IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ගාසාවට පහර දෙමින් නෙදන්යාමු කළේ වරදක්

හමාස් සටන්කාමීන් මුලිනුපුටා දැමීමේ අරමුණින්, ගාසා තීරයට පහර දෙමින්, ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ලැබෙන ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර වැලැක්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණය ‘වැරදි තීරණයක්’ බව ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන් පවසයි.

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට එරෙහිව පහර දෙන්නැයි ඊශ්‍රායල හමුදාවට අණ ලබා දුන්නේ, ඊශ්‍රායල යුද කවුන්සිලයේ අනුමැතිය ඊට හිමිවීමෙන් පසුවය. ඊශ්‍රායල යුද කවුන්සිලය, ගාසා තීරයට පහර දීමට අනුමැතිය දුන්නේ, පසුගිය ඔක්තෝබරයේ හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීමක් ලෙසය.

හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට කඩා වැදී කළ ප්‍රහාරය ඇමෙරිකාවේ දැඩි විරෝධයට හේතුවක් වූ අතර, හමාස් සටන්කාමීන්ට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට නෛතික අයිතියක් ඊශ්‍රායලයට ඇති බව ඇමෙරිකා ජනාධිපති බයිඩන් එම අවස්ථාවේදී පැවැසුවේ, ඊශ්‍රායලයට කොන්දේසි විරහිතව සහාය පළ කරන බව අවධාරණය කරමිණි.

ඊශ්‍රායලය හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර මාස 6 ක් ගත වී ඇති අතර, එම මාස 6 ඇතුළත ගාසා තීරයේ පලස්තීන වැසියන් 33,000 ක් මියගොස් තිබේ. ප්‍රහාරවලින් විපතට පත් වුණු පලස්තීන වැසියන්ට ඖෂධ සහ නිවාස අහමි පලස්තීන වැසියන්ට ආහාර ලබා දීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කර ඇති නමුත්, ඊශ්‍රායලය ඊට බාධා කරයි. ඒ අනුව, ඖෂධ හෝ ආහාර හෝ ගාසා තීරයට ලැබෙන්නේ නැත.

ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, මේ සම්බන්ධයෙන් කනස්සල්ල ඵල කර ඇති අතර, පලස්තීන වැසියන්ට ලැබෙන ආහාර සහ ඖෂධ ඇතුළු මානුෂීය ආධාර වැලැක්වීමට ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු ගත් තීරණය ‘වැරදි තීරණයක්’ බව පෙන්වා දුන්නේ, ස්පාඤ්ඤ රූපවාහිනී පුවත් නාළිකාවක් සමඟ සම්මුඛ සාකච්චාවකට එක් වෙමිනි.

පසුගියදා ඊශ්‍රායල හමුදා එල්ල කළ මිසයිල ප්‍රහාරයකින්, ගාසා වැසියන්ට ආහාර රැගෙන යමින් සිටි එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ නමැති රාජ්‍ය නොවන සංවිධානයේ සහන සේවකයෝ 7 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

එම සිද්ධිය සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ඇමෙරිකන් ජනාධිපති බයිඩන් වැඩි දුරටත් පැවැසුවේ එය ඉතාමත් ඛේදනීය සිද්ධියක් බවය. ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවකයන් මියයෑම සම්බන්ධයෙන් කනගාටුව පළ කර තිබේ.



අදහස් (0)

ගාසාවට පහර දෙමින් නෙදන්යාමු කළේ වරදක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1718 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site