IMG-LOGO

2025 මැයි මස 17 වන සෙනසුරාදා


ඕපන්හයිමර් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල කලඹයි

බ්‍රිතාන්‍ය සිනමා සහ රූපවාහිනී සම්මාන උලෙළ හෙවත් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල ලන්ඩන් නුවර රෝයල් ෆෙස්ටිවල් රඟහලේ පැවැත්විණි.

මෙවර සම්මාන උළෙලේ ක්‍රිස්ටෝපර් නෝලන් අධ්‍යක්ෂණය කළ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය, හොඳම චිත්‍රපටයට අමතරව, ප්‍රධාන සම්මාන රැසක් දිනා ගත්තේය.

හොඳම නළුවා ලෙස සම්මානයට පාත්‍ර වූයේ ‘ඕපන්හයිමර්’ චිත්‍රපටයේ පරමාණු බෝම්බය නිපදවූ ඕපන්හයිමර්ගේ චරිතය රඟ දැක්වූ කිලියන් මර්ෆිය.

චිත්‍රපටයේ අධ්‍යක්ෂ ක්‍රිස්ටෝපර් නෝලන් හොඳම අධ්‍යක්ෂවරයා ලෙස සම්මානයට පාත්‍ර විය.

හොඳම සහාය නළුවා ලෙස සම්මානය දිනුවේ ‘ඕසපන්හයිමර්’ චිත්‍රපටය වෙනුවෙන් එහි රංගනයෙන් දායක වූ ජනප්‍රිය නළු රොබට් ඩවුනි ජූනියර්ය.

හොඳම සංස්කරණය, සංගීතය ඇතුළු තවත් සම්මාන රැසක් ද ‘ඕපන්හයිමර්’ චිත්‍රපටය දිනාගත්තේය.

‘බෙෆ්ටා’ සම්මාන උළෙල මෙවර පැවැත්වූයේ 77 වැනි වරටය.

සම්මාන උළෙලේ හොඳම නිළිය බවට පත්වූයේ ‘පුවර් තිංග්ස්’ චිත්‍රපටයට රංගනයෙන් දායක වූ එමා ස්ටෝන්ය. හොඳම සහාය නිළිය වූයේ ‘ද හෝල්ඩෝවර්ස්’ චිත්‍රපටයට රංගනයෙන් එක් වුණු ඩාවීන් ජෝයි රැන්ඩොල්ෆ්ය.



අදහස් (1)

ඕපන්හයිමර් ‘බෙෆ්ටා’ සම්මාන උළෙල කලඹයි

මැක්ස් Monday, 19 February 2024 04:40 PM

කිලියන් මර්ෆි පරාදයි අපේ මහා නලු අකුදි සහෝදරයාට ඕපන්හයිමර් චරිතය රඟපාන්න දුන්නා නම්...!

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 41 0
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 56 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1629 3
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

Our Group Site