
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයා ගැනීමට හැකිවුණු බව බොල්ටිමෝර් නගර බලධාරීහු පැවැසූහ.
හමුවුණු දෙදෙනා සංක්‍රමණික සේවකයන්ය. ඔවුන් දෙදෙනා 35 හැවිරිදි අලෙහැන්ද්‍රෝ හර්නන්ඩස් ෆුයෙන්ටස් සහ 26 හැවිරිදි ඩොර්ලියන් රෝනියල් බව පොලිසිය කියයි. මොවුන්ගේ සිරුරු හමුවී ඇත්තේ බොල්ටිමෝර් වරාය අශ්‍රිතවය. අතරුදන් ඉතිරි සිවු දෙනාගේ සිරුරු සොයමින් දිගටම සෝදිසි මෙහෙයුම් සිදුවෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ විදිහට නැව් ඇවිල්ලා හැපෙන්න කළින් මේ සියලුම කාණු වටේට ආරක්ෂක බැමි යොදවලා තියන්න..