IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අලි 20,000 ජර්මනියට යවනවා

අලි ඇතුන් 20,000 ක් ජර්මනියට යවනවා යැයි බොට්ස්වානා ජනාධිපති ජර්මන් පරිසර අමත්‍යාංශයට තර්ජනය කර තිබේ. බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී, ජර්මන් පරිසර අමත්‍යාංශයට තර්ජනය කළේ, බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් සම්බන්ධයෙන්, පරිසර අමත්‍යාංශය කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිණි.

දකුණු අප්‍රිකාවට අයත් බොට්ස්වානා රාජ්‍යය අලි ඇතුන් නිසා අර්බුදයකට මුහුණ දෙන රාජ්‍යයකි. ඒ, බොට්ස්වානා වනාන්තරවල අලි ඇතුන් ගහණය පමණ ඉක්මවා ගොසිනි. ලෝකයේ අලි ඇතුන් ග්‍රහණයෙන් තුනෙන් එකක් ජීවත් වන්නේ බොට්ස්වානා රාජ්‍යයේ යැයි පැවැසෙයි. බොට්ස්වානා රජයට අනුව එරට අලි ඇතුන් ගහණය 1,30,000 කි.

අලි ඇතුන් ගහනය අඩු කිරීමට, පසුගිය වසරවල බොට්ස්වානා රජය, එරට අලි ඇතුන් 8,000 ක් අසල්වැසි අප්‍රිකා රටක් වන ඇන්ගෝලාවටත්,  තවත් අලි අතුන් සිය ගණනක් මොසැම්බික් රාජ්‍යයටත් ලබා දී ඇත.

අලි ඇතුන් දඩයම් කිරීමට බොට්ස්වානා රජය, බටහිර යුරෝපා රටවල වැසියන්ට අවසර දී ඇති නමුත් ජර්මනිය සහ මහා බ්‍රිතාන්‍ය ආදී රටවල් බොට්ස්වානා රාජ්‍යයේ අලි ඇතුන් ඝාතනයට විරෝධය පළ කර තිබේ. ඊට අමතරව, එමෙන්ම, අලි ඇතුන්ගේ හිස්, අස්ථි සහ සම ආදියෙන් නිර්මාණය කරන සිහිවටන මහා බ්‍රිතාන්‍යයේත්, ජර්මනියේත් අලෙවිය තහනම් කර ඇත.

අලි ඇතුන් දඩයම් කිරීමට බොට්ස්වානා රජය අවසර දීම සම්බන්ධයෙන් අප්‍රසාදය පළ කරමින් ජර්මන් පරිසර අමත්‍යාංශය නිකුත් කළ නිවේදනයට විරෝධය පළ කරමින්, කෝපයට පත් බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී මෙසේ පැවැසීය.

‘අපට අපේ අලි ඇතුන් ගහණය හිසරදයක්. ඒක ජර්මනියට තේරෙන්නේ නැහැ. අපි අලි ඇතුන් මරා දමනවාට ජර්මනිය විරුද්ධ නම්, අපි ජර්මනියට අලි අතුන් 20,000 ක් යවනවා. එතකොට ජර්මන් වැසියන්ට වැටහේවි අලි ඇතුන්ගේ තරම’ යැයි බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී මාධ්‍ය හමුවේ පැවැසුවේ ආවේගශීලීවය.

බොට්ස්වානා අලි ඇතුන් ඝාතනය සම්බන්ධයෙන් මෙන්ම, අලි අතුන්ගෙන් නිපදවන සැමරුම් බ්‍රිතාන්‍යයට ගෙන්වීම සම්බන්ධයෙන් තහංචි පැනැවූ අවස්ථාවේදී ද කෝපයට පත් වෙමින් අලි ඇතුන් 10,000 ක් ලන්ඩනයේ හයඩ් පිටියට එවනවා යැයි ද බොට්ස්වානා ජනාධිපති මොක්ගුවේට්සී මසීසී ජනාධිපති පවසා ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

අලි 20,000 ජර්මනියට යවනවා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 800 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 465 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site