සෞදි අරාබියේ රියාද් අගනුවරට පැමිණි සිටින පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සහ සෞදියේ ඔටුන්න හිමි සල්මාන් කුමරු අතරේ විශේෂ හමුවක් පැවැත්විණි.
පසුගිය දා පැවැති මහ මැතිවරණයෙන් පසු පාකිස්තාන අග්‍රාමාත්‍ය ධුරයට පත්වීමෙන් පසු ෂෙහ්බාස් ෂරීෆ් සිය පළමු විදෙස් සංචාරය ලෙස මෙසේ සෞදි අරාබියට පැමිණියේය.
පාකිස්තානය දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටී. ඒ සම්බන්ධයෙන් සෞදි කුමරුන් සහ අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
පළුදු වුණු ඉන්දු පාකිස්තාන සබඳතා ශක්තිමත් කර ගැනීම කළ යුතු බව ද එම සාකච්ඡාව අතරතුරේ සෞදි කුමරු, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාට පෙන්වා දුන්නේය.
ඊට අමතරව, ඊශ්‍රායල ප්‍රහාර හමුවේ විපතට පත් වී සිටින ගාසා පලස්තීන වැසියන් සම්බන්ධයෙන් ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයාගේත් සෞදි කුමරුන්ගේත් අවධානය යොමු විය.
එම සාකච්ඡාවලින් පසු, සෞදි අරාබිය සහ පාකිස්තානය ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින්, ඊශ්‍රායලයට බල කර ඇත්තේ, ගාසා තීරයට එල්ල කරන ප්‍රහාර වහා නවත්වන ලෙසටය.
(ප්‍රෙස් ටීවී)
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාකිස්තාන අගමැති සෞදි කුමරු හමුවෙයි