
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කළ සංචාරයෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාර් රාජ්‍යයේ දෝහා නුවරට පැමිණ සිටී. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවී, ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ අරමුණ බව පැවැසෙයි.
2014 වසරේ සිට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන මෝදි, කටාර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණි දෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මෙම වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතර, මෝදි තවත් ධුරයක් අපේක්ෂාවෙන් පසුවෙයි.
ඔත්තු බැලීමේ චෝදනා මත ඉන්දීය නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් අට දෙනකුට කටාර් අධිකරණයක් මරණ දඬුවම දී තිබුණු අතර, මෝදිගේ කටාර් සංචාරයත් සමඟ එම ඉන්දියානුවන් අට දෙනාට නිදහස හිමිවුණු බවත්, ඔවුන් ඉන්දියාව බලා ගිය බවත් වාර්තා විය.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd