IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනෙක් සිරවෙලා

තායිවානයේ නැගෙනහිර වෙරළ තීරයට බලපෑ රික්ටර් මාපකයේ ඒකක 7.4 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමි කම්පාවෙන් මියගිය ගණන 20 පසු කළේය.

තුවාල ලැබූ ගණන 1,000 කට වැඩිය. තායිවාන බලධාරීන් පැවැසුවේ, බිමට සමතලා වුණු නිවාස සහ ගොඩනැගිලිවල සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනකු සිටින බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවය.

නිවාස සහ ගොඩනැගිලි සුන්බුන් අතරේ සිරවුණු පිරිස් බේරා ගැනීමේ මෙහෙයුම් පැය 24 පුරා සිදුවෙයි. භූමි කම්පාව හේතුවෙන් පතලක සිරවී සිටි පතල්කරුවන් පිරිසක් ද බේරා ගැනීම සිදුවිය.

තායිවානය යනු චීනය ද අයිතිය ඉල්ලන, චීනය අසල පිහිටි දූපත් රාජ්‍යයකි. වසර 25කට පසුව එරටට බලපෑ ප්‍රබලතම භූමි කම්පාව මෙය යැයි පැවැසෙයි. තායිවාන භූ කම්පනයේ අපිකේන්ද්‍රය සටහන් වූයේ එරට නැගෙනහිර වෙරළබඩ හුවාලියෑන් නගරයට කිලෝමීටර් 18ක් පමණ දුරින් පැසිෆික් සාගර පතුළේය.

භූමි කම්පාවේ ප්‍රබලත්වය තායිපේ අගනුවරට දැනුණි. තායිපේ අගනුවර නිවාස සහ ගොඩනැගිලි රැසකට ද හානි සිදුවිය. සහන සේවකයන් පවසා ඇත්තේ නිවාස සහ ගොඩනැගිලි 100 කට පමණ හානි සිදුවී ඇති බවත්, ගොඩනැගිලි 100කට පමණ හානි සිදුවී ඇති අතර, සුන්බුන් මැද සිරවී සිටින 130ක පමණ පිරිසක් මුදාගැනීම සඳහා මෙහෙයුම් දියත් කර තිබේ.
සිර වී සිටින පිරිසෙන් 80 දෙනකු පමණ සිරවී සිටින්නේ කඳුකර උමං මාර්ගවලය. එම පිරිස අතරේ විදේශිකයෝ ද වෙති. භූමි කම්පාවත් සමඟ තායිවානයේ කඳුකර පළාත් කීපයක නායයෑම් සිදුවිය. මාර්ග ද අවහිර විය. කඳු නගිමින් සිටි පුද්ගලයන් සිවු දෙනකු ද මියගිය බව වාර්තා වේ.

රික්ටර් මාපකයේ ඒකක 7.4 ක් සටහන් කළ එම ප්‍රබල භූමි කම්පාවෙන් පසු රික්ටර් මාපකයේ ඒකක 6.5ක ප්‍රබලත්වයෙන් යුතු පසු කම්පනයක් ඇතුළු කම්පන 100 ක් ද හටගත් බව පැවැසෙයි. ඉදිරියේදී තවත් ප්‍රබල අතුරු භූ කම්පන හට ගැනීමේ ඉඩක් ද පවතී.

රික්ටර් මාපකයේ 7.4 ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයෙන් පසු තායිවානයට, අසල්වැසි ජපානයට සහ පිලිපීනයට සුනාමි අනතුරු ඇඟවීම් නිකුත් කෙරුණත් පසුව එම අනතුරු ඇඟවීම ඉවත් කෙරුණි. තායිවානයට මීටර් භාගයක උසැති සුනාමි රළ කඩා වැදුණු අතර, ජපානයේ ඔකිනාවා දිස්ත්‍රික්කයට මීටර් 0.3 ක උසැති උදම් රළ කඩා වැදුණි.

ආපදා තත්ත්වය හමුවේ, තායිවානයේ ප්‍රබලතම ප්‍රතිවාදියා මෙන්ම සමීප අසල්වැසියා වන චීනය ආපදාවේදී ඔවුන්ට සහන සැලසීමේ සූදානමින් පසුවන පුවතක් ද විදෙස් මාධ්‍ය වාර්තා කළේය. කෙසේ නමුත් තායිවානය තවමත් ඊට ප්‍රතිචාර දැක්වීමක් කර නැත.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

සුන්බුන් අතරේ තවත් බොහෝ දෙනෙක් සිරවෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 687 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 553 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 448 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site