
ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට මුක්තිය නැතැයි, එරට අධිකරණයක් තීන්දු කර ඇත.
හිටපු ජනාධිපති ට්‍රම්ප්, මෙම වසරේ නොවැම්බරයේ පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයට ප්‍රතිවාදී රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට ද සූදානමින් සිටී.
ට්‍රම්ප්ට මූල්‍ය අපරාධ චෝදනා, ලිංගික අපරාධ චෝදනා ආදිය එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් වෙන වෙනම නඩු විභාග පැවැත්වෙයි.
ට්‍රම්ප් තරයේ පවසා ඇත්තේ තමන් දේශපාලන පළිගැනීම්වලට ලක් වී ඇති බවය. ඇමෙරිකන් මාධ්‍ය ඊයේ (6) වාර්තා කළේ, අධිකරණය දුන් තීන්දුව එරෙහිව අභියාවනා කිරීමට ට්‍රම්ප් සූදානම් වන බවය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මහත්තයෝ බලය අල්ලගන්නතුරු කට පරිස්සම් කරගෙන ඉන්නකො.