
පණ ඇති කිසිම දෙයක්, ඡායාරූපයට නැගීම හෝ වීඩියෝගත කිරීම තහනම් යැයි ඇෆ්ගන් තලේබාන් පාලනය නව නීතියක් හදුන්වා දී ඇත.
මෙම නීතිය හදුන්වා දී ඇත්තේ ඇෆ්ගනිස්තානයේ කාන්දහාර් පළාතේ යැයි පැවැසෙයි. කන්දහාර් යනු තලේබාන් උපන් ස්ථානයයි. කන්දහාර් පළාත් අභ්‍යන්තර කටයුතු අමත්‍යාංශය මේ බව පළාතේ වැසින්ට දැනුම් දී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඇමෙරිකන් හමුදා ඇෆ්ගනිස්තානයෙන් පිටවී යෑමෙන් පසු ඇෆ්ගන් තලේබාන්වරුන් ඔවුන්ගේ ෂරියා නීතිය ක්‍රියාත්මක කළේය. තහංචි රැසක් පැනැවීය.
ඇෆ්ගන් තලේබාන්වරුන් ක්‍රියාවට නංවන්නේ, ඔවුන්ට ආවේණික දළදඩු ෂරියා නීතියකි. ඇමෙරිකන් හමුදා ආක්‍රමණයට පෙර, 1999 සිට 2001 දක්වා කාලයේ රූපවාහිනී සහ ඡායාරූප පවා තහනමට ලක් කර තිබුණි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd