IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී

ඉන්දුනීසියා ජනාධිපතිවරණය ජය ගැනීමට 72 හැවිරිදි ප්‍රබෝවෝ සුබියැන්තෝ සමත් විය. ප්‍රබෝවෝ සුබියැන්තෝ ජයග්‍රහණය කළේ සියයට 58 ක ඡන්ද ප්‍රතිශතයක් හිමි කර ගනිමිනි.

සුබියැන්තෝ හමුදා අණ දෙන නිලධාරියකු ලෙස ද රාජකාරි කර ඇත. පසුගිය රජයේ ආරක්ෂක අමාත්‍යවරයා වූයේ ද ඔහුය. මීට පෙර අවස්ථා දෙකකදී, සුබියැන්තෝ ජනාධිපතිවරණ අපේක්ෂකයකු ලෙස තරග කර ඇති නමුත් ඔහුට ජයක් හිමි නොවිණි.

අග්නිදිග ආසියාවට අයත් ඉන්දුනීසියාවේ ජනාධිපතිවරණය ඊයේ (14) පැවැත්විණි.

ජනාධිපතිවරණයට අමතරව, මහ මැතිවරණයත්, පළාත් සභා මැතිවරණයත් පැවැත්විණි. ජනාධිපතිවරණය, මහ මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය එකම දිනයේ පැවැත්වෙන්නේ ඉන්දුනීසියාවේ පමණක් බව ද පැවැසෙයි.

ඉන්දුනීසියාවේ ජනාධිපති ධුරය හෙබවූයේ ජෝකෝ විඩෝඩෝය. විඩෝඩෝ ධුර කාල දෙකක් සම්පූර්ණ කළ බැවින්, යළි ජනාධිපති ධුරයක් වෙනුවෙන් තරග වැදීමට නොහැකිය. ප්‍රබෝවෝ සුබියැන්තෝ නායකත්වය දෙන්නේ ගෙරින්ද්‍රා දේශපාලන පක්ෂයටය.

ප්‍රබෝවෝ සුබියැන්තෝ යනු ඉන්දුනීසියාවේ දෙවැනි ජනාධිපතිවරයා ද වූ හමුදා පාලක ජනරාල් සුහර්තෝගේ බෑණාය. සුහර්තෝ, 2008 වසරේ මියගියේය. ඒ වනවිට ඔහු 86 වියෙහි පසුවිය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඉන්දුනීසියා ජනපතිවරණයෙන් සුබියැන්තෝ ජය ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 243 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 75 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 778 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site