IMG-LOGO

2025 ඔක්තෝබර් මස 31 වන සිකුරාදා


ලොව විශාලතම කුරානය

අතින් ලියූ, ලොව විශාලතම, ශුද්ධ වූ කුරානය පිළිබඳ වාර්තා යළිත් අලුත් කිරීමට ඉන්දියාවේ රාජස්ථානයේ ව්‍යාපාරිකයකු සමත් වී සිටින බව විදෙස් මාධ්‍ය පවසයි.

අක්ෂර වින්‍යාසය පිළිබඳ ප්‍රවීණයෙකු වන මවුලානා ජමීල් අහමඩ් විසින් මෙම කුරානය අත්අකුරින් අක්ෂරකරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

රාජස්ථානයේ චිත⁣ගෝර්හි හි ධනවත් ව්‍යාපාරිකයෙකු වන හජි ෂයර් ඛාන්ගේ අදහසකට අනුව, ආරම්භ වුණු මෙම කාර්යය සඳහා දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් එක් වී ඇත.

වසර දෙකක තුළ, රචනා කළ මෙම දැවැන්ත ශුද්ධ වූ කුරානය කිලෝග්‍රෑම් 260 ක බරකින් යුක්තය. ලොව බරින් වැඩිම කුරානය ලෙස වාර්තා අතරට එක් වන්නේ මෙයයි.

අඩි 10.5 ක පළලින් හා අඩි 7.6ක දිගින් යුත් මෙම කුරානය එසවීම සදහා 20ත් 25ත් අතර පිරිසකගේ සහාය අවශ්‍ය වන බව ද පැවැසෙයි.

මෙම කුරානයේ අන්තර්ගතය කියවීම සදහා පිවිසීමට ඉණිමඟක් භාවිත කළ යුතු බවත් ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් කියා සිටී.

සාම්ප්‍රදායික ක්‍රම භාවිත කර ජායිපූර් හා සංගනේරිහි අතින් නිපදවූ කඩදාසි භාවිත කර, මෙම අත්අකුරින් ලියූ දැවැන්ත කුරානයේ පොත සකසා ඇතැයි ද පැවැසෙයි.

ආකර්ෂණීය රිදී පැහැ පිටකවරයකින් සමන්විත එම කුරානය, 'කුරාන් ඊ කරීම්' යනුවෙන් නම් කර ඇතැයි ද ඉන්දීය මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙයි.



අදහස් (0)

ලොව විශාලතම කුරානය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1738 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1436 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 516 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site