
ඇමෙරිකාවේ ෆොක්ස් නිවුස් පුවත් නාළිකාවේ හිටපු මාධ්‍යවේදී ටකර් කාර්සන්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් හමුවෙමින්, විශේෂ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබේ. එම සම්මුඛ සාකච්ඡාව රාත්‍රියේ විකාශය වීමට ද නියමිතව තිබුණි.
ටකර් කාර්සන් යනු ඇමෙරිකා මාධ්‍ය ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයකි. ඔහු රූපවාහිනී දේශපාලන වැඩසටහන් මෙහෙයවීමේ දක්ෂයෙකි. රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, මෑත කාලයේ ඇමෙරිකන් නිවේදකයකු සමඟ ඇමෙරිකන් පුවත් නාළිකා වෙනුවෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබා දුන් පළමු අවස්ථාව මෙයයි.
රුසියන් යුක්රේන යුද්ධය, ඊශ්‍රායල හමාස් ගැටුම මැදපෙරදිග අර්බුදය ඇතුළු ලෝක අර්බුද සම්බන්ධයෙන් ටකර් කාර්සන්, පුටින්ගෙන් අදහස් විමසා බැලුවේය. මෙම වසරේ රුසියන් ජනාධිපතිවරණය පැවැත්වෙයි. පුටින් යළි ඊට ඉදිරිපත් වීමට නියමිතය. ඒ සම්බන්ධයෙන් ද ටකර් කාර්සන්, පුටින්ගෙන් අදහස් දැක්වීමක් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd