ෂකිරාගේ පිලිමයක් ලොව අතිශය ජනප්‍රිය, සුරූපී සුපිරි ගායිකා ෂකිරාගේ මීටර් 6.5 ක් උස ප්‍රතිමාවක්, ඇයට ගරු කිරීමක් ලෙස ඉදිකර, නිරාවරණය කිරීමට කොලොම්බියාවේ, බැරැන්කිලා නගර බලධාරීහු කටයුතු කළහ. ෂකිරාගේ උපන් නගරය වන්නේ බැරැන්කිලාය. 28 December 2023
පුටින්ගෙන් මෝදිට ඇරැයුමක් රුසියාවේ නිල සංචාරයකට එන්නැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට ඇරැයුම් කර තිබේ. 28 December 2023
සුපිරි නළු විජයකාන්ත් කොරෝනා වැලඳී මරුට ජනප්‍රිය කොලිවුඞ් නළු නාරායනන් විජයරාජ් අලගර්ස්වාමි හෙවත් විජයකාන්ත් අභාවප්‍රාප්ත විය. 28 December 2023
‘පැරසයිට්’ චිත්‍රපටයේ ලී සුන් කියාම් මියයයි 2019 වසරේ, ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හොඳම චිත්‍රපටයට වූ ‘පැරසයිට්’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතයකට පණ දුන් දකුණු කොරියානු නළු ලී සුන් කියාම් මියගිය බව විදෙස් මාධ්‍ය පවසයි. 27 December 2023
නවදිල්ලියට ඝන මීදුමක් ඉන්දියාවේ නවදිල්ලි අගනුවර ඝන මීදුමකින් වැසී ඇතැයි එරට මාධ්‍ය පවසයි. ඝන මීදුම හේතුවෙන්, අගනුවර ගමනා ගමන කටයුතු මුළුමනින්ම අඩපණ වූ අතර, ගුවන් ගමන් 110 ක් අවලංගු කෙරුණි. 27 December 2023
නිවෙස් අහිමි පිරිස සියයට 40 කින් වැඩිවෙලා ගතවුණු වසර පහක කාලයේ, නිවසක් නැති එංගලන්ත වැසියන් ගණන සියයට 40 කින් ඉහළ ගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කර තිබේ. එංගලන්ත මාධ්‍ය මෙසේ වාර්තා කළේ සිදු කළ නවතම සමීක්ෂණයකින් පසුවය. 27 December 2023
ඊශ්‍රායල හමාස් යුද්ධය මාස ගණනක් දිග්ගැස්සේවි ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ යුද්ධය දැන්ම අවසන් නොවනු ඇති බවත්, එය තවත් මාස ගණනක් දිග්ගැස්සෙනු ඇති බවත් ඊශ්‍රායල හමුදා ප්‍රධානී හෙරිස් හැලේවි පවසයි. 27 December 2023
පාකිස්තාන අගමැති උපදේශක ධුරයෙන් නෙරපයි පාකිස්තාන භාරකාර අග්‍රාමාත්‍ය අන්වාර් උල් හක් කහාර්ගේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටි අහද් චීමා එම ධුරයෙන් නෙරපා දැමීමට පාකිස්තාන ජනාධිපති අරිෆ් අල්වි පියවර ගෙන ඇතැයි හරට මාධ්‍ය පවසයි. 27 December 2023
ඉන්දීය විදේශ ඇමැති රුසියාවේ නිල සංචාරයක ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයිශංකර් සිවුදින සංචාරයක් සඳහා රුසියාවේ මොස්කව් අගනුවරට පැමිණියේය. 27 December 2023
ඊශ්‍රායල ප්‍රහාරයෙන් ඉරාන හමුදා නිලධාරියෙක් මරුට ඊශ්‍රායලය සිරියාවට එල්ල කළ ගුවන් ප්‍රහාරයකින්, තම ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකු ජීවිතක්ෂයට පත් වුණු බව ඉරාන රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 26 December 2023
ලෝක බැංකුවෙන් බිලියන 1.34 ක් යුක්රේනයට රුසියන් ප්‍රහාරවලින් බැටකන යුක්රේනයට, ඇමෙරිකන් ඩොලර් බිලියන 1.34 ක මුදල් ආධාර පැකේජයක් හිමිවිය. 26 December 2023
නයිජීරියාවේ ප්‍රහාර මාලාවක් මධ්‍යම නයිජීරියාවේ නගර රැසකට කඩා වැදුණු සන්නද්ධ කල්ලි සාමාජිකයටන් පිරිසක් කළ වෙඩි තැබීම්වලින් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරවලට හමුවී තුවාල ලැබූ ගණන 300 කි. කාන්තාවන් සහ කුඩා දරුවන් ඒ අතර සිටින බව නයිජීරියා ආරක්ෂක අංශ පවසයි. 26 December 2023
අතුරුදන් වුණු රුසියන් විපක්ෂ නායකයා ඉන්නවා සිර දඬුවම් විඳිමින් සිටියදී අතුරුදන් වූ රුසියන් විපක්ෂ නායක ඇලෙක්සි නෙවල්නි යහතින් සිටින බවත්, බන්ධනාගාර බලධාරීන් ඔහු ආක්ටික් කලාපයේ රුසියාවට අයත් වෙනත් බන්ධනාගාරයට මාරු කර ඇති බවත් නෙවල්නිගේ නීතීඥවරු පවසති. 26 December 2023
හමාස් සටන්කාමීන්ට එරෙහි සටන දැන්ම අවසන් වෙන්නේ නෑ ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව ආරම්භ කළ සටන දැන්ම අවසන් නොවනු ඇති බවත්, ඉදිරියේදී හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ප්‍රහාර තව තවත් වැඩි කිරීමට බලාපොරොත්තු වන බවත් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු පවසයි. 26 December 2023
වසර 72 කට පසු බෙයිජීං නුවරට දැඩි සීතල කාලගුණයක් චීනයේ බෙයිජීං අගනුවර උෂ්ණත්වය වාර්තාගත ආකාරයට පහළ ගොස් තිබේ. 25 December 2023
මැතිවරණය දූෂිතයි: සර්බියාවේ විරෝධතා සර්බියා මහ මැතිවරණයේ ප්‍රතිඵලය ප්‍රතික්ෂේප කරමින්, සර්බියා විපක්ෂ ක්‍රියාකාරීහු, එරට බෙල්ග්‍රේඞ් අගනුවර නගර සභා කාර්යාලයට පහර දෙමින් ඊට කඩා වැදුණාහ. 25 December 2023
ප්‍රංශයේදී රඳවාගත් ගුවන් යානයට යන්න අවසර ප්‍රංශයේදී රඳවා ගත් ඉන්දීය ගුවන් යානයට එරටින් පිටවීමට අධිකරණයේ අවසර හිමිවිය. යානයේ මගීන් 303 ක් සිටිති. 25 December 2023
යුක්රේනය පළමු වරට නත්තල නත්තල් දිනයේ සමරයි යුක්රේන ඕතඩොක්ස් කිතුනුවන්, දෙසැම්බර් 25 වැනිදා, නත්තල් දිනය දා, නත්තල සැමරීමට තීරණය කර තිබේ. 25 December 2023
නත්තල් දේව මෙහෙය: පාප්තුමෝ සාමය ඉල්ලති සුපුරුදු පරිදි, වතිකානයේ ශාන්ත පීටර්ස් බැසිලිකාවේ වාර්ෂික නත්තල් දින දේව මෙහෙය පවත්වමින්, ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමා ලෝක සාමය ප්‍රාර්ථනා කළේය. 25 December 2023
නත්තල උදා වෙද්දී ඊශ්‍රායලය බෝම්බ දාලා නත්තලට පෙර දින සැන්දෑවේ, ඊශ්‍රායල ගුවන් හමුදාව, ගාසා තීරයේ අල් මගාසී සරණාගත කඳවුරට එල්ල කළ ප්‍රහාර මාලාවකින්, පලස්තීන වැසියෝ 70 දෙනෙක් ජීවිතක්ෂයට පත්වුණු බව පලස්තීන සෞඛ්‍ය අමත්‍යාංශය පවසයි. එම ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගණන 100 කට වැඩිය. 25 December 2023
ජේසු බබා ඉන්කියුබේටරයේ ඊශ්‍රායල ප්‍රහාරවලින්, පලස්තීන දරුවන් සහ බිලිඳන් මියයෑම සම්බන්ධයෙන් දැඩි සේ කනගාටුවටත්, කනස්සල්ලටත් පත්ව සිටින පලස්තීන ජාතික කලාකාරියක වන රානා බිෂාරා, නත්තල නිමිත්තෙන් ජේසු බිලිඳාගේ ප්‍රතිමාවක් යොදා ගනිමින් නව කලා නිර්මාණයක් එළිදක්වා ඇත. 25 December 2023
බෙත්ලෙහෙමේ නත්තල් නෑ කතෝලිකයින් අතර අතිශය පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන බෙත්ලෙහෙම නගරයේ, වෙනදා නත්තල් සැමරුම් පැවැත්වූවත් මෙවර නත්තල් සැමරුම් පැවැත්වීමක් සිදු නොවනු ඇතැයි පැවැසෙයි. 24 December 2023
ඉන්දුනීසියාවේ පිපිරීමක් ඉන්දුනීසියාවේ සුලවසි ප්‍රදේශයේ නිකල් කර්මාන්ත ශාලාවක අලුත්වැඩියා කටයුත්තක් අතරතුරේ හටගත් පිපිරීමකින් සේවකයෝ 13 දෙනෙක් ජිවිතක්ෂයට පත්වුහ. තවත් බොහෝ පිරිසක් තුවාල ලැබු බව පැවැසෙයි. 24 December 2023
ගර්භාෂ දෙකේ තරුණිය නිවුන් දැරියන් බිහි කරයි ගර්භාෂ දෙකක් පිහිටි ඇමෙරිකන් කාන්තාවක, දින දෙකකදී නිවුන් දැරියන් බිහිකිරීමේ පුවතක් ඇමෙරිකාවේ ඇලබාමා ප්‍රාන්තයෙන් වාර්තා වේ. 24 December 2023
ඉම්රාන්ට ඇප රාජ්‍ය රහස් අනාවරණ කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්, පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ඇප නියම කිරීමට එරට ශ්‍රේෂ්ඨාධිකරණය කටයුතු කළේය. 22 December 2023
නව කොරෝනා ප්‍රභේදය රටවල් රැසකින් හමුවෙලා ‘කොවිඞ් 19 ඔමික්‍රෝන්’ කොරෝනා වයිරසයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන ‘ජේ.එන්.1’ කොරෝනා වයිරසය ඉන්දියාවේ, සිංගප්පූරුවේ, ඇමෙරිකාවේ, මහා බ්‍රිතාන්‍යයේ සහ චීනයේ ඉතා සීඝ්රයෙන් ව්‍යාප්ත වන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. 22 December 2023
සුපිරි හොලිවුඩ් නළු වින් ඩීසල්ට චෝදනා ‘ෆාස්ට් ඇන්ඞ් ද ෆියුරියස්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය, අංක එකේ හොලිවුඞ් නළුවකු ලෙස ද සැලකෙන වින් ඩීසල්ට ලිංගික අපචාර චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් කැලිෆෝනියා ආධිකරණයක නඩුවක් ද ගොනු කර තිබේ. 22 December 2023
චෙක් ජනරජයේ වෙඩි තැබීමක්: 15 ක් මරුට චෙක් ජනරජයේ, ප්රාග් නුවර විශ්ව විද්‍යාලයක සිදුවුණු වෙඩි තැබීමකින් 15 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ දශක ගණනකට පසු චෙක් ජනරජයේ සිදුවුණු දරුණුතම වෙඩි තැබීමේ සිද්ධිය මෙය බවය. 22 December 2023
තායිවාන ජනපතිවරණයට ටික්ටොක්වලින් බාධා තායිවාන ජනාධිපතිවරණයට චීනය, ‘ටික්ටොක්’වලින් බලපෑම් කරනවා යැයි චෝදනා එල්ල වෙයි. තායිවාන රජය සහ හමුදාව කෙරෙහි අවිශ්වාසයක් ඇති කිරීමේ අරමුණින්, චීනය ‘ටික්ටොක්’ නිර්මාණ තියාවන තරුණ ප්‍රජාව අතරේ ජනප්‍රිය කරන බව පැවැසෙයි. 21 December 2023
වසර 48 ක් දඩුවම් විදීමෙන් පසු නිදහස ලබයි දීර්ග කාලයක් සිරගත ව සිට, නිදොස් කොට නිදහස් ලැබූ රැඳවියා බවට ඇමෙරිකන් කළු ජාතික ග්ලින් සිමෝනස් සැලකෙන බව විදෙස් මාධ්‍ය පවසයි. ග්ලින් සිමෝනස් වසර 48ක්, මාසයක් සහ දින 18ක් සිරගත ව සිටි අයෙකි. 21 December 2023
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026