
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
මෙය සිදුවනු ඇත්තේ, ගෝලීය උණුසුම ඉහළ යෑමේ අනිසි ප්‍රතිඵලයක් නිසා යැයි ද විද්‍යාඥයෝ පෙන්වා දෙති. ගෝලීය උණුසුම දිනෙන් දින ඉහළ යන්නේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනි.
ගෝලීය උණුසුම ඉහළ යද්දී, ධ්‍රැවීය අයිස් තට්ටු දියවීම වේගවත් වෙයි. එය පෘථිවියේ හරයට බලපෑම් එල්ල කරයි. පෘථිවිය කැරැකෙන වේගය වැඩිවෙයි. ඒ අනුව, අනාගතයේ දිනයක, හෝරා සටහන්කරුවන්ට පෘථිවියේ ඔරලෝසුවල වේලාව, එක තප්පරයක් අඩු කිරීමට සිදුවනු ඇත.
මෙය මීට පෙර ලෝක ඉතිහාසයේ සිදු නොවූ දෙයක් වීම විශේෂත්වයකි.
තත්පරයකින් කාලය වෙනස් වීම, සුළු දෙයක් යැයි සිතුණත්, අප ජීවත් වන්නේ පරිගණක සමඟ බැදුණු ඩිජිටල් යුගයක බැවින්, කාලය අඩු වීම පරිගණකවලටත්, ඒවා පරිහරණය කරන අපටත් බලපෑමක් එල්ල කරනු නොඅනුමානය.
මෙම කාල වෙනස සම්බන්ධයෙන් තොරතුරු ලොවට අනාවරණය කළේ ඇමෙරිකාවේ, සැන්ඩියේගෝ හි, කැලිෆෝනියා විශ්ව විද්‍යාලයේ, භූ භෞතික විද්‍යාඥ ඩන්කන් ඇග්නිව්ය.
ඇග්නිව් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මේ සම්බන්ධයෙන් පැහැදිලි කරමින්, විද්‍යා සඟරා බොහොමයක ලිපි පළ කර තිබේ. මෙම තත්පරය අඩු වීම සිදුවනු ඇත්තේ අද හෙට නොවන බවත්, 2029 වසරේ සිට බවත් විද්‍යාඥ ඩන්කන් ඇග්නිව් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
විද්‍යාඥයන්ට අනුව, දිනයකට තත්පර 86164.09 කි. කාලය මනින විද්‍යාඥයෝ මේ සම්බන්ධයෙන් නිරන්තරයෙන් අවධානයෙන් පසුවෙති. පසුගිය වසර කීපයේ, විටින් විට මෙම තත්පර තත්පර 86164.09 න්, මිලි තත්පර 0.05 ක වැනි සුළු අඩුවක් පෙන්නුම් කෙරුණි.
එසේ වන්නේ පෘථිවි භ්‍රමණ වේගය වැඩිවීම නිසා බව තහවුරු වූ අතර, ඩන්කන් ඇග්නිව් සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම ඒ සම්බන්ධයෙන් වැඩි දුර සොයා බලන්න පටන් ගත්තේය. 2029 වසර වෙද්දී එක තත්පරයකින් කාලය අඩු වෙන බව අනාවරණය කර ගැනීමට ඇග්නිව් සහ කණ්ඩායම සමත් වූයේ ඒ අනුවය.
(සී.එන්.එන්.)
 2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1739										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1436										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1436										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 516										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
පෘථවියේ වෙලාව වෙනස් වේවිද?