
රුසියන් විපක්ෂ නායක තම සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළේ රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් බවත්, නෙවල්නි මියගියත්, ‘නිදහස් රුසියවක්’ වෙනුවෙන් ඔහු ආරම්භ කළ සටන අත්හැරීමට තමන් සූදානම් නැති බවත් නෙවල්නිගේ බිරිඳ යුලියා නවල්නායා පවසයි.
නෙවල්නිගේ බිරිඳ මෙසේ පැවැසුවේ, මිනිත්තු නවයක වීඩියෝ පටයක් හරහාය. එම වීඩියෝ පටය ඊයේ (19) මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් විය. ‘දින තුනකට කලින් ව්ලැදිමීර් පුටින් මගේ සැමියා ඇලෙක්සි නෙවල්නි ඝාතනය කළා. ඒ සමඟ මගෙන් කොටසක් මියගියා. මගේ හදවතෙන් කොටසක්, ආත්මයෙන් කොටසක් මියගියා. මගේ සැමියා වෙනුවෙන් මම ඔහුගේ සටන අත්හරින්නේ නැහැ. දූෂණයෙන්, වංචාවෙන් තොර රුසියාවක් වෙනුවෙන් මගේ සැමියා ගෙන ගිය සටන මා ඉදිරියට ගෙන යනවා. මගේ රට වෙනුවෙන්, අපේ රට වෙනුවෙන් මා සටන් කරනවා. නිදහස් රුසියාවක් ගොඩනැගීමේ සටනට ඔබ සැම මා සමඟ එක් වේවි යැයි මා විහ්වාස කරනවා’ යැයි යුලියා, රුසියානුවන් අමතමින් පැවැසුවේ කඳු පිරි දෙනෙතිනි. 47 හැවිරිදි යුලියා, ආර්ථික විශේෂඥවරියකි.
වෘත්තීය නීතීඥයකු පමණක් නොව, පසුව සමාජ ක්‍රියාකාරියකු ද වූ නෙවල්නි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ උදහසට ලක් වූයේ, පුටින්ගේ දූෂණ වංචා අනාවරණය කළ බැවිනි. රාජ්‍ය ද්‍රෝහී චෝදනාවලට වරදකරු වීමෙන් පසු, රුසියන් බලධාරීන් නෙවල්නි රුසියාවේ සයිබීරියාවට අයත් ආක්ටික් කලාපයේ දැඩි සීතල ප්‍රදේශයක පිහිටි බන්ධනාගාරයකට යවනු ලැබ තිබුණි. පසුගිය සිකුරාදා (16) නෙවල්නි හිටිහැටියේ මියගියේ එම බන්ධනාගාරයේ සිටිද්දීය. නෙවල්නිගේ දේහය තවමත් ඔහුගේ මවට හෝ පවුලේ අයට බාර දී නැතැයි ද පැවැසෙයි.
2025 ඔක්තෝබර් මස 08
1882
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1512
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
530
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
සැමියා මැරවේ පුටින්: නෙවල්නිගේ බිරිඳ කියයි