ඇමෙරිකා හමුදා ඊශ්‍රායලයට යවන්නේ නෑ හමාස් සටන්කාමීන් සමඟ දරුණු අවි ගැටුම්වලට මැදිහත් වී සිටින ඊශ්‍රායලයේ සහායට ඇමෙරිකන් සොබළුන් යැවීමේ අදහසක් නොමැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. 10 October 2023
ප්‍රාණ ඇපකරුවන් ඝාතනයට හමාස් සූදානම් ඊශ්‍රායල ගුවන් හමුදාව තව දුරටත් ගාසා තීරයට බෝම්බ හෙලන බව වාර්තා වේ. හමාස් පාලනය යටතේ පවතින ගාසා තීරයට ඊශ්‍රායලය එල්ල කරන දරුණුතම ප්‍රහාර මාලාව මෙයයි. 10 October 2023
ගාසා තීරය මුළුමනින්ම අත්පත් කර ගන්නවා හමාස් කණ්ඩායමේ පාලනය යටතේ පවතින ගාසා තීරය මුළුමනින්ම තමන්ගේ ග්‍රහණයට නතුකර ගැනීමට පියවර ගන්නා බව ඊශ්‍රායලය පවසා තිබේ. මේ වනවිටත් ගාසා තීරයට යැවෙන ජලය සහ ආහාර නැවැත්වීමට කටයුතු කර ඇතැයි පැවැසෙයි. 09 October 2023
පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකාවට ඉන්දියාවෙන් යන්න කියලා ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීමට ඉන්දියාවට ගිය පාකිස්තාන ක්‍රිකට් විස්තර විචාරිකා සයිනැබ් අබ්බාස්ට ඉන්දියාවෙන් පිටවෙන්නැයි නියෝග කර තිබේ. 09 October 2023
ඊශ්‍රායලයේ හදිසි යුද තත්ත්වයක් හමාස් ප්‍රහාරයෙන් පසු, ඊශ්‍රායල රජය, හදිසි යුද තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, ඊශ්‍රායල ගුවන් හමුදාව, දිගින් දිගටම ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දෙයි. 09 October 2023
ෂාරුක්ට මරණ තර්ජන සුපිරි බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ට මරණ තර්ජන ඉල්ල වී ඇතැයි පැවැසෙයි. මේ හේතුවෙන් ෂාරුක් ට විශේෂ ආරක්ෂකයන් 6 දෙනෙකු යෙදවීමට මහරාශ්ට්ර ප්‍රාන්ත බලධාරීන්ට සිදුව ඇතැයි ද ඉන්දීය මාධ්‍ය පවසයි. 09 October 2023
භූමි කම්පාවෙන් 2,000 මැරිලා බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ රික්ටර් පරිමාණයේ ඒකක 6.3 ක් සටහන් කළ ප්‍රබල භූමිකම්පාවෙන් මියගිය ගණන මේ වනවිට 2,000 පසු කර ඇතැයි ඇෆ්ගන් තලේබාන් රජය පවසයි. 08 October 2023
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක් බටහිර ඇෆ්ගනිස්තානය කැලැඹූ භූමි කම්පාවෙන් 15 දෙනකු මියගිය බවත් 78 දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බවත් වාර්තා වේ. 07 October 2023
ඊශ්‍රායලයත් පලස්තීනයත් ඇවිලෙයි ඊශ්‍රායලයත් පලස්තීනයත් අතර මේ වනවිට දරුණු ගැටුම් ඇවිලෙමින් පවතී. එම ගැටුම්වලින් ඊශ්රායලයේත් ගාසා තීරයේත් 200 කට වැඩි පිරිසක් මියගිය බව පැවැසෙයි. 07 October 2023
සිරියාවේ හමුදා පාසලකට ප්‍රහාරයක් සිරියාවේ හොම්ස් නුවර හමුදා පාසලකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමෙන් 80 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 200 ඉක්මවයි. 06 October 2023
බයිඩන්ගේ බල්ලා ධවල මන්දිරයෙන් ඉවත් කෙරේ ධවල මන්දිරයේ ජනපති ආරක්ෂක අංශ නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් රැසක් සපා කෑ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ගේ ‘කොමාන්ඩර්’ නමැති ජර්මන් ෂෙපර්ඩ් බලු සුරතලා ධවල මන්දිරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන තිබේ. 06 October 2023
රුසියාව න්‍යෂ්ටික බලැති මිසයිලයක් හදලා න්‍යෂ්ටික බලැති කෲස් මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට හැකි වුණු බව රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. 06 October 2023
රුසියන් ප්‍රහාරයකින් යුක්රේන වැසියෝ 51 ක් මරුට ගිණිකොනදිග යුක්රේනයේ කාර්කිව් පළාතේ, රෝසා නමැති කුඩා ගම්මානයට රුසියන් හමුදා මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බවත්, එම ප්‍රහාරයෙන් අට හැවිරිදි දරුවකු ද ඇතුළු යුක්රේන වැසියන් 51 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවත් මාධ්‍ය වාර්තා කරයි. 06 October 2023
මෝදි ඉතාමත් බුද්ධිමත් පරිණත ලෝක නායකයෙක් ඉන්දීය ජනාධිපති නරේන්ද්‍ර මෝදි ඉතාමත් බුද්ධිමත්, පරිණත ලෝක නායකයකු යැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසා තිබේ. රුසියන් ජනාධිපතිවරයා මෙසේ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදිට ප්‍රශංසා කරමින් ඔහුගේ ගුණ වර්ණනා කර ඇත්තේ රුසියන් මාධ්‍ය හමුවේ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි. 05 October 2023
අල්ලා ගත් උණ්ඩ මිලියනයක් යුක්රේනයට දීලා යේමනය බලා යත්‍රා කරමින් තිබුණු ඉරාන නැවක් වටලා සෝදිසි කිරීමේ දී භාරයට ගත් උණ්ඩ මිලියන 1.1 ක්, ඇමෙරිකන් රජය යුක්රේනයට ලබා දී තිබේ. 05 October 2023
ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි ඊසානදිග ඉන්දියාවේ සික්කිම් ප්‍රාන්තයට මහ වැසි ඇද හැලෙයි. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මහ වැසි හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 10 දෙනකු මියගොස් 83 දෙනකු අතුරුදන් බවය. 05 October 2023
රුසියන් මාධ්‍යවේදිනියට වසර 8 ක සිරදඬුවමක් රුසියාව යුක්රේනයට එරෙහිව හමුදා ක්‍රියා මාර්ගයක් අනුගමනය කළ අවස්ථාවේදී ප්‍රසිද්ධියේ ඊට විරෝධය දැක්වූ රුසියන් මාධ්‍යවේදිනී මරීනා ඔමිසෙනිකෝවාට අට වසරක් සහ මාස 5 ක සිර දඬුවම් නියම වී තිබේ. 05 October 2023
රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ රසායන විද්‍යා නොබෙල් ත්‍යාගය, විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 04 October 2023
හදි හූනියම් කරනවැයි සීෂෙල්ස් විපක්ෂ නායකයාට චෝදනා හදි හූනියම් සහ අනවින කොඩිවින කරනවා යැයි සීෂෙල්ස් දූපත් රාජ්‍යයේ විපක්ෂ නායකයාට චෝදනා එල්ල වී ඇත. විපක්ෂ නායක පැට්රික් හර්මයිනී එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. ඔහු පවසන්නේ දේශපාලන ප්‍රතිවාදීන් තමන්ට මඩ ගැසීමට උත්සාහ ගන්නා බවය. 04 October 2023
තායිලන්තයේ වෙඩි තැබීමක් තායිලන්තයේ බැංකොක් අගනුවර සුපිරි වෙළෙඳ සංකීර්ණයක සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන දෙකකි. වෙඩි තැබීම කළේ 14 හැවිරිදි ගැටවරයෙකි. පොලිසිය ඔහු අත්අඩංගුවට ගත් බව පැවැසෙයි. 04 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපයි ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජ්‍ය මන්ත්‍රී මණ්ඩල කතානායක රිපබ්ලිකන් පාක්ෂික කෙවින් මැකාතිට සිය ධුරය අහිමි විය. ඒ, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සෙසු රිපබ්ලිකන් සාමාජිකයන්, මැකාති කතා නායක ධුරයෙන් ඉවත් කිරීමට ඉදිරිපත් කළ යෝජනාවෙන් මැකාති පරාජය වූ බැවිනි. 04 October 2023
භෞතික විද්‍යා නොබෙල් තෑග්ග විද්‍යාඥයන් තිදෙනකුට මෙම වසරේ භෞතික විද්‍යාව වෙනුවෙන් පිරිනැමෙන නොබෙල් ත්‍යාගය ඇමෙරිකන් විද්‍යාඥයන් තිදෙනකු අතරේ බෙදී යන බව නොබෙල් කමිටුව නිවේදනය කළේය. 03 October 2023
ඉන්දියාවේ රෝහලක පැය 24 කදී මරණ 24 ක් ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ රජයේ රෝහලක පැය 24 ක් ඇතුළත එහි ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 24 දෙනකු මියගොස් ඇතැයි මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
මැලේරියා එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය මැලේරියාවට එරෙහිව තවත් ප්‍රතිශක්තිකරණ එන්නතකට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය හිමිවී තිබේ. මැලේරියාව මර්දනයට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය දුන් දෙවැනි එන්නත ලෙස මෙය සැලකෙයි. 03 October 2023
අධික උණුසුමෙන් ඇමසන් ඩොල්ෆින්ලා 120 ක් මැරිලා ලොව දුර්ලභ සත්ව විශේෂයක් ලෙස සැලකෙන ඇමසන් නදියට පමණක් ආවේණික රෝස පැහැති ඇමසන් ඩොල්ෆින් මසුන් 120 දෙනකුග් සිරුරු බ්‍රසීලය හරහා ගලා බසින ඇමසන් නදියේ පාවෙමින් තිබියදී හමුවී ඇත. 03 October 2023
ඇමෙරිකන් කතානායක ධුරයෙන් නෙරපන්න හදයි ඇමෙරිකන් නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ කතානායක කෙවින් මැකාති එම ධුරයෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක බව මාධ්‍ය වාර්තා කරයි. 03 October 2023
ට්‍රම්ප් අධිකරණය හමුවට ඇමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප්ට එරෙහි සිවිල් නඩුව නිව්යෝක් අධිකරණය හමුවේ ආරම්භ වූ අතර, ට්‍රම්ප් සිය පුතුන් දෙදෙනා ද සමඟ අධිකරණය හමුවේ පෙනී සිටියේය. 03 October 2023
බංග්ලාදේශයේ ඩෙංගු දරුණුයි බංග්ලාදේශයේ ඩෙංගු ව්‍යාප්තිය ඉතා දරුණු බවත්, මෙම 2023 වසරේ මේ වනවිට, ඩෙංගු රෝගීන් 1,000 කට වැඩි පිරිසක් මියගොස් ඇති බවත් වාර්තා වේ. 03 October 2023
විශ්වයේ ඈත යෝධ අබිරහස් ග්‍රහලෝක තරුවක් වටා ගමන් නොකරන, බෘහස්පති ග්‍රහයා තරම් අති විශාල, ග්‍රහලෝක කීපයක් ඈත විශ්වයේ පාවෙමින් පවතින බව නාසා ආයතනයේ විද්‍යාඥයෝ පවසති. 03 October 2023
වෛද්‍ය විද්‍යා නොබෙල් තෑග්ග ‘කොවිඞ් 19’ එන්නත හැදූ විද්‍යාඥයන්ට වෛද්‍ය විද්‍යාව සඳහා හිමිවන නොබෙල් ත්‍යාගය, ‘කොවිඞ් 19’ වයිරසය සාර්ථකව මර්දනය කිරීමට එන්නත් නිපදවීමට දායකත්වය ලබා දුන් විද්‍යාඥයන් දෙදෙනෙකු වන හංගේරියානු ඇමෙරිකන් විද්‍යාඥ කැටලීන් කරීකෝ සහ ඇමෙරිකන් විද්‍යාඥ ඩෲ වයිස්මන් අතරේ බෙදී ගියේය. 02 October 2023
චාල්ස් රජුගේ මල්ලි අත්අඩංගුවට බ්‍රිතාන්‍යයේ තුන්වන චාල්ස් රජුගේ බාල සොයුරු ඇන්ඩෲ මවුන්ට්බැටන්-වින්ඩ්සර්, රජයේ නිල බලය අනිසි ලෙස භාවිත කිරීමේ සැකය මත පොලිස් අත්අඩංගුවට ගනු ලැබුණි. බ්‍රිතාන්‍ය මාධ්‍ය වාර්තා පෙන්වා දෙන.. 20 February 2026