IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ඇමෙරිකන් ජනපතිගෙන් ඊශ්‍රායල අගමැතිට ඇමතුමක්

ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, පිඩාවට පත් ගාසා පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම වේගවත් කළ යුතු බවත්, හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරද්දී, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බවත් ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට පැවැසීය.

ඇමෙරිකන් ජනාධිපතිවරයා, ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට මේ බව පැවැසුවේ දුරකතන ඇමතුමක් ලබා දෙමිනි. එම දුරකතන කතාබහ මිනිත්තු 30 ක් තිස්සේ පැවැති බව ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

ගාසා තීරයේ පලස්තීන වැසියන්ට ආධාර ලබා දීම වේගවත් කළ යුතු බවත්, පලස්තීන සිවිල් වැසියන් ආරක්ෂා කිරීමට දැඩි ක්‍රියා මාර්ග අනුගමනය කළ යුතු බවත් ජනාධිපති බයිඩන් පැහැදිලි කළේ හමාස් සටන්කාමීන්ට එරෙහි සටනේ දී ඇමෙරිකාවේ සහාය දිගටම ඊශ්‍රායලයට හිමි වන බවට සහතිකයක් ද ලබා දෙමින් යැයි පැවැසෙයි.

පසුගියදා ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ නමැති ජාත්‍යන්තර සහන සේවා සංවිධානයේ විවිධ රටවල සහන සේවකයන් හත් දෙනකු ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇමෙරිකන් ජනාධිපතිවරයාගේ වැඩි අවධානයක් යොමු විය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායලයට යුද අපරාධ චෝදනා එල්ල වීමට ද පටන් ගෙන තිබේ.

පලස්තීන සිවිල් වැසියන්ගේ ජීවිත පමණක් නොව, ගාසා තීරයට ආධාර ලබා දීමට පැමිණෙන විදෙස් සහන සේවකයන්ගේ ආරක්ෂාව ද තහවුරු කිරීමට ඊශ්‍රායලය වගබලාගත යුතු යැයි බයිඩන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයාට අවධාරණය කළේ ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සංවිධානයේ සහන සේවකයන් මියයෑම මුල්කොට ගනිමිනි.

ඊශ්‍රායල ගුවන් හමුදාව, ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සහන සේවකයන් ගමන් කරන්න වූ රිය පෙළක් ඉලක්ක කර ගනිමින් පහර දුන්නේ එම රථවල සිටින්නේ කවුරුන්දැයි දැනගෙන යැයි ‘වර්ල්ඞ් සෙන්ට්‍රල් කිචන්’ සංවිධානයේ නිර්මාතෘ හෝසේ ඇන්ද්‍රේස් චෝදනා නගා ඇත. ජාත්‍යන්තර සහන සේවකයන් මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊශ්‍රායල අග්‍රාමාත්‍යවරයා සමාව ඉල්ලීමක් ද කර ඇත. ඒ, බරපතල ආකාරයේ වරදක් සිදුවුණු බව ද පවසමිනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඇමෙරිකන් ජනපතිගෙන් ඊශ්‍රායල අගමැතිට ඇමතුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1718 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1429 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 512 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site