නේටෝ සාමාජිකයන් සම්බන්ධයෙන් ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩෙනල්ඞ් ට්‍රම්ප් කළ ප්‍රකාශය, නේටෝ මහ ලේකම් ජෙන්ස් ස්ටොලෙන්බර්ග්ගේ අප්‍රසාදයට හේතුවක් වී ඇත.
නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය යනු ඇමෙරිකාව ඇතුළු යුරෝපා බටහිර රටවල් එක් වී රුසියාවෙන් එල්ල වන තර්ජන පිටුදැකීමට පිහිටුවාගත් යුද සන්ධානයයි.
ඩොනල්ඞ් ට්‍රම්ප්, මේ වනවිට ඇමෙරිකන් ජනාධිපතිවරණයට සූදානම් වෙයි. පසුගිය දා ඔහු ජන රැලියක් අමතමින්, නේටෝ සංවිධානය දැඩි ලෙස විවේනය කළේය.
නේටෝ සාමාජික රටවල්, සාමාජික ගාස්තු සහ අරමුදල් නිසි ලෙස නේටෝ සංවිධානයට ලබා නොදෙන්නේ නම්, එම රටවලට රුසියාව පහර දිය යුතු යැයි ට්‍රම්ප් පැවැසීය.
ඇමෙරිකා රජය සැමවිටම, ඇමෙරිකාවේ අර්බුද සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් කටයුතු කළ යුතු බවත්, නේටෝ හවුලට එක් වී අනෙක් රටවල ප්‍රශ්නවලට මැදිහත් වීම සුදුසු නැති බවත් ට්‍රම්ප් එම ජන රැළියේ දී පැහැදිලි කළේය.
ට්‍රම්ප්ගේ මෙම අදහස් දැක්වීම, ඇමෙරිකන් වැසියන්ගේ පැසැසුමට හේතුවක් වූ නමුත් බයිඩන් පරිපාලනයේත්, නේටෝ මහ ලේකම්වරයාගේත් අප්‍රසාදයට හේතුවක් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ට්‍රම්ප්ගේ ප්‍රකාශයට නේටෝවේ අප්‍රසාදය