
ඇෆ්ගනිස්තානයේ කන්දහාර් නුවර මහ බැංකුවට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයත් එල්ල විය.
එම ප්‍රහාරයෙන් 21 දෙනකු මියගිය බවත් 15 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ඇෆ්ගනිස්තානයේ ප්‍රචණ්ඩ ක්‍රියා සිදු කරන අයි.එස්. හෙවත් ඉස්ලාමික් ස්ටේට් ත්‍රස්තයන් එම බෝම්බ ප්‍රහාරයේ වගකීම බාරගෙන ඇත.
බෝම්බ ප්‍රහාරය එල්ල වූයේ ඇෆ්ගනිස්තානයේ වේලාවෙන් උදෑසන 8 ට පමණි. ඒ වනවිට බැංකුව ඉදිරිපිට 150 දෙනකු පමණ සිටි බව පැවැසෙයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් කීප දෙනකුගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බව කන්දහාර් පොලිසිය පවසයි.
ඇමෙරිකන් හමුදා පිටව යෑමෙන් පසු ඇෆ්ගනිස්තානයේ ක්‍රියාත්මක වන්නේ තලේබාන් පාලනයකි. අයි.එස් ත්‍රස්වාදීන් තලේබාන් සමඟ ගැටුම් ඇති කර ගනී. කන්දහාර් යනු තලේබාන්වරුන්ගේ උපත සිදුවුණු නගරයයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd