිස්තානය ඊයේ (14) සැමරුවේ 76 වැනි නිදහස් දිනය වන අතර, ඉන්දියාව අද (15) සමරන්නේ 77 වැනි නිදහස් දිනයයි. 15 August 2023
ලොව වසඟ කළ කෘත්‍රිම බුද්ධි යුවතිය 19 හැවිරිදි සුරූපී යුවතියක ගැන මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ කතාබහට ලක් වී තිබේ. 14 August 2023
නයිජර් ජනපතිට දේශද්‍රෝහී චෝදනා ධුරයෙන් නෙරපා අත්අඩංගුවට ගැණුනු නයිජර් ජනාධිපති මොහොමඞ් බාසූම්ට දේශද්‍රෝහී චෝදනා යටතේ නඩු පැවැරීමට බලාපොරොත්තු වන බව එරට බලය අල්ලා ගත් හමුදා පාලකයෝ පවසති. 14 August 2023
ඉරානයේ මුස්ලිම් පල්ලියකට අයි.එස්. ප්‍රහාරයක් ඉරානයේ, ෂිරාස් ශුද්ධ නගරයේ, ෂා ෂෙරාග් මුස්ලිම් දේවස්ථානයට කඩා වැදුණු පුද්ගලයකු කළ වෙඩි තැබිමකින් 13 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 40 කි. 14 August 2023
ලැව් ගින්නෙන් නගරයක් මුළුමනින්ම වැනසිලා ලැව් ගිනි හේතුවෙන්, ඇමෙරිකාවට අයත් හවායි දූපත් රාජ්‍යයේ, මවුයි දූපතේ, නගරයක් මුළුමනින්ම විනාශ වී ඇතැයි වාර්තා වේ. ළැව් ගින්නට හසුවී මියගිය ගණන 89 තෙක් ඉහළ ගොස් ඇත. 13 August 2023
හිරු ගවේෂණයට ගිය යානය වසර 17 කට පසු ආපසු ඇවිල්ලා ඇමෙරිකාවේ නාසා ආයතනය, හිරු ගවේෂණයට යැවූ රොබෝ යානා දෙකකින් එකක්, වසර 17 කට පසු යළි පෘථිවිය ආසන්නයට පැමිණ තිබේ. 13 August 2023
අයිෆල් කුලුනට බෝම්බ තර්ජන බෝම්බ බියක් හේතුවෙන් ප්‍රංශයේ පැරිස් අගනුවර අයිෆල් කුලුනේ ආරක්ෂාව තර කෙරුණි. අයිෆල් කුලුන ප්‍රංශයේ අනන්‍යතාවයයි. ලොව ප්‍රසිද්ධ අයිෆල් කුලුන නැරැඹීමට වසරකට මිලියන ගණනක් දෙනා පැමිණෙති. පසුගිය වසරේ පැමිණි නරඹන්නන් ගණන මිලියන 6.2 ක් යැයි පැවැසෙයි. 13 August 2023
ජපානයට භූමි කම්පාවක් ජපානයේ හොකයිඩෝ පළාත භූමි කම්පාවකින් කැලැඹිණි. අද (11) අලුයම හටගත් එම භූමි කම්පාව රික්ටර් පරිමාණයේ ඒකක 6 ක් සටහන් කළේය. 11 August 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026