
රුසියාවට එල්ල වුණු ප්‍රහාරය අයි.එස්.අයි.එස් ඉස්ලාමීය ත්‍රස්තවාදීන් ක්‍රියාවක් බව තහවුරු වුවත්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ට අවශ්‍ය වී ඇත්තේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්රේනයට දොස් නැගීමට යැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී පවසයි.
රුසියාවට අයි.එස්.අයි.එස්. ප්‍රහාරය එල්ල වූයේ රුසියන් ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දුර්වල නිසා බැවින් යැයි යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කී පෙන්වා දී ඇත.
රුසියාව සමග යුද ගැටුම් පැවැතියත්, අහිංසක රුසියානුවන් ඝාතනය කිරීමට ත්‍රස්ත කණ්ඩායමක් යැවීම, යුක්රේනය කිසිවිටෙකවත් සිදු නොකරන බව ද සෙලෙන්ස්කී අවධාරණය කර ඇත.
(එන්.ඩී.ටීවී)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd