
එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යයේ කළ සංචාරයෙන් පසු, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි කටාර් රාජ්‍යයේ දෝහා නුවරට පැමිණ සිටී. කටාර් එමීර් ෂෙයික් තමීම් බින් හමාද් අල් තානී හමුවී, ද්වී පාර්ශ්වීය සබඳතා ශක්තිමත් කිරීම ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිගේ අරමුණ බව පැවැසෙයි.
2014 වසරේ සිට ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරය හොබවන මෝදි, කටාර් රාජ්‍යයේ සංචාරයක් සඳහා පැමිණි දෙවැනි අවස්ථාව මෙය යැයි පැවැසෙයි. මෙම වසරේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්වෙන අතර, මෝදි තවත් ධුරයක් අපේක්ෂාවෙන් පසුවෙයි.
ඔත්තු බැලීමේ චෝදනා මත ඉන්දීය නාවික හමුදාවේ විශ්‍රාමික නිලධාරීන් අට දෙනකුට කටාර් අධිකරණයක් මරණ දඬුවම දී තිබුණු අතර, මෝදිගේ කටාර් සංචාරයත් සමඟ එම ඉන්දියානුවන් අට දෙනාට නිදහස හිමිවුණු බවත්, ඔවුන් ඉන්දියාව බලා ගිය බවත් වාර්තා විය.
(එන්.ඩී.ටීවී.)
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අගමැති මෝදි කටාරයේ