පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පාකිස්තාන මහ මැතිවරණය හෙට (8) පැවැත්වෙයි. අද (7) දිනය පුරා ප්‍රාන්ත රැසකින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා විය.
පළමු බෝම්බය පුපුරා ගියේ බලුකිස්තානයේ ෂිහින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේකෂකයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉදිරියේය. එම බෝම්බයට හසුවීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දෙවැනි බෝම්බය පුපුරා ගියේ කිල්ලා සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ ය. එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 8 ක් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
බෝම්බ පුපුරුවන්න ඇත්තේ බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් යැයි පොලිසිය සැක කරයි.
සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ බෝම්බයට හසුවීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාකිස්තානයේ බෝම්බ පිපිරේ